Pages

Wednesday, September 11, 2013

රක්‍ෂිතවල වල්ලපට්‌ට ගස්‌ විනාශ කිරීමේ ජාවාරමක්‌

මොරවක්‌ කෝරළයේ වන රක්‍ෂිතවල හා සිංහරාජය ආශ්‍රිත වනාන්තරවල වල්ලපට්‌ට ගස්‌ විනාශ කිරීම මහා පරිමාණයෙන් සිදුවන බව පරිසරවේදීහු පෙන්වා දෙති.

වල්ලපට්‌ට ගස්‌වල මැද ඇති කොටසක්‌ ලබාගැනීම සඳහා මෙම ගස්‌ විනාශ කළත් සෑම ගසකම එම කොටස්‌ නොමැති බවද පැවසේ.

මෙම ගස්‌වල මැද ඇති කළුපාට කොටස්‌ ලබාගැනීමට විශාල වශයෙන් ගස්‌ කපා විශාල පරිසර හානියක්‌ සිදු කර තිබේ. ඇතැම් පුද්ගලයන් ගසේ කඳ බාගෙට කපා මෙම කොටස්‌ තිබේද කියා බලන අතර පල්ලේගම ගල්කන්ද රක්‍ෂිතයේ ඇති සියලුම වල්ලපට්‌ට ගස්‌වලට මෙසේ හානි සිදුකර තිබේ.

සමහර පුද්ගලයන්ගේ ඉඩම්වල ඇති වල්ලපට්‌ට ගස්‌ පවා වෙනත් පුද්ගලයන් හොරාට කපාගෙන ගොස්‌ ඇති බවද පැවසේ.

දෙණියාය කලාපය තුළින් පමණක්‌ නීති විරෝධී ලෙස රැගෙන යමින් සිටි වල්ලපට්‌ට කිලෝ ග්‍රෑම් 30 කට අධික ප්‍රමාණයක්‌ අත්අඩංගුවට ගෙන ඇත.

වල්ලපට්‌ට ප්‍රවාහනය කරන්නන් ඇල්ලීමට පොලිස්‌ විශේෂ කාර්ය බළකාය හා පොලිසිය මෙහෙයුම් දියත් කර ඇතත් වනාන්තරවල ගස්‌

රැක ගැනීමට තවමත් නිසි වැඩපිළිවෙළක්‌ සකස්‌ වී නොමැති බවද පරිසරවේදීහු වැඩිදුරටත් සඳහන් කරති.

ප්‍රසාද් විද්‍යාරූප - අකුරැස්‌ස
http://www.divaina.com/2013/09/11/provin04.html

0 comments: