Pages

Monday, September 2, 2013

මුසලුවන් ගෙන්වන, සිහලුන් බී නැසෙන, ආසියාවම පරාජය කළ මුසලු කුඩු ජාවාරම

පාකිස්තානයේ කරච්චි නුවර සිට නෞකා මගින් මෙරටට ගෙන එන අඩි 40 දිග කන්ටේනරයක තිබුණු ග්‍රීස් ටින් තොගයකින් රුපියල් කෝටි 100කට අධික වටිනාකමක් ඇති හෙරොයින් කිලෝ 300කට ආසන්න  ප්‍රමාණයක් සොයාගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ‍පොලිස් පරීක්ෂණයක් පැවැත්වීමට ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ  අවධානය යොමු වී ඇත. ග්‍රීස් ටින් 17,000ක් අඩංගු එම කන්ටේනරය පාකිස්තානයෙන් නැව්ගත කළ පාකිස්තානු ජාතිකයා මෙන්ම මෙරටදී එම කන්ටේනරය භාර ගැනීමට  සිටි මාලිගාවත්තේ පදිංචි අයෙකු ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ආසියාතික රටකින් එක් තැනකදී මෙතරම් හෙරොයින් තොගයක් හමුවී නැති බැවින් මෙය ආසියාවේ එක් ස්ථානයකදී සොයාගත් වැඩිම හෙරොයින් තොගය වන බවද ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විශ්වාස කරයි. දකුණු ආසියාවේ මත්ද්‍රව්‍ය පාලන මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ ද ශ්‍රී ලංකාවේය. 

එබැවින් පාකිස්තානයේ මත්ද්‍රව්‍ය පාලක කාර්යාංශය සමග එක්ව මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කෙරෙන බව උසස් ‍පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. ඉකුත් ජූලි මාසයේ දී මෙරටට ගෙන්වා ඇති එම කන්ටේනරය මතෛක් කාලයක් තිබි ඇත්තේ ඔරුගොඩවත්තේ පිහිටි රේගු අංගනයේය. ඊට හේතු වී ඇත්තේ ග්‍රීස් ආනයනය කිරීමේ දී ඊට බලපත්‍රයක් අවශ්‍ය බැවින් කන්ටේනරය මුදා ගැනීමට පැමිණි පුද්ගලයාට එම බලපත්‍රය නොමැතිකම නිසාය.

ඒ අතරතුර ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය එම කන්ටේනරය මෙරටදී භාරගන්නට සිටි පුද්ගලයාවත්, පාකිස්තානුවාවත් අත්අඩංගුවට ගෙන ඉකුත් සිකුරාදා (30) එම කන්ටේනරය ශ්‍රී ලංකා රේගු නිලධාරීන් සමග එක්ව විවෘත කර තිබේ. ටින් තුළ  ඉතා සූක්ෂමව අසුරා තිබුණු හෙරොයින් හමුවන්නේ එවිටය.

ආසියාවේ විශාලතම හෙරොයින් තොගයකොළඹින් අල්ලයි
ගයාන් කුමාර වීරසිංහ - 2013 අගෝස්තු 31  10:30 a:m
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=16860:2013-08-31-05-04-28&catid=34:news&Itemid=62

0 comments: