දෙමළ ජාතික සන්ධානයේ බෙදුම්වාදී ප්රකාශයන්ට එරෙහිව රජය වහා නීතිය ක්‍රියාත්මක කළ යුතු යෑයි ජාතික හෙළ උරුමය අවධාරණය කර සිටී.
ජාතික කොඩියේ සිංහයා වෙනුවට කොටියකුගේ රුව ඇතුළත් කළ යුතු බවට එම පක්ෂයේ මැතිවරණ අපේක්ෂකයකු කරන ලද ප්‍රකාශය රටේ ඒකීය භාවය, ව්‍යවස්ථාව, නීතිය දැඩි අභියෝගයකට ලක් කිරීමක් සහ උල්ලංඝනය කිරීමක් බව ජාතික හෙළ උරුමය කියා සිටී.
දෙමළ ජාතික සන්ධානය උතුරු පළාත් මැතිවරණයට මුවාවී තම ජාතිවාදී බෙදුම්වාදී, ඊළාම්වාදී මතවාදය ප්‍රචාරය කරමින් සිටින බව එම පක්ෂයේ ජාතික සංවිධායක මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සඳහන් කළේය. එම සන්ධානය දිගින් දිගටම සිදු කරන මෙම නීති විරෝධී ක්‍රියාවන්ට එරෙහිව රජය මේ වනතෙක් නීතිය ක්‍රියාත්මක නොකරන්නේ කවර හේතුවක් නිසාදැයි ප්‍රශ්න කරන හෙතෙම එම හේතුව රටේ ජනතාවට ප්‍රකාශ කළ යුතු බවත් අවධාරණය කරයි.
දෙමළ ජාතික සන්ධානයේ මෙම ප්‍රකාශ හරහා දෙමළ සමාජය නැවත වරක් ජාතිවාදයට බෙදුම්වාදයට, ඊළාම්වාදයට ඇදගෙන යමින් සිටින බවත් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සඳහන් කළේය.
මෙය රටේ සාමයට, සමගියට සහජීවනයට හානිකර යෑයිද මෙම ප්‍රදේශවල අනාගත ආදීනව වැඩිකල් නොගොස් රටට භුක්තිවිඳීමට සිදුවනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
සිරිමන්ත රන්නසේකර
http://www.divaina.com/2013/09/12/news39.html

0 comments:
Post a Comment