ධම්මදීප සභාවේ අරමුණු හා කාර්යභාරය පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවට එක් වූ මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිත, කොටුගොඩ ධම්මාවාස, වරාගොඩ ශ්‍රී ප්‍රේමරතන, ඕමල්පේ සෝභිත, ආණමඩුවේ ධම්මදස්‌සි යන නාහිමිවරු සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතා.
පිංතූරය - නිමල් දයාරත්න
ආගමික හා ජාතික වශයෙන් රට තුළ පැනනගින ප්‍රශ්නවලදී විසඳුම් සෙවීම සඳහා සියලු ආගම් නියෝජනය වන සේ කමිටුවක් සකස් කරන ලෙස ෙත්‍රෙනිකායික මහානාහිමිවරුන්ගෙන් සැදුම්ලත් "ධම්මදීප සභාව" රජයට යෝජනා කර සිටී.
මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි, අමරපුර මහා නිකායේ අනුනායක කොටුගොඩ ධම්මාවාස, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක වරාගොඩ පේමරතන, අස්‌ගිරි මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරි ආණමඩුවේ ධම්මදස්‌සි යන අනුනාහිමිවරුන් සහ කෝට්‌ටේ පාර්ශ්වය වෙනුවෙන් කොල්ලුපිටිය වාලුකාරාමාධිපති මහරගම නන්ද, ආචාර්ය ඕමල්පේ සෝභිත යන හිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් ඊයේ (10 වැනිදා) බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් එම යෝජනාව කරනු ලැබූහ.
සිංහල ජාතියේත්, සම්බුද්ධ ශාසනයේත් චිරස්‌ථිතිය සඳහා පිහිටුවාගන්නා ලද ධම්මදීප සභාවේ අරමුණු සහ කාර්යභාරය පැහැදිලි කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතාගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබූ "ධම්මදීප සභාව" මාධ්‍ය හමුවේදී රට තුළ මෑත කාලයේදී ජාතික වශයෙන් ඇති වූ ප්‍රශ්නවලට සියලු ආගම් නියෝජනය වන සේ කමිටුවක් පැවතියේ නම් ඉක්‌මන් විසඳුම් ලබාදීමේ හැකියාව තිබූ බව ද අනුනාහිමිවරු පෙන්වා දුන්හ.
ධම්මදීප සභාව සම්බුද්ධ ශාසනයේ චිරස්‌ථිතිය සඳහා කටයුතු කිරීම, ජාතික හා ආගමික වශයෙන් මතුවන පොදු ප්‍රශ්නවලට විසඳුම් සෙවීම, ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සමගිය තහවුරු කිරීම, සදාචාර සම්පන්න බෞද්ධ සමාජයක් ඇති කිරීම, බුද්ධ ශාසනයේ හා සිංහල ජාතියේ දියුණුවට අදාළ ජාතික හා අධ්‍යාපනික ප්‍රතිපත්ති සම්පාදනය, ජාතික හා ආගමික සුබසාධන කාර්යයන් සිදුකිරීම අරමුණු කරගෙන පිහිටුවා තිබේ.
චමින්ද සිල්වා
http://www.divaina.com/2013/09/11/news03.html
සබැඳි ලිපි -
[
ධම්මදීප සභාව නව ගමන් මඟක ආරම්භයයි - අරම ශ්‍රී ධම්මතිලක නාහිමිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_2944.html
]

0 comments:
Post a Comment