Pages

Wednesday, September 11, 2013

දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනය අන්තවාදී ලියෑවිල්ලක්‌ - ඩලස්‌

දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනය පශ්චාත් යුද සමයේ ලියෑවුණු වඩාත්ම අන්තවාදී ලියෑවිල්ල මෙන්ම උතුරේ තරුණයන්ට නැවත දිගු කළ සයනයිඩ් කරල යෑයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ භාණ්‌ඩාගාරික යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස්‌ අලහප්පෙරුම මහතා අවධාරණය කළේය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේදී ඊයේ (10 දා) පෙරවරුවේ පැවැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පළාත් සභා මැතිවරණ කටයුතු පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේදී ඇමැතිවරයා මේ බව අවධාරණය කළේය.

අපේ මතය හැටියට මෙය මැතිවරණ ප්‍රකාශනයක්‌ නොව උපක්‍රමික ලියවිල්ලක්‌ ලෙස හැඳින්විය. දෙමළ ජනතාවගේ දුරස්‌වීම නිමාකර සංහිඳියාවක්‌ ගොඩනගන අවස්‌ථාවේ එම එකමුතුව විනාශ කිරීමට නිර්මාණය කරන ලද උපක්‍රමිත ලියවිල්ලක්‌ යෑයි ද ඇමැතිවරයා පැවැසීය.

බොහෝ ප්‍රශ්නවලට මගපැදූ ප්‍රකාශනයක්‌ වූ 1977 වඩුක්‌කොඩෙයි ප්‍රකාශනයේ වැඩිදියුණු කිරීමක්‌ ලෙස මෙම මැතිවරණ ප්‍රකාශනය හැඳින්වූ ඇමැතිවරයා මෙමගින් ජාතීන් අතර වෛරය වැපිරවීම තවත් ඉදිරියට ගමන් කිරීමක්‌ පමණක්‌ සිදුකර ඇතැයිද කීවේය.


බෙදුම්වාදයට උඩගෙඩි දෙන දෙස්‌ විදෙස්‌ බලවේගයන් බෙදුම්වාදය ස්‌ථාපිත කරවා දකුණේ සිංහල ජනතාව උසිගැන්වීමක්‌ මෙම ලියෑවිල්ල තුළින් බලාපොරොත්තුවීම මෙහි භයානකම දේ බව පෙන්වා දෙමින් මේ උපක්‍රමය තේරුම් ගෙන එයට ගොදුරු නොවන ලෙස ඉල්ලා සිටි ඇමැතිවරයා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව රටේ ඒකීයභාවය, ස්‌වෛරීභාවය ආරක්‌ෂා කිරීමේ වගකීම කරටගත් නායකයෙක්‌ රටේ සිටින බව ද පැවැසීය.


මෙවැනි උගුල්වලට හසුනොවී මෙම පිරිස්‌ අපේක්‌ෂා කරන තැනට රට තල්ලු නොකර ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කළ යුතු බවත් සඳහන් කළේය.

නිල නොවන හා තහවුරු නොකළ ආරංචි මාර්ගයන්ට අනුව උතුරු පළාත් සභාව පිහිටුවීමේදී දෙමළ සන්ධානයට යම් ගැටලුවක්‌ මතුවුවහොත් ඊට සහයෝගය දෙන බවට ටී. එන්. ඒ. හා යූ. එන්. පී. ය අතර එකඟතාවක්‌ ඇතිවූ බවට තොරතුරු ලැබී ඇතැයි පැවැසූ ඇමැතිවරයා උතුරු පළාත් සභාවෙන් එ.ජා.පයට එක මන්ත්‍රී ධුරයක්‌වත් ලබා ගැනීමට හැකිවුවහොත් එය ලොකු ජයග්‍රහණයක්‌ යෑයිද එ. ජා. ප.යට අභියෝගයක්‌ ද කළේය.

ඇමැතිවරුන් වන ඒ. එච්. එම්. µවුසි, සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුද අදහස්‌ දැක්‌වූහ.

අනුර බාලසූරිය
http://www.divaina.com/2013/09/11/news23.html

සබැඳි ලිපි -
[
විග්නේෂ්වරන් එල්ලුන ස්‌වයංපාලන හොල්මන! - TNA උතුරු පළාත් සභා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සංෂිප්තයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_11.htmlකොළඹ ආණ්‌ඩුව උතුරෙන් පලවා හැරීමhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9566.htmlඊළාම් විස කැවූ දෙමළ සන්ධාන මැතිවරණ ප්‍රකාශනය
http://denethharinna.blogspot.com/2013/09/blog-post_10.html
දෙමළ ඊළාම් බෙදුම්වාදයේ දෙවැනි ඉනිම පරාජය කිරීමට රටම පෙළගැසිය යුතුයි - චම්පිකhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9181.html
දෙමළ ජාතික සන්ධානය රට දෙකඩ කිරීමට සැලසුම් කර ඇති බව දේශපාලනඥයන්ට වැටහෙන්නේ නැහැ - වසන්ත බණ්‌ඩාරhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_3580.htmlටී. එන්. ඒ. ප්‍රකාශනයට පක්ෂ බහුතරයක්‌ විරුද්ධයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9.htmlඅප ඔවුන් හමුවිය යුත්තේ නන්දිකඩාල් කලපුවේදීමද?http://denethharinna.blogspot.com/2013/09/blog-post_5902.htmlද්‍රවිඩ ජාතික සන්ධාන මැතිවරණ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ වෙනම රාජ්‍යයක්‌ ගොඩනැගීමේ අරමුණයි - අනුර කුමාර දිසානායකhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8717.htmlඉඩම් - පොලිස්‌ - සෞඛ්‍ය - අධ්‍යාපන සම්පත් මෙන්ම ස්‌වයං පාලනයක්‌ ටීඑන්ඒ ඉල්ලයි. "ෆෙඩරල් ක්‍රමය යටතේ උතුර සහ නැගෙනහිර ඒකාබද්ධත් කළ යුතුයි"http://denethharinna.blogspot.com/2013/09/blog-post_8717.html
]

0 comments: