Pages

Wednesday, February 20, 2013

මුස්‌ලිම් මූලධර්මවාදීන් අපේ සිංහල රට ක්‍රමයෙන් ආක්‍රමණය කරනවා

- ලෝක බෞද්ධ සම්මේලන උප සභාපති මැදගම ධම්මානන්ද හිමි

මුස්‌ලිම් මූලධර්මවාදීන් විසින් ඉතා සැළසුම් සහගතව අපේ සිංහල රට ක්‍රමයෙන් ආක්‍රමණය කිරීමට කටයුතු කරමින් සිටින බව ලෝක බෞද්ධ සම්මේලන උප සභාපති හා මහනුවර ජයග්‍රහණ සංවිධානයේ අධ්‍යක්‍ෂ සියම් මහා නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පැවැසූහ.

සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන් දැනුම්වත් කිරීම සඳහා කටුගස්‌තොට බෞද්ධ බලමණ්‌ඩල ශ්‍රවණාගාරයේ පැවැති රැස්‌වීමක්‌ ඇමැතූ උන්වහන්සේ එසේ පැවැසූහ.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌ වූ උන්වහන්සේ, ශතවර්ෂ ගණනාවක්‌ මුස්‌ලිම් ජනතාව සමඟ කටයුතු කළ සිංහල ජනතාව වළපල්ලට ඇඳ දමා ඔවුන්ගේ බල පරාක්‍රමය පතුරුවාලීමට කටයුතු කරමින් සිටිනවා. බොදු බල සේනා සංවිධානයෙන් හා වෙනත් බෞද්ධ සංවිධානවලින් කරන ලද සමීක්‍ෂණවලින් ඒ බව තහවුරු වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඔවුන් සමඟ ගැටුම් ඇතිකර නොගෙන සාකච්ඡා මාර්ගයෙන් සාමකාමීව විස¹ ගැනීමට සූදානම්. ඒ වගේම රජය ද මේ තත්ත්වය අවබෝධ කරගෙන සාධාරණ අයුරින් මේ ගැටලු විස¹ ලීමට ක්‍රියා කළ යුතුයි.

ජයග්‍රහණ සංවිධානයේ ලේකම් නලීන් නානායක්‌කාර මහතා, පුංචි පවුල රත්තරන් යන තේමාව යටතේ සිංහල බෞද්ධ ජනතාව වඳ සැත්කම් කර එක පවුලක දරුවන් දෙදෙනකුට සීමා කළා. මුස්‌ලිම් පවුල ඒ ගැන කිසිම සැළකිල්ලක්‌ නොදක්‌වා හැකි තරම් දරුවන් බිහි කිරීමට කටයුතු කළා.

මෙහිදී අස්‌ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරංපනාවේ ආනන්ද හිමියෝ හා අස්‌ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික කුඹුක්‌කඩවල පුණ්‍යරතන හිමියෝ ද රැස්‌වීම ඇමැතූහ.

කටුගස්‌තොට - එස්‌. එදිරිසිංහ 
http://www.divaina.com/2013/02/20/provin.html

0 comments: