Pages

Thursday, February 21, 2013

හලාල් සහතිකයට එජාපය විරුද්ධයි

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්‌ක

එක්‌සත් ජාතික පක්‍ෂය හලාල් සහතිකයට විරුද්ධ බව එම පක්‍ෂයේ බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්‌ක මහතා ඊයේ (20 වැනිදා) පැවැසීය.

මෙම සහතිකය වහාම අවලංගු කළ යුතු යෑයි පැවසූ ඒ මහතා හලාල් සහතිකය පිළිබඳව රජයේ මතය කුමක්‌දැයි වහාම හෙළි කළ යුතු බවද ප්‍රකාශ කළේය.

හලාල් සහතිකය අවලංගු කිරීමට පියවර නොගන්නේ නම් ඊට විරුද්ධව උද්ඝෝෂණ ව්‍යාපාරයක්‌ පිළියන්දලින් ආරම්භ කරන බව විපක්‍ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී පළාත් සභා මන්ත්‍රීවරයා කීය.

අකිත පෙරේරා | http://www.divaina.com/2013/02/21/news07.html

0 comments: