Pages

Monday, September 2, 2013

පිල්ලේගේ සම්පූර්ණ මාධ්‍ය ප්‍රකාශය

එල්ටීටීඊය වැනි කුරිරු සංවිධානයකට කිසිදු ඉඩක් නොපවතින බව දමිළ ඩයස්‍පෝරාව පිළිගත යුතුයි

- පිල්ලේ කියයි

ජනතා දුක් වේදනා වෙනුවෙන් සත්‍ය, යුක්තිය සහ සහන සැලැස්වීමට වඩාත් පාරිශුද්ධ ප්‍රවේශයක් අවශ්‍ය වන්නේය.

pilley1සුබ උදෑසනක්. එසේම ඔබගේ පැමිණීමට ස්තූතිවන්ත වෙනවා.මෙවැනි නිල දූත මෙහෙවරක් අවසානයේදී කෙරෙන සාමාන්‍ය සම්ප්‍රදාය ලෙස මේ රටේ මානව හිමිකම් තත්ත්වයට අදාළව යන නිරීක්ෂණ සිදුකිරීමට මම කැමැත්තෙමි. මගේ සත්දින සංචාරය තුළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් සමග මම සාකච්ඡා පැවැත්වූයෙමි. එම සාකච්ඡාවලට විදේශ කටයුතු අධිකරණ, ආර්ථික සංවර්ධන ජාතික භාෂා හා සමාජ ඒකාග්‍රතා තරුණ කටයුතු ඇමැතිවරුද, මානව හිමිකම් පිළිබඳ ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයාද වන වැවිලි කර්මාන්ත ඇමැතිවරයා මෙන්ම ආරක්ෂක ‍ලේකම්වරයාද ඇතුළත්ය. එසේම මම අගවිනිසුරු, නීතිපති පාර්ලිමේන්තුවේ සභානායක සහ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කරනු පිණිස පත්කරන ලද කාර්ය සාධක බළකායේ ප්‍රධානියා ද වන ජනාධිපති ‍ලේකම්ද හමුවිමි.

වර්තමාන ආණ්ඩුවේ කොටස්කරුවන් නොවන දේශපාලනඥයන් සමග ද මම සාකච්ඡා පැවැත්වූයෙමි. නම් වශයෙන් සඳහන් කරන්නේ නම්,...
විපක්ෂ නායකවරයා, දෙමළ, ජාතික සන්ධානයේ නායක යා සහ ඊට අමතරව ජාතික මානව හිමිකම් කොමිසමද එකතුව වශයෙන් ගත් කළ අත්වන විවිධ මානව හිමිකම් සුරකින්නන්ගේ එක්රැස්වීම්ද කොළඹ, යාපනය, ත්‍රිකුණාමල, සිවිල් සාම සමගි සංවිධාන ද හමුවීමි. එසේම උතුරු සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන්ගෙන් සහ සෙසු ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ද මට තොරතුරු ලැබිණි. අතිශ්‍යයින් සංකීර්ණ වූ මෙම දූත මෙහෙවර සැලසුම් කිරීම සහ මෙහෙයවීම සම්බන්ධයෙන් මෙම කාලය තුළදී ආණ්ඩුවෙන් ලැබුණු විශිෂ්ට සහයෝගය ද ඒ වෙනුවෙන් කළ ආරාධනයටද මම ආණ්ඩුවට ස්තූති කරමි. මට ඕනෑම තැනකට යා හැකි යැයිද මා දකින්නට කැමැති ඕනෑම දෙයක් බැලීමට හැකි යැයි ද ඉන් කියැවිණි. මා පසුව සඳහන් කරනු ඇති ඇතැම් බාධාකාරී සිදුවීම් තිබියදී මෙම කැපවීම මුළු සංචාරය පුරාම ගරු කටයුතු ලෙස රැක ගැණුනි. එක් තනි රටකට මා මතෛක් කළ දීර්ඝතම නිල සංචාරය මෙය වන නමුත් හමුවීමක් ඉල්ලා සිටි සියලු දෙනාම හමුවීමට නොහැකි වූ බවට මම සැබැවින්ම සවිඥානක වෙමි. 

එසේම ශ්‍රී ලාංකික ජනතාව සහ මාධ්‍ය වේදීන් මුහුණ දී සිටින මානව හිමිකම් ගැටලුවලට සාධාරණය ඉටුකිරීමට මට හැකි නොවනු ඇත්තේය. මම සැප්තැම්බර් මාසයේ අවසාන භාගයේදී ජිනීවා හි මානව හිමිකම් කොමිසම යාවත්කාලීන කෙරෙන වාචිකව කරුණු දැක්වීමක් සිදුකිරීමටද  ඊළඟ වසරේ නොවැම්බර් මාසයේදී සම්පූර්ණ ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කිරීමටද නියමිත බැවින් මෙම දූත මෙහෙවර අතර තුර අතිශයින්ම පැහැදිළිව පෙනුණු ප්‍රධාන ගැටලු කිහිපයකට පමණක් මම අද සීමාවෙමි. 
මම මෙම මානව හිමිකම් ගැටලු කොටස් දෙකකට බෙදා වෙන් කරමි. එනම් ආණ්ඩුව සහ එල්.ටී.ටී.ඊ.ය අතර පැවැති විසිහත් අවුරුදු ගැටුම සහ එහි ඇති වූ ප්‍රතිවිපාකවලට අදාළ විෂම හා අබලවීම් මුළු රටටම අදාළ වන්නා වූ ඒවාද යනුවෙනි. 

මගේ ඉන්දියානු දෙමළ උරුමය පදනම්කොට ගනිමින් ශ්‍රී ලංකාවේ ඇතැම් ඇමැතිවරුන්, බ්ලොග් අඩවිකරුවන් සහ විවිධ ප්‍රචාරකවාදීන් දැනට වසර ගණනාවකට ඉහත මා එල්.ටී.ටී.ඊ.යේ මෙවලමක් ලෙස විස්තර කරන්නට යෙදුනි. ඔවුන් විසින් මා සේවයේ යොදවන ලදැයි දමා “එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි දෙමළ කොටි දෙන” යැයි ද ඔවුන් කියා තිබුණි. මෙය බරපතළ ලෙස වැරදි සහගත ප්‍රකාශයක් පමණක් නොව ගැඹුරු ලෙසටම ප්‍රහාරාත්මකද වන්නේය. අවම වශයෙන් ආණ්ඩුවේ ඇමැතිවරුන් තිදෙනෙකුගේ සම්බන්ධය ඇතිව මේ ආකාරයේ අවලාද මෙම ඉකුත් සතියේ සුවිශේෂ ඝෝෂාකාරී උපරිමයක් කරා ළඟාවී තිබුණේය. 
 පළමුවෙන් මම දකුණු අප්‍රිකානුවෙකු බවත් ඒ ගැන ආඩම්බර වෙන බවත් කියන්නට මට ඉඩ දෙන්න. දෙවනුව එල්.ටී.ටී.ඊ. ගිණිය නොහැකි තරම් අපරාධ කළ සහ බොහෝ ජීවිත විනාශ කළ මිනීමරු සංවිධානයකි. සත්තකින්ම ශ්‍රී ලංකාවට මා මීට පෙර පැමිණි එකම අවස්ථාව.කීර්තිමත් ව්‍යවසථා සම්පාදකයකු, සාමවාදියෙකු සහ විශිෂ්ට විද්වතෙකු වූ නිලම් තිරුචෙල්ලමාගේ ගුණානුස් මරණයට සහභාගි වීම සඳහාය. 
 එල්.ටී.ටී.ඊ.යේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් 1991 ජුනි මාසයේදී ඔහු ඝාතනය කෙරුණි. එල්.ටී.ටී.ඊයේ මතකයට ගරු සරු දැක්වීමට දිගින් දිගටම ක්‍රියාකරන ඩයස්‍පෝරාවේ (විදේශගත දෙමළ ප්‍රජාවේ) අය මෙවැනි අනුකම්පා විරහිත කුරීරු සංවිධානයක කීර්තිය වෙනුවෙන් කිසිදු ඉඩක් නොපවතින බව පිළිගත යුතුය. 

මෙම දශක තුනක ගැටුම අතර තුර මරණයට පත් වූ මුළු රට පුරා සියලුම ශ්‍රී ලාංකිකයන්ට මගේ ගෞරවයත් ඔවුන්ගේ පවුල් වෙත මගේ හද පෙළෙන අනුකම්පාවත් පිරිනමනු කැමැත්තෙමි. ඔවුන් සියලු දෙනාම වැදගත් වන්නේ ඔවුන් කවුරුන්ද යන්න නොව එක් කරුණක් නොවේ. බෙදා හදා ගැනීමය. කිසිදිනෙක නැවත ආදේශ කළ නොහැකි යමෙකු ඔවුන්ට අහිමි වී ගොස් තිබේ. තමන්ගේ ඥාතීන්ගෙන් සැමියා හෝ බිරිඳ මහා දමන ලදැයි දැන ගනු ලැබූ නැතහොත් අතුරුදන්ව ඇති සහ බොහෝවිට මියගොස් ඇති පුද්ගලයන් බොහෝ දෙනකු සිවිල් හා හමුදා යන දෙකොටසින්ම මෙම සංචාරය තුළදී මට හමුවී තිබුණි. 

සටන නිමාව ඇත. එහෙත්  දුක් වේදනා නිමාව නැති බව සියලු දෙනාම තේරුම් ගැනීම වැදගත්ය. මා සංචාරය කළ සෑම තැන්හිදීම අතුරුදන් වූවන්ගේ සහ මිය ගිය අයගේ ඥාතීන් සහ යුද්ධයෙන් දිවි බේරාගත්තවුන් අතර මට දැකගන්නට ලැබුණු ගැඹුරු කම්පනය මගින් ද එමෙන්ම ඔවුන්ගේ නැවත යථා තත්ත්වයට පත්වීම මගින් ද මම අතිශය කැළඹීමට පත් කරනු ලැබ ඇත්තෙමි. මෙම යුද ගැටුම්හිදී  අවසන් සටනේ පිළිස්සුණු හා ෂෙල් වෙඩි ප්‍රහාරවලට ලක් වූ ගස්වල අවතාර, නටබුන් වූ ගෙවල් සහ සෙසු සුන්බුන් අතරින් ජීවිකාව පහුරුගාමින් සිටින ජීවිත මුලතිව් කලපුව ඔස්සේ සුවිශේෂයෙන්ම පැහැදිලිව පෙනේ. 

යුද බිමේදී බස් රථ තුළ මහ පාරේ හෝ රැඳවුම් භාරයේදී අකාලයේ මිය ගිය දස දහස් සංඛ්‍යාත දෙමළ, සිංහල, මුස්ලිම් සහ වෙනත් අය වෙනුවෙන් වැළපෙන සහ සිහිපත් කරන අය වෙනුවෙන් ගෞරවනීය සැලකිල්ලක් දැක්වීමකින් තොරව තුවාල සුවපත් නොවනු ඇත. ප්‍රතිසන්ධානය සිදුනොවනු ඇත. අතුරුදන්වූවෙකුගේ බිරියක් මෙය සිත් කම්පාවන අයුරින් සඳහන් කළේ “අප කෑම කන විට පවා අපි ඔහු වෙනුවෙන් කොටසක් වෙන් කර තබමු” යනුවෙනි. 

මගේ සංචාරය පුරාම සෑම මට්ටමකදීම බලධාරීන් උනන්දුව දක්වා තිබුණේ එල්.ටී.ටී.ඊ.ය සමග පැවැති යුද්ධය 2009 දී අවසන් වීමෙන් පසුව සාපේක්ෂව සුළු කාලයක් තුළදී යළි පදිංචි කිරීම, ප්‍රතිසංවර්ධනය සහ පුනරුත්ථාපනය සම්බන්ධයෙන් කොපමණදේ සාක්ෂාත් කොටගෙන ඇද්දැයි මට පෙන්නුම් කරන්නටය. ආධාර දෙන රටවල්, එක්සත් ජාතීන්ගේ නියෝජිතයායතන සහ රාජ්‍ය නොවන සංවිධානවල ආධාරය ඇතිව සිදුකෙරෙනු යළි ඉදිකිරීමේ ජයග්‍රහණ සැබැවින්ම සිත් කාවදින සුළුය. 

උතුරු හා නැගෙනහිර යන පළාත් දෙකෙහිම නව මහා මාර්ග, පාලම්, නිවාස, වෛද්‍ය පහසුකම් සහ පාසල් විශාල සංඛ්‍යාවක් ඉදිකොට හෝ නැතහොත් නැවත ඉදිකරමින් තිබේ. විදුලි බලය සහ ජල සැපයුම විශාල වශයෙන් වැඩිදියුණු කොට ඇත. එසේම බිම් බෝම්බවලින් වැඩි හරියක් ද ඉවත් කරනු ලැබ තිබේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ගැටුම අවසානයේදී අභ්‍යන්තරව අවතැන් වූ 4,50,000කට අධික ජනතාවෙන් අති මහත් බහුතරයක් දැන් නිවාසවලට ගොස් ඇත. 

 මේවා වැදගත් ජයග්‍රහණයන්ය. එවිට එසේම ඇතැම් විට තමන් සැලකිය යුතු තරමේ පිළිගැනීමකට ලක් නොවීමේ ආණ්ඩුවේ තැවුල් සහගත කාන්සාව මට අවබෝධ වෙයි. කෙසේ වෙතත් හුදෙක් භෞතිකව යළි ගොඩනැංවීම්වලින් පමණක් සංහිදියාව, ගෞරවය හෝ කල්පවත්නා සාමය උදා නොකරයි. යුද කාලයෙහි ජනතාවගේ දුක් වේදනා වෙනුවෙන් සත්‍ය, යුක්තිය සහ සහන සැලැස්වීමට පැහැදිළිවම වඩාත් පාරිශුද්ධ වන ප්‍රවේශයක් අවශ්‍ය වන්නේය. මෙම ක්‍ෂේත්‍රයන්හි මානව හිමිකම් කොමිසමේ සහය පිළිබඳ
මගේ පූර්ව ‍පොරොන්දුව මම නැවත පුනරුච්චාරණය කර ඇත්තෙමි. 

යථා තත්ත්වය අලුත් කිරීමට බාධා පමුණුවන නිශ්චිත සාධක කිහිපයක් ඇති අතර ඒවා වහාම නිවැරදි නොකරන්නේ නම් අනාගත භේදයේ බිජ වපුරන්නට ඉඩ ඇත්තේය. මේවා සමස්තයක් වශයෙන් ගත් කළ පෞද්ගලික නිදහස සහ මානව හිමිකම් කප්පාදු කිරීමට හෝ ප්‍රතික්‍ෂේප කිරීමට සම්බන්ධය. නැතහොත් වරදට දඬුවම් නොලැබිමේ මුක්තිය දිගට පැවැතීම සහ නීතියේ ආධිපත්‍යය අසමත්වීම හා එකට බැඳී ඇත්තේය. 
 යුද්ධයෙන් පසුව සැබෑ සාමයක් සහ සංහිඳියාවක් අත්පත් කරගනු ඇතැයි මම මූලාරම්භයේ සිටම ශ්‍රී ලංකාව කෙරෙහි මහත් බලා‍පොරොත්තු තබාගෙන සිටියෙමි. මේ දෙසට තැබූ වැදගත් පියවරක් ලෙස උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව මා පැසසුමට ලක් කළේ දෙපාර්ශ්වය විසින්ම සිදුකරන ලද යුද අපරාධ සහ වෙනත් උල්ගංඝනයන් බොහෝ ගණනක් දක්නට ලැබුණු ගැටුමේ මෙහෙයුම ගැන බෙහෙවින්ම අවශ්‍යව තිබුණු පරිපූර්ණ පාරදෘශ්‍ය හා අවශ්‍යතා පරීක්ෂණයකින් එය බැහැරට ගොස් තිබියදීත්ය. 
 මානව හිමිකම් කවුන්සිලය ප්‍රතිසන්ධාන කොමිසමේ බෙහෙවින්ම වැදගත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙහිලා ප්‍රගතියක් දැක ගනු පිණිස මෙන්ම බොහෝ නොවිසඳී තිබෙන චෝදනා හා අදාළ කරුණු ගැන නිසි පරීක්ෂණ කෙරෙහි ද බලවත් උනන්දුවක් පෙන්නුම් කර තිබේ. 

මානව හිමිකම් නිශ්චිත ලෙසම වැඩිදියුණු කිරීමෙහිලා පුළුල් පරාසයක විශිෂ්ට නිර්දේශ ප්‍රතිසන්ධාන කොමිසන් වාර්තාවේ අන්තර්ගතය. 

එසේම මෙකී ඇතැම් නිර්දේශ කොතරම් පරිමාණයකට ක්‍රියාත්මක කොට ඇත්දැයි ජනාධිපති ‍ලේකම්වරයාගෙන් තොරතුරු ලබා ගැනීමට මම උනන්දු වූයෙමි. ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ යාවත්කාලීන තොරතුරු සහ අනාගත සංවර්ධනයන් මගේ කාර්යාලය සමීපව පරීක්ෂා කරනු ඇති අතර, කවර හෝ අවසාන ප්‍රගතියක් වේ නම් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන වාර්තාවෙහි මම ඒවා සත්තකින්ම සඳහන් කරමි. 

උතුරු හා නැගෙනහිර කළ මගේ සංචාරය තුළදී පැන නැගුණු සහ මම පෙරළා විවිධ අමාත්‍යවරුන් වෙත යොමු කරන ලද වෙනත් ඇතැම් ගැටලු ගැන දැන් මම කෙටියෙන් දළ සඳහනක් කරමි. 
 උතුරු පළාත් සභාවේ ළඟ එන්න මැතිවරණය මම සතුටින් පිළිගනිමි. එසේම එය සාමකාමී, නිදහස් හා සාධාරණ වාතාවරණයක ඉදිරියට යනු ඇතැයි ද බලය බෙදා හැරීමේ වැදගත් නව අදියරකට මග පෙන්වනු ඇතැයිද බලා‍පොරොත්තු වෙමි. 
සිවිල් ක්‍රියාකාරකම් විය යුතු නිදසුන් ලෙස ගෙන හැර දක්වන්නේ නම් අධ්‍යාපනය, කෘෂිකර්මය සහ සංචාරක කටයුතු කෙරෙහි පවා මුල් ඇද ගනිමින් සිටින සේ පෙනෙන හමුදාවේ මැදිහත්වීමේ පරිමාව ගැන අසන්නට ලැබිමෙන් මම තැවුලට පත්වීමි. නිවාඩු නිකේතන ඇතුළු හමුදා කඳවුරු සහ වෙනත් ස්ථාන ඉදිකිරීම සඳහා පෞද්ගලික ඉඩම් අත්පත්කර ගැනීම පිළිබඳ පැමිණිලි ද මට අසන්න ලැබුණි. මෙය වූ කලි විසඳීමට වඩාත් දුෂ්කර හා ව්‍යාකූල සංකීර්ණ ඉඩම් ගැටලු සමග ‍පොර බදන්නට ආණ්ඩුවට සලස්වන්නක් පමණි. පැහැදිලිවම හමුදාවට ඇතැම් කඳවුරු අවශ්‍යය. එහෙත් ප්‍රජාව තුළ සොල්දාදුවන්ගේ ව්‍යාපෘතිය සහ සම්බන්ධවීමේ මට්ටම යුද්ධය අවසන් වීමෙන් වසර 4කට පසුව සෘජුවම හමුදාමය හෝ යළි ඉදිකිරීමේ කරුණුවලට අවශ්‍ය වනවාට වඩා බෙහෙවින් වැඩි සේ පෙනේ. 

මේතරම් විශාල යුද හමුදාවකින් සැලකිය යුතු කොටසක් හමුදා සේවයෙන් ඉවත් කිරීම එක් රැයකින් කළ නොහැකිය, යන ආරක්ෂක ‍ලේකම්වරයාගේ තර්කය මම තේරුම් ගනිමි. එහෙත් හමුදාව සහ වෙනත් ආරක්ෂක හමුදා මහා පරිමාණයෙන් නියෝජනය වීම බොහෝ දෙනෙකු විසින් පීඩාකාරී හා බලහත්කාර කඩා වැදීමක් ලෙස දකින බැවින් යුද්ධයෙන් විපතට පත් මෙම පළාත් දෙක නිර්හමුදා කරණයේ තම පරිශ්‍රමය කඩිනමින් කරන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමි. 

කාන්තාවන් හා දැරියන් විශේෂයෙන්ම කාන්තාවන් ගෘහ මූලිකයා වන නිවාසයන්හි පදිංචිකරුවන් ලිංගික අතවරයන්ට සහ අපචාරයන්ට ලක්වීමේ අනාරක්ෂිත බව ගැන අසන්නට ලැබිමෙන් මම බෙහෙවින්ම කනස්සලු වූයෙමි. මම මෙම ගැටලුව ඇමැතිවරුන් කිහිපදෙනෙකු වෙතද, පළාත් ආණ්ඩුකාරවරුන් වෙතද ආරක්ෂක ‍ලේකම්වරයා සමග පැවැති මගේ හමුවීමට පැමිණි යුද හමුදාවේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙතද යොමුකොට ප්‍රශ්න කළෙමි. ලිංගික අපචාර කිසිසේත්ම නොඉවසන ප්‍රතිපත්තියක් දැඩි ලෙස ක්‍රියාවේ යොදවන්නට මම ඔවුන්ට අභියෝග කළෙමි. 

දැනට ඉතිරිව සිටින රැඳවුම් කරුවන්ගේ තත්ත්වය පිළිබඳවද මම සොයා බලමින් කටයුතු කළ අතර ඔවුන්ට එක්කෝ චෝදනා ඉදිරිපත් කිරීමෙන් හෝ නැතහොත් පුනරුත්ථාපනය සඳහා මුදා හැරීමෙන් කඩිනම් කරන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියෙමි.

බොහෝ කාලයක් තිස්සේ කනස්සල්ලට හේතුවක්ව පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට දැන් කාලය එළැඹ ඇති බවට ද මම යෝජනා කළෙමි.

ඉමහත් කම්පනයක උරුමය හේතුකොටගෙන උතුරේ උපදේශන සහ මානසික සහාය සඳහා දැවෙන අවශ්‍යතාවක් පවතියි. මෙම ක්‍ෂේත්‍රයේ රාජ්‍ය නොවන සංවිධානයන්හි ක්‍රියාකාරකම් බලධාරීන් විසින් සීමා කරනු ලැබ ඇතැයි දැන ගන්නට ලැබිමෙන් මම මවිතයට සහ බලා‍පොරොත්තු කඩවීමකට පත් වූයෙමි. මේ ආකාරයේ ආධාරවලට පනවා ඇති පාලන ලිහිල් කරන්නට ආණ්ඩුවට හැකි වෙතැයි මම අපේක්ෂා කරමි. 
 ඉන්නා තැනක් නොදන්නා සහ අතුරුදන් සිවිල් පුද්ගලයන්ගේ සහ සොල්දාදුවන්ගේ ඥාතීන් බොහෝමයක් මට හමුවිය. තමන්ගේ ආදරණීයන් ඉන්නා තැනක් සොයා ගැනීම කෙරෙහි ඔවුහු තවමත් බලා‍පොරොත්තු සහගතව සිටිති. මෙම ගැටලුව විසඳීමේ ක්ෂණික අවශ්‍යතාව ඔවුහු අවධාරණය කළහ. බලහත්කාරයෙන් අතුරුදන් කරනු ලැබූවන්ගේ ජාත්‍යන්තර දිනය අනුස්මරණය කිරීම පිණිස පැවැති මා ඊයේ සහභාගි වූ බෙහෙවින් හැඟීම්බර රැස්වීම් දෙකකදී අතුරුදන් වූවන්ගේ ඥාතීන් කෙරෙන් බෙහෙවින් ප්‍රකට වූයේ මෙම කරුණයි.

අතුරුදන්වූවන් පිළිබඳ නව කොමිසම ගැන ආණ්ඩුවෙන් මම වැඩිපුර තොරතුරු ඉල්ලා සිටියෙමි. මේ ආකාරයේ පූර්ව කොමිෂන් පහට වඩා මෙය වඩාත් කාර්ය සාධක වීමේ අවශ්‍යතාව මම අවධාරණය කළෙමි. එය ආවරණය කරනු ලබන්නේ උතුරු හා නැගෙනහිර පළාත්වල අතුරුදන්වීම් පමණක් වනු ඇති බවට දැන ගන්නට ලැබිමෙන් මම දුර්මුඛ වූයෙමි. මන්දයත් එහි තේරුම මෑත වර්ෂවලදී කොළඹින් සහ රටේ වෙනත් ප්‍රදේශවලින් වාර්තා වූ “සුදු වෑන්” අතුරුදන් කිරීම් එහි විෂය පථය තුළට ඇතුළත් නොවෙනු ඇති බැවිණි. 
අතුරුදන් කිරීමේ ගැටලුව සදහටම විසඳීම සඳහා මෙය අවස්ථාවක් කොට ගැනීමට අවබෝධාත්මක පරිශ්‍රමයක් දරණු පිණිස කොමිසමේ බල පැවැරුම සහ පරිමාව පුළුල් කරන මෙන් මම ආණ්ඩුවෙන් ඉල්ලමි. එබැවින් මම අතුරුදන් කිරීම්  දණ්ඩ නීති සංග්‍රහයෙහි අපරාධයක් බවට පත් කිරීමේ නව යෝජනාව සතුටින් පිළිගනිමි. එසේම මෙය ප්‍රමාදයකින් තොරව ඉටුකරනු ඇතැයි බලා‍පොරොත්තු වෙමි. මාර්තු මාසයෙහි මා පෙරළා මානව හිමිකම් කවුන්සිලයට වාර්තා කිරීමට පෙර පරමාදර්ශී ලෙසම අතුරුදන් කිරීම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය වලංගු කිරීම සහ එසේම අතුරුදන් කිරීම් පිළිබඳව කටයුතු කරන ක්‍රියාකාරී කණ්ඩායමට ශ්‍රී ලංකාවට පැමිණීමට ආරාධනා කිරීම මගින්ද ආණ්ඩුවට තම කැපවීම සම්බන්ධයෙන් පැහැදිලි සංඥාවක් ලබා දිය හැකිය. 

යුද්ධය අවසානයේදී කුමක් සිදුවූයේද යන්න සහ තවත් බොහෝ අතීත කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණ අනුව විශ්වාසදායක යමක් දැක්මට ද මානව හිමිකම් කවුන්සිලය බලාගෙන සිටිනු ඇත. 
ත්‍රිකුණාමලය මුහුදු වෙරළේදී 2006 වසරෙහි මරා දැමුණු සිසුන් පස් දෙනාගේ නඩුව මිනීමැරුම් සිදුවූ අවස්ථාවෙහි අහල පහළ සිටි බව පැවැසෙන ‍පොලිස් විශේෂ කාර්ය සාධක බළකායේ සාමාජිකයන් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීම මගින් යළි පණ ගැන්යීම දැන ගන්නට ලැබිමෙන් මම සතුටට පත්වීමි. මෙම නඩුවේ ප්‍රගතිය මෙන්ම මෙම වසරේදීම යන්තම් කිලෝමීටර් කිහිපයක් දකුණට වන්නට සහන සේවකයන් 17 දෙනෙකු මරා දැම්මේ නොවිසිඳුන අපකීර්තිමත් සිද්ධිය ගැන ද මම උනන්දුවෙන් බලා සිටින්නෙමි. 
සිවිල් පුද්ගලයන්ගේ මරණ සහ ලඝු දඬුවම් පැමිණවීම් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා යුද හමුදාව විසින් පරීක්ෂණ
උසාවියක් පත් කිරීම ගැන ද මම වැඩිදුර තොරතුරු ඉල්ලා සිටියෙමි. එසේම බොහෝ අතීත පරීක්ෂණ සහ පරීක්ෂණ කොමිෂන් සභා ඒ හෝ මේ ආකාරයෙක් අසමත්ව ඇති රටක තමන් ගැනම පරීක්ෂා කිරීමට හමුදාව පත් කිරීම විශ්වාසය කරන නොකරන බවද යෝජනා කළෙමි. විශ්වාසදායක ජාතික ක්‍රියාවලියක් නොමැති නම් ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා වන ඉල්ලීම කොකඩවා දිගටම පවත්වන්නට ඉඩ කඩ ඇත්තේය. 
 අවම වශයෙන් මරණ තුනකට හේතුවූ වැලිවේරියේ උද්ඝෝෂණය පාලනය කිරීමට ‍පොලීසියේ සහයට යුද හමුදාව යොදවා ගැනීමේ මෑත කාලීන සිදුවීම මුළු රට පුරා කම්පන රැල්ලක් ඇති කොට තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් ක්ෂණිකව නිසි පරීක්ෂණයක් සම්පූර්ණ කිරීමේ හා ප්‍රසිද්ධ කිරීමේ අවශ්‍යතාවය ආරක්ෂක ‍ලේකම්වරයාට මම අවධාරණය කළෙමි. 

වෙනස් බොහෝ පරීක්ෂණ ලිපි ගොනු ක්‍රියාත්මක නොවී පවතී. 2012දී වැලිකඩ සහ වවුනියාවේ බන්ධනාගරයන්හි රැඳවුම් භාරයේ සිටි සිරකරුවන්ගේ මරණ නිදසුන්ය. ‍පොලිස් බලතළ දැන් ආරක්ෂක අමාත්‍යංශය කෙරෙන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයට මාරු කෙරෙනු ඇතැයි ආණ්ඩුව නිවේදනය කොට තිබෙන නමුත් වෙනත් සිවිල් අමාත්‍යංශයක් යටතට වෙනුවට එම අමාත්‍යංශ දෙකම ජනාධිපතිවරයා යටතේ පවතින බැවින් එය වඩාත්ම සුබවාදී ලෙස ගත්තද අසම්පූර්ණ වෙන් කිරීමකි. 
එසේම මම ශ්‍රී ලංකාවට සාක්කිකරුවන් සහ විපතට පත්වූවන් (වින්දිතයන්) ආරක්ෂා කිරීමේ ශක්තිමත් නීතිවල දැඩිවූ අවශ්‍යතාව ආණ්ඩුවට යළිත් සිහිපත් කළෙමි. මෙම නීති 2007 වසරේ පටන් කෙටුම්පත් ස්වරූපයෙන් පවතියී. 

පල්ලි හා දේවස්ථානවලට ප්‍රහාර ඇතුළුව ආගමික සුළුතරයන්ට එරෙහිව මෑත කාලීනව පැතිරෙන වෛරී සහගත පෙළඹවීම් හා ප්‍රචණ්ඩත්වයේ රැල්ල ගැනත් වරදකරුවන්ට එරෙහිව ක්ෂණිකව ක්‍රියා නොකිරීමත් කෙරෙහි කණස්සල්ල පළකළෙමි. ආණ්ඩුව මෙම ප්‍රශ්නකාරී කරුණු සුළුකොට දක්වන සේ පෙනී යෑමෙන් මම මවිතයට පත්වීමි. එසේම එය මෙවැනි ක්‍රියාවන් කිසිසේත්ම නොඉවසන බවට හැකි ශක්තිමත්ම සංඥාව යවනු ඇතැයිද මේවාට වගකිවයුත්තන්ට (වීඩියෝ දර්ශන පටවලින් ඔවුන් පහසුවෙන්ම හදුනාගත හැකිය) දඬුවම් කරුණු ඇතැයිද මම බලා‍පොරොත්තු වෙමි. වෛරී සහගත කතා පිළිබඳව නව නීති තමන් යෝජනා කොට ඇතැයි ජාතික භාෂා සහ සමාජ ඒකාග්‍රතා අමාත්‍යවරයා මට කීය. 
 මෙවැනි නීති ගැන අප මෑතක දී අධ්‍යනයක් නිමා කර තිබෙන අතර මෙම ක්‍ෂේත්‍රයන්හිලා සහාය දක්වන්නට කැමැත්තෙමු. පෙරකී ඇමැතිවරයාට අධිකරණ අමාත්‍යවරයාද හා සමග සුළු ජාතීන් පිළිබඳ ස්වාධීන විශේෂඥයෙකු විසින් සිදුකරනු ලබන සංචාරයකට තම සහය පළකරන බව මා සමග කීය. එසේම හැකිතාක් ඉක්මණින් මෙය සිදුවිය හැකි යැයි මම බලා‍පොරොත්තු වෙමි. මුළු රට පුරාම භාෂා තුනම හදුන්වාදීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියට ද මම ප්‍රශංසා කරමි. 

සංචාරයේ බාධාකාරී අංශයන් වෙත හැරෙන්නට දැන් මම කැමැත්තෙමි. එනම් මානව හිමිකම් සුරකින්නන් කිහිපදෙනෙකු බිය වැද්දීම හා ඔවුන්ට හිරිහැර කිරීමය. අවම වශයෙන් පූජකවරුන් දෙදෙනකු, මාධ්‍යවේදීන් සහ මා හමුවූ සහ මා හමුවීමට සැලසුම් කළ බොහෝ සාමාන්‍ය පුරවැසියෝ ඒ අතර වූහ. මුලතිව් ප්‍රදේශයේ ගම්වල සහ ජනපද වල ජනතාව වෙත ‍පොලිස් හෝ හමුදා නිලධාරීන් මා එහි යෑමට පෙර සහ පසුව එවැනි දෑ කළ බවට වාර්තා මට ලැබි තිබේ. ත්‍රිකුණාමලයෙහි මා හමුවූ පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් අපගේ සංවාදයේ අන්තර්ගත වූ දේ ගැන අනතුරුව ප්‍රශ්න කොට ඇත. 

මෙම ආකාරයේ අවේක්ෂණ සහ හිරිහැර කිරීම් විවේචනාත්මක හඬවල් නිරතුරුවම ප්‍රහාරයට ලක් කෙරුණ සහ සඳහටම නිහඬ කෙරුණ රටක් වන ශ්‍රී ලංකාව තව දුරටත් නරක අතට පත්වන බවක් පෙන්නුම් කරයි. කවර අවස්ථාවක වුවද කිසිසේත්ම පිළිගත නොහැකි මෙය විශේෂයෙන්ම අසාමාන්‍ය වන්නේ මෙවැනි සැලකිල්ලක් දක්වන ලද්දේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරිය විසින් කරනු ලබන සංචාරයක් අතර තුළදී වන බැවින් එක්සත් ජාතීන්ගේ නිලධාරීන් සමග කතා කොට තිබිම හේතුවෙන් පුද්ගලයන්ට එරෙහිව පළිගැනීම පිළිබඳ කරුණ එක්සත් ජාතීන් අතිශයින්ම බරපතළ කරුණක් ලෙස ගන්නා බව අවධාරණය කිරීමට මම කැමැත්තෙමි. තවද මෙම සංචාරය හා සම්බන්ධව සිදුවුණු මෙම දේවල් මානව හිමිකම් කවුන්සිලයට මම වාර්තා කරන්නෙමි. 

මේ  ආකාරයෙන්  හිරිහැරවලට සහ බියගැන්වීම්වලට නිරන්තරයන්ම මුහුණ දෙන මානව හිමිකම් සුළු ජාතීන්ට සහ මාධ්‍යවේදීන්ට මේ සැලකිල්ල නැවැත්වීමට වහාම නියෝග නිකුත් කරන මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් මම ඉල්ලා සිටිමි. 2005 වසරේ සිට මාධ්‍යවේදීන් 30කට අධික සංඛ්‍යාවක් මරා දමා ඇති අතර කාටූන් ශිල්පී ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුළු තවත් කීප දෙනකු අතුරුදන් කොට තිබේ. තවත් බොහෝ දෙනකු රටින් පලාගොස් ඇත. පුවත්පත් සහ රූපවාහිනී කාර්යාල වනසා දමනු ලැබිමේ හෝ ගිනිතබනු ලැබිමේ යාපනයේ පවත්වාගෙන ගිය උදයන් වැනි ඇතැම් පුවත්පත් බහුවිධ අවස්ථාවන් හි එවැනි ප්‍රහාරයන්ට ගොදුරු වී ඇත්තේය.

බිය විසින් දල්වන ලද ස්වයං වාරණයක් සමග මාධ්‍යවේදීහු තමන් ලියන්නට නිර්භීත නොවන ලිපි ඇති බවත් අනෙක්වා තමන්ගේ කර්තෘවරු මුද්‍රණය කිරීමට නිර්භීත නොවන බවත් වාර්තා කරති. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ශ්‍රී ලංකාව තුළ ස්ථීරසාර පහරදීමක් යටතේ පවතියි. තම අසල්වැසි බොහෝ සාක් රටවල් මෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතක් අනුගමනය කරනු සඳහා මා ඉල්ලා ඇත. යුද්ධය අවසාන වී තිබෙන නමුත් ඒ අතරතුර කාලයේ ප්‍රජාතන්ත්‍රවාදය නායගොස් තිබෙන අතර, නීතියේ ආධිපත්‍යය ඛාදනය වී තිබේ.

වරෙක මැතිවරණ කොමිසම සහ මානව හිමිකම් කොමිසම වැනි ස්වාධීන ආයතනයන්ට පත්වීම් නිර්දේශ කළ ව්‍යවස්ථා සභාව අවලංගු කළ 18 වන ව්‍යවස්ථා සංශෝධනය විධායකයේ බලයේ වැදගත් සංවර්ධන හා තුලන දුර්වලකොට තිබේ. මෙම වසර මුලදී අගවිනිසුරුවරියට එරෙහිව ගෙන ආ මතභේදාත්මක දෝෂාභියෝගයද ‍‍‍ජ්‍යෙෂ්ඨ අධිකරණ පත්වීම්වල පෙනෙන්නට තිබෙන දේශපාලනීකරණයද අධිකරණයේ ස්වාධීනත්මය කෙරෙහි විශ්වාසය දෙදුරුම් කවා ඇත.

නව ජවසම්පන්න සියලුම දෙනා වැළදගන්නා රාජ්‍යයක් ඉදිකිරීමට යුද්ධයේ අවසාන විසින් සලසා දෙන ලද අවස්ථාව තිබියදීත් ශ්‍රී ලංකාව වැඩි වැඩියෙන් අධිකාරිවාදී දිසාවට ගමන් ගනිමින් සිටීමේ සලකුණු පෙන්නුම් කරමින් සිටීම ගැන මම බෙහෙවින් කනස්සලු වෙමි.

බෙහෙවින් සුබවාදී ස්වරය නිමා කරමින් ආණ්ඩුවේ යෝජනාවක් අනුව මම ඊයේ තරුණ පාර්ලිමේන්තුවට ගියෙමි. 2010දී පිහිටුවන ලද මේ අසාමාන්‍ය ආයතනය රට පුරා දීප්තිමත්, උදේ‍යා්ගී සම්පන්න සිසුන්ගෙන් පිරී තිබුණි. එසේම සියලුදෙනාම අන්තර්ගත කර ගැනීමේ හා ඉවසීමේ ප්‍රවේශයකට කැපව තිබුණේය.

13 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ වැදගත්කම සහ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම වැනි කරුණු (පසුව කී තරුණ ජාතික පාර්ලිමේන්තුවට පෙර තමන් සැබැවින්ම විවාද කළ බවට ඔවුහු උරුමකම් කීහ.) වැදගත් කරුණු සාකච්ඡා කිරීමට තරුණ කණ්ඩායම්වලින් තෝරාගත් සාමාජිකයෝ මසකට වරක් රැස්වෙති.

යොවුන් පාර්ලිමේන්තුවේ වර්තමාන සහ අනාගත සාමාජිකයන් ඔවුන්ගෙන් තිදෙනෙක් මා සිටියදී විශිෂ්ට කතා පැවැත්වූහ. ප්‍රධාන දේශපාලන වේදිකාවට උසස්වීම් ලබන විට ඉතාමත් උණුසුම්ව හා ආගන්තුක සත්කාරයෙන් මා පිළිගන්නා ලද මේ පියකරු දිවයින මෙම පියකරු දිවයින ඉහත මා විසින් ලැයිස්තුගත කරන ලද ගැටලු තිබියදීත් සහජීවන අනේ‍යන්‍ය ඉවසීමේ අලුත් යුගයක් කරා මඟපෙන්වනු ඇතැයි විශ්වාස කරමි.

ස්තූතියි!
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=16940:2013-09-02-04-21-49&catid=62:2012-08-14-03-41-39&Itemid=84

0 comments: