
වයස අවුරුදු 18-19 ත් අතර සෝමාලියානු හා අරාබි ජන්ම උරුමය ඇති මෙම පුද්ගලයන් මිනඝෝටා ප්‍රාන්ත වැසියන් බව සොයාගෙන ඇත.
අල් ශබාබ් ත්‍රස්‌තයෝ සුපිරි සාප්පු සංකීර්ණයට කඩා වැදී මුස්‌ලිම් ආගමිකයන්ට වහාම ඉවත් වන ලෙස පවසා ඇත. මහම්මත්තුමාගේ මවගේ නම කිව නොහැකි අය තෝරා ගනිමින් වෙඩි තබා ඇති බව විදෙස් මාධ්‍ය කියයි.
අල් කයිඩා සංවිධානය සමග සම්බන්ධතා පවත්වන අල් ශබාබ් ත්‍රස්‌ත කණ්‌ඩායම මේ ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර තමන් මේ ප්‍රහාරය එල්ල කරන්නේ කෙන්යානු හමුදා සෝමාලියාවේ සිදු කරන මෙහෙයුම්වලට එරෙහිව බව ප්‍රකාශ කර ඇත.

කෙන්යානු හමුදා භටයෝ හාරදහසක් සෝමාලියාවේ මෙහෙයුම්වල නිරත වී සිටිති. වෙස්‌ට්‌ගේට් සුපිරි වෙළෙඳ සංකීර්ණය ධනවත් කෙන්යානුවන් හා විදේශිකයන් නිතර රැස්‌වන ස්‌ථානයකි. මේ ප්‍රහාරයෙන් බ්‍රිතාන්‍ය, ප්‍රංශ, කැනඩා, නෙදර්ලන්ත, ඔස්‌ටේ්‍රලියා, පේරු, ඉන්දියාව, ඝානා, දකුණු අප්‍රිකාව හා චීනය යන රටවල පුරවැසියන් මරණයට පත්වී ඇත.
මෙම ප්‍රහාරය එල්ල කළ ත්‍රස්‌ත කණ්‌ඩායමේ නායිකාවක් ලෙස බ්‍රිතාන්‍ය ජාතික සමන්තා ලුක්‌වේට් කටයුතු කර ඇත. ඇය 2005 දී ලන්ඩනයේ ජුලි 07 වැනිදා ප්‍රහාරය එල්ල කළ ත්‍රස්‌තයකුගේ වැන්දඹු බිරිඳයි.
එරික් ගාමිණි
http://www.divaina.com/2013/09/28/forign02.html
0 comments:
Post a Comment