දෙමළ ජාතික සන්ධානය යම් කිසි හෙයකින් උතුරු පළාත් සභාව ජය ගතහොත් ඔවුන් ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනතාව අනුමත කළ බවට විටකදී ප්‍රකාශ කළ හැකි බව රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.
එහෙත් එවැනි ප්‍රතිපත්ති ප්රකාශනයක් ක්‍රියාත්මක කිරීමට නෛතික බලයක් ලැබුණු බවට ඉන් හැඟෙන්නේ නැති බවද හෙතෙම කීය.
මැතිවරණ ප්‍රකාශවල සෑම කරුණක්ම ඉටුකර ගැනීමට කුමන පක්ෂයකටවත් නොහැකි බවද කී ඇමැතිවරයා දෙමළ සන්ධානයටද එය ක්‍රියාත්මක කිරීමට නොහැකි බව ඊයේ (12 වැනිදා) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී පැවැසීය.
රටේ ව්‍යවස්ථාවට විරුද්ධව සකස් කර ඇති දෙමළ සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට එරෙහිව යම් යම් පිරිස් අධිකරණය හමුවට යැමට සූදානමින් සිටින බවද සඳහන් කළ ඇමැතිවරයා මැතිවරණයට පෙර එය සිදුවිය හැකි බවද කියා සිටියේය.
රනිල් ධර්මසේන
http://www.divaina.com/2013/09/13/news21.html

0 comments:
Post a Comment