Pages

Monday, September 2, 2013

කච්චතිව් අයිතිය ලංකාවටයි - ඉන්දීය මධ්‍යම රජය කියයි

කච්චතිව් දූපත ඉන්දියාවට අයත් දූපතක් ලෙස නොතිබූ බවත් මේ නිසා එය යළි පවරාගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් මතු නොවන බවත් ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත. එම දූපත යළි පවරා ගන්නා ලෙස තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් මහත්මිය ගොනුකර තිබූ පෙත්සමක් සඳහා කරුණු ඉදිරිපත් කරමින් ඉන්දීය මධ්‍යම රජය මේ බව අධිකරණයට දැනුම් දී තිබේ. කච්චතිව් දූපත ඉන්දීය පෙරදිග වෙළෙඳ සමාගම සතුව පැවැතියක් බවද ඔවුන් විසින් එය ලංකාවට පවරා දී තිබෙන බවද ඉන්දීය මධ්‍යම රජය පවසා තිබේ. 1976 සිරිමා ශාස්ත්‍රී ගිවිසුම මගින් එය වඩාත් තහවුරු කළ බවට ඉන්දීය මධ්‍යම රජය වැඩිදුරටත් අවධාරණය කර ඇත.

සංජය නල්ලපෙරුම - 2013 සැප්තැම්බර් 02 08:50 a:m
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=16934:2013-09-02-03-22-35&catid=34:news&Itemid=62

0 comments: