Pages

Sunday, September 15, 2013

වෙඩි විස්‌සක්‌ තබා කොණ්‌ඩය කපා ඝාතනය කර තිබුණු ලේඛිකාව

ඇµaගන් සැමියකු හා විවාහ වී සිටි ඉන්දීය ලේඛිකා ශුෂ්මිතා බැනර්ජි තලෙබාන්වරුන් විසින් ඝාතනය කර තිබුණේ කෲර අන්දමිනි.

ඉකුත් 04 වැනිදා රාත්‍රියේ ඇµaගනිස්‌ථානයේ පක්‌ටිකා ප්‍රාන්තයේ පිහිටි ඇගේ නිවසට කඩා වැදුණු තලෙබාන්වරු සැමියා අතුළු අනෙකුත් සාමාජිකයන් බැඳ දමා ඇය පැහැරගත්හ. පසුදා උදයේ ඇගේ සිරුර හමුවූයේ අසල පිහිටි මුස්‌ලිම් පාසලක්‌ අසල වැටී තිsබියදීය. ඇගේ සිරුරට වෙඩි ප්‍රහාර විස්‌සක්‌ එල්ල කර තිබූ අතර හිසකෙසේ කපා දමා තිබිණි. එයින්ම තලෙබාන්වරු ඇය සමග කොපමණ වෛරයකින් සිටියද යන්න පැහැදිලි වේ.

49 හැවිරිදි මේ කාන්තාව 1989 දී ඇµaගන් සැමියා හා විවාහ වූවාය. ඇය තලෙබාන් ග්‍රහණයෙන් මිදී පලා ඒම ගැන රචනා කළ A KABULIWALA'S BENGALI
WIFE ග්‍රන්ථය බෙහෙවින් ජනප්‍රිය වූ අතර එය පාදක කරගෙන ESCAPE FROM THE TALIBAN මැයෙන් චිත්‍රපටයක්‌ නිර්මාණය විය. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ මනීෂා කොයිරාල විසිනි.

පක්‌ටිකා ප්‍රාන්ත පොලිසියේ ප්‍රධානී ඩව්ලාන් ඛාන් සර්දාන් පවසන්නේ මේ ලේකාව මරාදමා තිබූ ආකාරයෙන්ම තලෙබාන්වරු ඇය සමග කොපමණ වෛරයෙන් සිටියද යන්න හෙළිවන බවයි. ඉකුත් ජුලි හෙල්මාන්ඩ් ප්‍රාන්තයේ ඉහළම පොලිස්‌ නිලධාරියෙක්‌වූ ඉස්‌ලාම් බිබි තලෙබාන්වරුන් අතින් ඝාතනය විය.

ශුෂ්මිතාගේ මරණය සම්බන්ධව පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ඇµaගන් පොලිසිය කියයි. මේ පුද්ගලයන් දෙදෙනා සතුව ස්‌වයංක්‍රීය රයිµල් හා පුපුරණ ද්‍රව්‍ය තොගයක්‌ද තිබී ඇත. මේ දෙදෙනා ශූෂ්මිතා ජීවත්වූ ග්‍රාමයේම වැසියන් වීම විශේෂයකි.

සිය ඇµaගන් සැමියා හා විවාහ වූ පසු ශුෂ්මිතා මුස්‌ලිම් ආගම වැළඳ ගත් අතර ඇගේ තම සහීඩ් කමලා ලෙස වෙනස්‌ විය. ඇය එම ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවිකාවක ලෙස සේවය කළාය.

http://www.divaina.com/2013/09/14/forign02.html

0 comments: