උතුරේ යුද්ධය පැවැති කාල සීමාවේ කොටි ත්‍රස්‌තවාදීන් වළ දැමූ බිම් බෝම්බ ඉවත් කිරීම සහ පන්නා දැමූ සිංහල, මුස්‌ලිම් පවුල් යළි පදිංචි කරවීමේ කාර්ය සම්පූර්ණයෙන් නිමාවන තෙක් උතුරු පළාත් සභා ඡන්දය පැවැත්වීම මැතිවරණ කොමසාරිස්‌වරයාට තහනම් කරමින් ''රිට්'' ආඥවක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊයේ (10 දා) අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කෙරිණි.
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු පෙත්සමේ නම් කර ඇති වගඋත්තරකරුවන් සියලු දෙනා උසාවි කැඳවා පෙත්සම පිළිබඳව සම්පූර්ණ විභාගයක් පවත්වන ලෙසත් එතෙක් ඡන්දය පැවැත්වීම කල් දමන ලෙස සහ උතුරු පළාත් සභා මැතිවරණයේ ප්‍රකාශිත තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු ඡන්ද පෙට්‌ටි විවෘත කිරීම මැතිවරණ කොමසාරිස්‌වරයාට තහනම් කරන ලෙසත් පෙත්සමේ ඉල්ලා ඇත.
මෙහි පෙත්සම්කරු සිංහල ජාතික පෙරමුණ නම් දේශපාලන පක්‍ෂයේ ලේකම් වන ජයන්ත ලියනගේ මහතායි.
පෙත්සමේ සඳහන් අන්දමට ඔහු වෘත්තියෙන් විද්යුත් තාක්‌ෂණ ඉංජිනේරුවෙකි. ඔහු මහා සම්මත භූමි පුත්‍ර පක්‍ෂයෙන් මැතිවරණයට තරග කර ඇත.
උතුරු යුද්ධය පැවැති දශක 3 ක කාලය ඇතුළත එම ප්‍රදේශයෙන් ඉවත්ව ගිය සිංහල මුස්‌ලිම් පවුල් හා ද්‍රවිඩ පවුල් කීපයක් යුද්ධය අවසන් වූ පසුව ආපසු සිය පදිංචි ස්‌ථානවලට පැමිණීමට පටන් ගත් නමුත් ඔවුන් සිටි ස්‌ථානවල වෙනත් අය පදිංචිව සිටීම නිසා ඉන් බොහෝ දෙනකුට කඳවුරුවල තාවකාලිකව පදිංචිවීමට සිදුවූ බවත් පෙත්සමේ සඳහන් කර ඇත.
සරත් ධර්මසේන
http://www.divaina.com/2013/09/11/news06.html

0 comments:
Post a Comment