Pages

Sunday, September 15, 2013

ප්‍රා/සභාපති විරුද්ධ වූ බුලත්සිංහල ධර්මායතනයට ගිනි තබති

බුලත්සිංහල ඈගල්ඔය පාරමිතා විශ්ව සමාධි ධර්මායතනයට කිසියම් පිරිසක්‌ විසින් පෙරේදා (11 වැනිදා) පෙට්‍රල් දමා ගිනි තබා විනාශ කර තිබේ. මෙම ගිනි තැබීමෙන් විහාරස්‌ථානයේ බුදු පිළිම, පූජා භාණ්‌ඩ, පිරිකර ද මුළුමණින්ම දැවී විනාශ වී ඇති අතර, විහාරාධිපති වෑවල සීලරතන හිමියන්ගේ ජීවිතය බේරී ඇත්තේ ගින්නත් සමග අවදි වී පිටතට පැන ගැනීම නිසාය.

බෝධීන් වහන්සේ හා බුදු මැදුරට සමීපව ඇති කුටියේ වෑවල සීලරතන හිමියන් සැතපී සිට ඇති අතර, ගින්නෙන් අවදි වූ සීලරතන හිමියන් බුලත්සිංහල පොලිසියට සිද්ධිය ඒ මොහොතේදීම දැනුම් දී තිබේ. ඒ සමගම සාමණේර හිමිවරුන් කෑගසා සිද්ධිය අවට ගම්වාසීන් වෙත පවසා ඇත. සාමණේර හිමිවරුන්ගේ කෑ ගැසීම ඇසී ආ ජනතාව වතුර ගසා ගින්න පැතිර යැම නතර කර තිබේ. මාපිය වන්දනා වැඩසටහන් පවත්වමින් රට පුරා ධර්ම සංචාරයෙහි නිරතවන තමාගේ ජීවිතය විනාශ කිරීම උදෙසා මෙම ගිනිතැබීම සිදුකර ඇති බවට සැකකරන බව බුලත්සිංහල පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා වෙත සීලරතන හිමියන් කරන ලද පැමිණිල්ලක සඳහන් වේ.

මෙම ධර්මායතනය ඉවත් කරගන්නා ලෙස මාස කීපයකම සිට සීලරතන හිමියන් වෙත බලපෑම් එල්ල වී ඇත. බුලත්සිංහල මිල්ලකන්ද ඇන්ඩර්සන් වතුයාය සමීපයේ ඉඩම් ප්‍රතිසංස්‌කරණ කොමිසමට අයත් භූමියක බෝධියක්‌ අසල මෙම ධර්මායතනය සීලරතන හිමියන් විසින් ආරම්භ කර ඇත්තේ ඈගල්ඔය සුනන්දාරාමයේ විහාරාධිකාරිවරයා ලෙස සිටියදී ඉන් ඉවත්ව යන ලෙස විහාරාධිපති හිමියන් කරන ලද ඉල්ලීමක්‌ නිසාය. සීලරතන හිමියන් සිය ගෝල හිමිවරුන් නව දෙනකු සමග විහාරස්‌ථානයෙන් පිටත්ව පාරමිතා ධර්මායතනය ආරම්භ කොට පසුගිය වස්‌ පොහොය දින සිට එහි නේවාසිකව වාසය කළහ. 11 වැනිදා මතුගම දිසා අධිකරණයේදී පාරමිතා ධර්මායතනයට විරුද්ධව කරන ලද පැමිණිල්ලක්‌ විභාග වීමට නියමිතව තිබිණි.

පෙට්‍රල් දමා ගිනි තැබීම නිසා සීලරතන හිමියන් වාසය කළ කුටිය ගිනිගෙන තිබේ. සැතපී සිටින ලද ඇඳ ද ගිනිගෙන දැවී ගොස්‌ තිබුණි. 

අපරාධකරුවන් අල්ලා ගැනීම සඳහා බුලත්සිංහල ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ගයාන් ගුණරත්න සහ මතුගම සහකාර පොලිස්‌ අධිකාරි පියරත්න යන මහත්වරුන් පොලිස්‌ අධිකාරි රොෂාන් ද සිල්වා මහතාගේ උපදෙස්‌ මත පරීක්‍ෂණ පැවැත්වේ.

සිද්ධිය වූ ස්‌ථානයට මේ වන විට කළුතර පොලිස්‌ නිල සුනඛ අංශයේ නිල සුනඛ ග්‍රේරෝ කැඳවා පරීක්‍ෂණ පවත්වමින් සිටින අතර (44839) දුමින්ද මහතා ඇතුළු විශේෂ කණ්‌ඩායමක්‌ ඊට එක්‌ව සිටිති. ප්‍රදේශයේ මන්ත්‍රී මහා මාර්ග ව්‍යාපෘති අමාත්‍ය නිර්මල කොතලාවල මහතාද ධර්මායතනය ගින්නෙන් විනාශ කර දැමීම පිළිබඳව බලවත් ශෝකයට පත්ව මාධ්‍යයට කියා සිටින්නේ මේ සිදුකර තිබෙන පාඩුව මිල කළ නොහැකි බවය.

ධර්මායතනයේ නේවාසිකව සිටින භික්‍ෂූන් වහන්සේලා සඳහා අලුතින් ආරාම ගොඩනැඟිල්ලක්‌ බස්‌නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක යටගම්පිටියේ ඥනාලෝක හිමියන්ගේ උපදෙස්‌ ඇතුව නිර්මල කොතලාවල මන්ත්‍රීවරයාගේ සහයෝගයෙන් ප්‍රදේශයේ ජනතාව එක්‌රැස්‌ වී ඉදිකරමින් පවතී.

නන්දන ශ්‍රී කෝට්‌ටේගොඩ - පාලින්දනුවර බුලත්සිංහල ප්‍රේමරත්න, අගලවත්ත - මහිලාල් පද්මසූරිය,
http://www.divaina.com/2013/09/13/news09.html

0 comments: