Pages

Monday, February 11, 2013

අගමැති අම්බුළුවාවේ නිධන් ගත්තා – ශාන්තභද්‍ර හිමි

අගමැති අම්බුළුවාවේ නිධන් ගත්තා – ශාන්තභද්‍ර හිමි
අම්බුළුවාව නිදන් කොල්ලයට තමන් සම්බන්ධ නැතැයි අගමැතිවරයා කර ඇති ප‍්‍රකාශය අසත්‍ය බව අම්බුළුවාවේ ධර්ම ගවේෂී විහාරාධිපති උනන්විටියේ ශාන්ත භද්‍ර හිමියෝ පවසති.

තමන් අම්බුළුවාවෙන් කිසිදු නිධානයක් නොගත් බවට අග්‍රාමාත්‍යවරයා විසින් කළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙන් එහිමියෝ මේ බව පවසා ඇත්තේ සති අන්ත මවුබිම පුවත්පතටයි.

අම්බුළුවාව සර්ව ආගමික පුදබිමේ දි.මු. ජයරත්න මහතා නිධානය ලබාගත් බවට දැනටද සාක්‍ෂි ඇති බව පවසන ඒ හිමියන් අඩි 500ක් ගැඹුරු ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාව ඉදිකර ඇත්තේ නිධානය ලබාගැනීමට හෑරූ ස්ථානයේ බවද කියා සිටිති.

තමන්ට දරුවන් පස්දෙනකු සිටින බවට අපහාස කරමින් අගමැතිවරයා තම නිවැරැදිභාවය ඔප්පු කිරීමට උත්සාහ ගන්නා බවත් දින 7ක් මුළුල්ලේ පිරිත් සජ්ජායනා කරමින් මේ නිධානය ලබාගෙන ඇති බවත් ශාන්ත භද්‍ර හිමියෝ වැඩිදුරටත් හෙළිකර ඇත.

තමාට කිසිදු පක්‍ෂයක් නොමැති බවත්, පසුගිය ඡන්දය කාලයේදී වත්මන් ජනාධිපතිවරයා පරාජය කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කටයුතු කෙළේ ජයරත්න මහතා බවද ශාන්ත භද්‍ර හිමියෝ වැඩිදුරටත් පවසති.

අගමැති අම්බුළුවාවේ නිධන් ගත්තා – ශාන්තභද්‍ර හිමි
February 10, 2013 at 10:01 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/90138/

0 comments: