අපේ රටේ දිස්‌ත්‍රික්‌ක රැසක පානීය ජලයේ ආම්ලිකතාව වැඩිවී ඇතැයි පසුගියදා වාර්තා විය. මෙය අනාගතයේ ඇතිවිය හැකි බරපතළ අර්බුදයක පෙර නිමිත්තකි. ඉවක් බවක් නැතිව සිදුකරන පාරිසරික විනාශය, අසීමාන්තික කෘෂි රසායන භාවිතය, කාර්මීකරණය හා නාගරීකරණයේ අයහපත් ප්‍රතිඵලය පානීය ජලය දූෂිත වීමයි. මෙලෙස අපේ රටේ පානීය ජලය අහිමිවීමේ තර්ජනයට විසඳුම කුමක්‌ද?
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයේ රසායනාගාර සේවා ප්‍රධානී ප්‍රධාන රසායනඥ එච්. ඒ. කේ. අමරකෝන් මහතා සමග "දිවයින ඉරිදා සංග්‍රහය" පැවැත්වූ සාකච්ඡාවකි මේ.
අපේ රටේ දිස්‌ත්‍රික්‌ක ගණනාවක ජලයේ ආම්ලිකතාව ඉහළ ගොස් ඇති බව පසුගියදා ප්‍රකාශ වුණා. මේ තත්ත්වයට හේතුව කුමක්‌ද?
ජලය දූෂණය වීමට බලපාන කරුණු රාශියක් තියෙනවා. කාර්මීකරණය, නාගරීකරණය, කෘෂිකර්මාන්තය සඳහා භාවිත කරන පොහොර, කෘමි නාශක, වල් නාශක, හෝමෝන වර්ග ආදිය ඒ අතර ප්‍රධානයි. අවශ්‍ය ප්‍රමාණයට වඩා භාවිත කරන කෘෂි රසායන ද්‍රව්‍ය නිසා ප්‍රධාන ජල ප්‍රභවවල රසායනික සංයුතිය වැඩිවෙලා තියෙනවා. ජල පවිත්‍රකරණයේදී මෙවැනි රසායන ද්‍රව්‍ය ඉවත් කිරීමට අද විශාල වියදමක් දරන්නට සිදුවී තිබෙනවා. ඒ වියදම දරන්නට වෙන්නෙ මහජනතාවට.
පානීය ජලය අපවිත්‍ර වීම අද එක ප්‍රදේශයකට පළාතකට සීමා වූ ප්‍රශ්නයක් නෙමෙයි. ගමේත් නගරයේත් අද මේ ගැටලුව ඇතිවෙලා. වැඩි අස්‌වැන්නක් ලබා ගැනීමට වගේ බෝග කල්තබා ගැනීමටත් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අද කෘෂි රසායන භාවිතයට ගොවීන් හුරුවෙලා. මේ යොදන ප්‍රමාණවලින් වැඩිහරිය පසට එකතු වී ඒ හරහා ජලයට එකතුවෙනවා. මේ කෘෂි රසායන ද්‍රව්‍ය ඇළ දොළ ගංගාවලට වගේම වැව් වලටත් එකතු වෙනවා. වැව් වලට එකතුවීම වඩාත් බරපතළ ගැටලු ඇතිකරන තත්ත්වයක්.
පානීය ජලය මෙලෙස දූෂිත වීම අද අපේ රටපුරා පැතිරෙන වකුගඩු රෝගයටත් හේතුවක් ලෙස සමහරු සලකනවා. වකුගඩු රෝගයට හේතුවත් මේ දුෂිත ජලයද?
මේ වන විට වකුගඩු රෝගයට බලපානු ඇතැයි සිතන හේතු රාශියක් විවිධ අය ඉදිරිපත් කරල තියෙනව. එකක් මේ කෘෂි රසායන ද්‍රව්‍ය, විශේෂයෙන් වැව්වලට එකතුවන කෘෂි රසායන ද්‍රව්‍ය මිශ්‍ර ජලය කාලයක් පානය කිරීමෙන් වකුගඩු අකර්මන්‍ය වෙන බව එක මතයක්. නොයෙක් පොහොර වර්ගවල ඇති ආසනික් කැඩ්මියම් වැනි බැර ලෝහ වර්ග මේ රෝගයට හේතුව යෑයි තව මතයක් තියෙනවා. අධික µaලෝරයිඩ් සාන්ද්‍රණයක් සහිත ජලය මේ රෝගයට හේතුව යෑයි තවත් මතයක් තියෙනවා.
අපේ රටේ කෘෂි රසායන ද්‍රව්‍ය වැඩියෙන්ම භාවිත වෙන්නෙ නුවරඑළිය බණ්‌ඩාරවෙල වැනි පළාත්වල මේ වකුගඩු රෝගීන් හමුවුනේ අඩුවෙන්. ඒ වගේම ජලයේ µaලෝරයිඩ් ඉතාම අඩු පළාත් වලින් වකුගඩු රෝගීන් හමුවී තිබෙනවා. එම නිසා අපේ රටේ මේ වකුගඩු රෝගය සඳහා මේ එක සාධකයක් හේතු වෙතැයි සිතන්න බෑ. මේ වකුගඩු රෝගය පළමුවැනි, දෙවැනි, තුන්වැනි සහ හතරවැනි වශයෙන් අවස්‌ථා හතරකට වෛද්‍යවරුන් විසින් බෙදා දක්‌වල තියෙනවා. වකුගඩු රෝගීන්ට පිsරිසිදු ජලය ලබාදුන්නොත් ඔවුන් තුන්වැනි සහ හතර වැනි අවස්‌ථාවලට පත්වීම වැළකෙන බව දැන් සොයාගෙන තිබෙනවා. තන්තිරිමලය, ඔයාමඩු වැනි ප්‍රදේශවලට බවුසර් මගින් පානීය ජලය බෙදාදීමේදී මේ බව ප්‍රත්‍යක්‍ෂ වී තිබෙනවා. ඒ අනුව මේ වකුගඩු රෝගයට හේතුව දූෂිත ජලයේ ඇති යම් රසායන ද්‍රව්‍යයක් වන්නටත් පුළුවන්. මේ රෝගයට හේතුව මැලේරියා මර්දනයට භාවිත කළ මැලතියන්ද යන සැකයකුත් මේ මතයන් අතර තියෙනවා. උතුරු මැද පළාතේ තවමත් ප්‍රමිතියෙන් අඩු මැලතියන් භාවිත කරන බව අපට දැනගන්නට ලැබිල තියෙනව.
කෙසේ වෙතත් අපේ රටේ ජලය දූෂිත වීම බරපතළ අර්බුද ගණනාවක් ඇතිවීමට හේතුවක් බවට අමුතුවෙන් කිවයුතු නැහැ.
මේ ප්‍රශ්නය අනාගත ශ්‍රී ලංකාවට කෙබඳු බලපෑමක් ඇති කරයිද?
ජලයේ ආම්ලිකතාව වැඩිවීම නොයෙක් ලෝහ වර්ග ජලයේ දියවීම වේගවත් වීමට හේතුවක්. වර්තමානයේ අපේ පරිසරයට එකතුවන අපද්‍රව්‍ය අතර පරිගණක හා ජංගම දුරකථන අපද්‍රව්‍ය ප්‍රවාහය ඉතා සීග්‍රයෙන් ඉහළ ගිහින්. මෙය අනාගතයේ බරපතළ අර්බුදයකට නිශ්චිත හේතුවක්. ජලයේ ආම්ලිකතාව වැඩිවීම හේතුවෙන් මේ අපද්‍රව්‍ය ජලයේ දියවී ජලය අධික ලෙස දූෂිත වෙනවා. එවිට පානීය ජලය සකස් කිරීමේ ජල පවිත්‍රකරණ වැඩපිළිවෙළ සඳහා අධික වියදමක් දරන්නට වෙනවා. ජලයට එකතු වන මේ අහිතකර ලෝහ වර්ග ඉවත් කර පානයට සුදුසු ජලය සකස් කිරීම අද අධික වියදම් දරන්නට සිදුවී ඇති කාර්යයක්. ජලය දූෂිතවීම වළක්‌වා නොගත්තොත් අනාගතයේදී මේ වියදම විශාල ලෙස ඉහළ යා හැකියි. ඒ අනුව පිරිසිදු පානීය ජලයේ මිලත් අධික ලෙස වැඩිවන්නට පුළුවන්. එසේම පිරිසිදු ජලය සපයා ගැනීමත් අනාගතයේදී බරපතළ ප්‍රශ්නයක් වේවි.
මේ අර්බුදයට මුහුණදීම සඳහා කිසියම් වැඩපිළිවෙළක් තිබෙනවාද?
ජල සම්පාදන මණ්‌ඩලය සහ ඊට සමගාමීව තවත් ආයතන ගණනාවක් එකතු වෙලා ජල සංරක්‍ෂණ සැලසුම් වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. මෙය ආරම්භ කළේ 2007 දී. ජල පෝෂක ප්‍රදේශ, ජල පවිත්‍රාගාර, බෙදාහැරීමේ නළ මාර්ග සහ පාරිභෝගිකයා යන කොටස් 4 ඉලක්‌ක කරගෙනයි මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙන්නෙ. එය පෝෂක ප්‍රදේශයෙන් ලබාගන්නා ජලය නියමිත ප්‍රමිතියෙන් යුක්‌තව පාරිභෝගිකයා දක්‌වා ජල සංරක්‍ෂිත වැඩපිළිවෙළක් පෝෂක ප්‍රදේශවලට ලැබෙන ජලය පවිත්‍ර කර පාරිභෝගිකයාට ලබාදිය හැකි තත්ත්වයෙන් පවත්වා ගැනීම මේ වැඩපිsළිවෙළේ ඉලක්‌කයයි. ඒ සම්බන්ධයෙන් රටේ සියලුම ජනතාවටත් විශාල වගකීමක් තිsබෙනවා. ජලය අපවිත්‍රවන දැ පරිසරයට එක් කිරීමෙන් වැළකීමයි ඒ.
සාකච්ඡා කළේ - පාලිත සේනානායක, ඡායාරූප - පින්සිරි ආරියරත්න
http://www.divaina.com/2013/09/15/feature19.html

0 comments:
Post a Comment