Pages

Wednesday, September 11, 2013

දෙමළ සන්ධානය ඩොලර් පවුම්වලට උතුරේ ජනතාව පාවා දෙනවා - දේවානන්දා

දෙමළ සන්ධානයට ඩයස්‌පෝරාවෙන් ලැබෙන විදේශ මුදල් ඩොලර්, පවුම්වලට උතුරේ ජනතාව පාවා දෙමින් කටයුතු කරන බවත් ඔවුන් එදා කළෙත් එය බවත් අද කරන්නෙත් ඒ දෙයම බවත් ඒ තුළින් උතුරු පළාතේ ජනතාවට සංවර්ධනයක්‌ ළඟා නොවන බවත් සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන ඇමැති ඩග්ලස්‌ දේවානන්දා මහතා උතුරු පළාත් සභා මැතිවරණය වෙනුවෙන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන අපේක්‌ෂකයන්ගේ ජයග්‍රහණය සඳහා වඩ්ඩුකෝඩ්ඩෙයි මැතිවරණ කොට්‌ඨාසයෙහි පැවැති ජනතා රැලි කීපයකදී ප්‍රකාශ කර සිටියේය. මෙම රැස්‌වීම් කාට්‌ටුපුලම්, පොන්නාලෙයි, චුල්ලිපුරම්, වෙට්‌ටියාමඩම්, අරාලි යන ප්‍රදේශවල පැවැත්විණි.

මෙම රැස්‌ම්වලදී තවදුරටත් කතා කළ ඇමැතිවරයා - සම්බන්ධන් ඇතුළු දෙමළ සන්ධානය ජනතාව හමුවට එන්නේ මැතිවරණ කාලයේදී පමණක්‌ බවත් මැතිවරණය දිනාගෙන ගිය පසු කොළඹට වී විදේශ සවාරි ගසමින් දෙමළ ජනතාවට ප්‍රශ්න තිබෙනවා යෑයි ලෝකය පුරා කතා කරමින් විදේශවලින් එන ඩොලර්, පවුම් භුක්‌ති විඳිමින් සිය දරුවන්ට විදේශවල උසස්‌ අධ්‍යාපනය ලබාදෙමින් ඥතීන් සියල්ලන්ම විදේශගත කරමින් කටයුතු කරන බවත් යුද්ධය තිබෙන කාලයේ මේ රටේ මානව අයිතිවාසිකම් ගැන කිසිවක්‌ නොසෙවූ නවනීදන්පිල්ලේ මහත්මිය වැනි අයට ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට ප්‍රශ්න තිබෙනවා යෑයි කියමින් බොරු කේලම් කියමින් රජය විවේචනය කොට ඔවුන්ගේ බඩගෝස්‌තරවාදි දේශපාලනය කරගෙන යන බවත් එමනිසා මෙවර පළාත් සභා මැතිවරණයේදී මෙම බඩගොස්‌තරවාදීන්ට නොරැවටී 30 වසරක යුද්ධය අවසන් කොට සිය දරු මුණුබුරන්ගේ අනාගතය රැක දුන් රජයට සහයෝගය දී උතුරේ සංවර්ධනය ක්‍රියාදාමයන් ඉදිරියට ගෙනයැමට සහයෝගය දක්‌වන ලෙසත් ඇමැතිවරයා මෙම රැස්‌වීම්වලදී තවදුරටත් පැවැසීය.

මෙහිදී තවදුරටත් කථාකළ ඇමැතිවරයා - සිය පක්‌ෂය වන ඊපීඩීපීයෙන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන අපේක්‌ෂක ලැයිස්‌තුවට ඇතුළත්කර ඇති අපේක්‌ෂකයන් සියලු දෙනාම සිය ජීවිත පරිත්‍යාගයෙන් මහජන සේවය උදෙසා කටයුතු කළ අය බවත් එම නිසා ඔවුන් සියලු දෙනාම පළාත් සභා නියෝජිතයන් ලෙස පත්කිරීම උතුරේ ජනතාවගේ යුතුකම බවද ප්‍රකාශ කර සිටියේය.

මෙම රැස්‌වීම අමතා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන යාපනය දිස්‌ත්‍රික්‌ කණ්‌ඩායම් නායක එස්‌. තවරාජා, එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මැතිවරණ අපේක්‍ෂක උතුරු නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම් සුන්දරම් දිවකලාල, එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන අපේක්‌ෂක යාපනය දිස්‌ත්‍රික්‌ ඊ.පී.ඩී.පී. සංවිධායක කමලේන්ද්‍රන්, එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන අපේක්‍ෂිකා ඥනහක්‌ති මහත්මිය, ඊ.පී.ආර්.එල්.එµa. (පද්මනාභා කණ්‌ඩායම) ලේකම් ශ්‍රීධරන්, එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන අපේක්‌ෂක වඩ්ඩුකෝඩ්ඩේයි ඊ.පී.ඩී.පී. ආසන සංවිධායක ජීවන් යන මහත්ම මහත්මීහුද කතා කළහ.

උප්පුවේලී 
http://www.divaina.com/2013/09/11/provin01.html

0 comments: