ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ අක්‌මීමන හා හබරාදුව යන මැතිවරණ බල ප්‍රදේශ දෙකටම අයත් එළුවිල්යාය අභයභූමිය අපේ රටේ සුවිශේෂ වූ අභය භූමියක් ලෙස හැඳින්විය හැකිය. මෙම ස්‌වභාවික කඩොලාන සහිත වූ මිරිදිය, කරදිය වගුරු තෙත් බිම් පරිසර පද්ධතියට මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් අද වන විට විනාශ වෙමින් පවතී.
එළුවිල්යාය තෙත් බිම තුන් පැත්තකින් මීටර් 500 - 800 ක් දක්‌වා උස් බිම් තීරුවකින් වටවී ඇත. දකුණු ප්‍රදේශය මීටර් 10 ක් පළල බිම් තීරුවකින්ද මෙම අභය භූමිය සමන්විතය. සාගරයේ වැලිපර හේතුවෙන් වඩදිය - බාදිය බලපෑම නිසා කඩොලාන පරිසරයක් මෙහි නිර්මාණය වී ඇත. වග්ගලි මෝදර වාරිමාර්ග ඇළ මෙම තෙත් බිම මැදින් ගලා බසී.
අතීතයේ දී මෙම තෙත් බිම අසල ජීවත් වූ ගැමියෝ පන් පැදුරු කර්මාන්තයෙන් ජීවත් වූහ. ඒ සඳහා අවශ්‍ය වූ පන්, එළු කූරු නම් පන් වර්ගය මේ ආශ්‍රිතව දැකිය හැකිය. ඒ නිසා මේ බිමට මේ නම ව්‍යවහාර වන්නට ඇතැයිද ගැමියෝ පවසති. මඩ සහිත හැලක් වූ නිසා හැලවිල, එළුවිල වූවා යෑයිද ගැමියෝ අදටත් කියති.
නමුත් මේ මහා සොබාදහමේ රසයන් හා සොඳුරු බව සහිත මේ තෙත් බිම් කිසිවෙකු හෝ පරීක්‌ෂා නොකිරීම නිසා මහ ඉතිහාසයක් වැළලී ගොස්‌ය. නමුත් අනවසර හුණුගල්කාරයෝ අපේ උරුමයන් වළපල්ලට දමා හුණුගල් හාරති. මේ පාදඩයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිවෙකු නොමැතිවීම බරපතළ ශෝකජනක සිද්ධියකි.
වසරේ සෑම දවසකම ලවණවලින් පිරී තිබෙන මෙම බිම කඩොලාන ශාක බහුලව දැකගත හැකියි. මෙහි ලවණ තත්ත්වය 20% ක් වන අතර වසරේ ඔක්‌තෝබර් මාසයේ දී සංක්‍රමණික පක්‍ෂීන් දැකගත හැකිය.
මෙම තෙත් බිම් ආශ්‍රිතව මසුන් සිටින මුත් එම ප්‍රදේශයේ අවට ජනතාවගේ ගොවිතැන් කටයුතු සඳහා භාවිත කරන කෘමිනාශක ජලය සමග මිශ්‍රවීම හේතුවෙන් මසුන් කෙමෙන් කෙමෙන් වඳවී යැමේ තර්ජනයට ලක්‌ව ඇත. හබරාදුව හා අක්‌මීමන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස දෙකටම අයත් එළුවිල් යාය අභය භූමියේ ප්‍රමාණය අක්‌කර 1100 කින් යුක්‌ත වුවද අද වන විට ඉතිරි වී ඇති භූමි ප්‍රමාණය අක්‌කර 150 කි. හබරාදුව ප්‍රදේශයට අයත් බොහොමයක් ප්‍රදේශ ගොඩකර ඇති අතර ඒවා ඔවුන් වගාකිරීම සඳහා යොදාගෙන ඇත. මීට වසර ගණනාවකට පෙර මෙම තෙත් බිම් ආශ්‍රිතව හිරිගල් කැඩීම සිදුවූ අතර තල්පේ පරිසර
සුරැකුම් සංවිධානය මැදිහත්වීම නිසා එය නවතා දමා ඇති අතර වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත. නමුත් මෙම කඩොලාන සහිත තෙත් බිම් ප්‍රදේශයට ළඟාවීමට ඇති මාර්ගයද වසර ගණනාවකින් පිළිසකර කර නොමැත. ප්‍රදේශවාසීහු පවසන්නේ අභය භූමිය ආසන්නයේ ඇති පිටුවර ගම්මානයට බලධාරීන් දක්‌වන්නේ කුඩම්මාගේ සැලකිලිවීම කනගාටුවට කරුණක් බවයි.
මෙම ප්‍රදේශය නැරැඹීමට පැමිණෙන පිරිස් හා ඒ අවට හෝටල්වලින් රාත්‍රි කාලයේ දී කැළි කසළ ගෙනවිත් දමා යන බව ප්‍රදේශවාසීහු පවසති. ප්ලාස්‌ටික් බෝතල්, ෂොපින් කවර සහ අපද්‍රව්‍ය දමා යැමෙන් කඩොලාන පරිසරයට හානිවී ඇත. කඩොලාන කපා විනාශ කර ඇත. ඇතැම් ගස් පුළුස්‌සා ඇති අයුරු දැකගත හැකිය. මෙම අභය භූමියේ අනවසර කසිප්පු ජාවාරම ජයටම සිදු කරති. වෙනත් විෂමාචාර ද සිදුවන බව ප්‍රදේශවාසීහු පවසති.
මෙම ප්‍රදේශයේ සංවර්ධනය මැතිවරණ පොරොන්දුවට පමණක් සීමා කර ඇත. කිසිම බලධාරියකු මෙම එළුවිල්යාය අභය භූමිය රැක ගැනීමට පියවර ගෙන නොමැත. ප්‍රදේශවාසීහු පවසන්නේ එළුවිල්යාය අභය භූමිය මත් වතුරින් හා අපද්‍රව්‍යවලින් යටවීමට පෙර බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බවයි. වටිනා පරිසර පද්ධතිය ආරක්‌ෂා කර ගැනීම සඳහා අදාළ බලධාරීන්ගේ අවධානය යොමුකළ යුතුය.
සටහන හා ඡායාරූප - බෝගහගොඩ - ඒ. ඩබ්ලිව්. ඒ. නිමල්
http://www.divaina.com/2013/09/26/provin02.html

0 comments:
Post a Comment