යුද ගැටුම් පැවති අවසන් සමයේදී වාර්තා වූ නීතියට පිටින් ඝාතන හා සිවිල් වැසියන්ට තුවාල සිදු වූ සිදුකිරීම් සම්බන්ධයෙන් සාධාරණ, විනිවිදභාවයකින් යුතු විශ්වාසනීය අභ්‍යන්තර පරීක්ෂණයක්ද පැවැත්විය යුතුය. එසේ නොවන්නේ නම් ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා වන බලපෑම් නතර කළ නොහැකි වනු ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය පැවැසුවාය. ඒ.සී.එෆ්. නමැති සිවිල් සංවිධානයේ ස්වේච්ඡා සේවකයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් මතෛක් අත්අඩංගුවට ගෙන නොමැති බවද පැවැසුවාය.
එල්.ටී.ටී.ඊ. සංවිධානය මනුෂ්‍ය ඝාතන සිදුකළ කෲර සංවිධානයක් බවද එවැනි කෲර සංවිධානයක් උත්කර්ෂවත් ලෙස වර්ණනා කිරීමට ලෝකයේ කිසිදු ඉඩක් නොමැති බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින ඩයස්පෝරාව තේරුම්ගත යුතුව ඇතැයිද ඇය කීවාය.
මේ වනවිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීමට කාලය පැමිණ තිබෙන බවද ඇය කීවාය. ලංකාවේ මානව හිමිකම් කොටස් දෙකකට බෙදා වෙන් කිරීමට හැකි බවද ඇය පැවැසුවාය. එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග යුද ගැටුම් පැවතීමට අදාළව හා රටට අදාළ තත්ත්වයන් ලෙස එය බෙදා දැක්වීමට හැකි බවද ඇය කීවාය.
තමන්ගේ සත් දින ලංකා සංචාරය එක් රටක තමන් කළ දීර්ඝතම නිල සංචාරය බව ඇය කීවාය. මෙම නිල සංචාරයේදී තමාට නැරඹීමට අවශ්‍ය සියලු ස්ථාන නැරඹීමට අවශ්‍ය පහසුකම් රජය විසින් ලබාදුන් බවද ඒ සම්බන්ධයෙන් සිය ස්තූතිය පළ කරන බවද ඇය සඳහන් කළාය.
එමෙන්ම අතුරුදන් වූ පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින්ද තමන් හමුවූ බව පැවැසූ පිල්ලේ මහත්මිය කොළඹ හා අනෙකුත් ප්‍රදේශවලදී සුදු වෑන්වලින් පුද්ගලයින් පැහැර ගන්නා බවට චෝදනා එල්ල වූ බවද කීවාය.
උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම වඩාත් වැදගත් බවද ඇය පැවැසුවාය. මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පත්කර ඇති කමිටුව සමග සමීපව කටයුතු කරන බවද ඇය කීවාය.
උතුරු පළාතේ සිවිල් ජනතාවගේ ඉඩම් හමුදා කඳවුරු ඉදිකිරීමට හා විවිධ ආපන ශාලා ඉදිකිරීමට හමුදා භාරයට ගෙන ඇති බවද ඇය කීවාය. හමුදා කඳවුරු ඉවත් කිරීමට කාලය පැමිණ තිබෙන බවද ඇය සිහිපත් කළාය.
මේ සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමග කළ සාකච්ඡාවේදීද පැය විසිහතරකින් ඒවා ඉවත් කළ නොහැකි බවට කළ ප්‍රකාශය තමන් පිළිගන්නා බවද ඇය කීවාය. එහෙත් හමුදා කඳවුරු ඉවත් කිරීම කඩිනම් කළ යුතුව තිබෙනවා” ඇය පැවැසුවාය.
නීතිය හා සාමය පිළිබඳ වෙනමම අමාත්‍යංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවද ඇය කීවාය. එහෙත් ආරක්ෂක අමාත්‍යංශය හා නීතිය හා හා සාමය පිළිබඳ අමාත්‍යංශය ජනාධිපතිවරයා යටතේ තබා ගැනීම ගැටලුවක් බවද කීවාය.
පසුගිය කාලයේදී සුළු ආගමික කණ්ඩායම්වලට එල්ල වූ ප්රහාරයන් පිළිබඳ අදහස් දැක්වූ නවනීදන් පිල්ලේ මහත්මිය.
ආගමික සිද්ධස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම හෙළා දකිනවා. මෙම ප්රහාරයන්ට සම්බන්ධ පුද්ගලයින් වීඩියෝ දර්ශනවලින් හඳුනාගෙන ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි“ යැයිද කීවාය.
පසුගිය කාලයේදී අතුරුදන් වූ හා ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් පිළිබඳවද මෙසේ අදහස් දැක්වූවාය. 2005 වසරේ සිට මේ දක්වා ජනමාධ්‍යවේදීන් තිස් දෙනෙක් පමණ ඝාතනයට ලක්ව තිබෙනවා. කාටුන් ශිල්පියෙක් වන ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වෙලා. මාධ්‍යවේදීන් රට හැරගොස් තිබෙනවා. මාධ්‍ය ආයතනයන්ට ප්‍රහාර එල්ල වෙලා තිබෙනවා. මාධ්‍ය නිදහස හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීමට තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කළ යුතුයි“ යැයි මානව හිමිකම් කොමසාරිස්වරිය කීවාය.
උතුරු පළාතේ රාජ්‍ය නොවන සංවිධාන කටයුතු කිරීමේදී නොයෙක් ආකාරයේ බාධා කිරීම් සිදුව ඇති බව පැවැසූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ඔවුන්ට නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව ලැබිය යුතු බවද කීවාය.
පසුගිය ඉරිදා දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ
මහකොමසාරිස් නවනීදන් පිල්ලේ ජනපති මහින්ද රාජපක්ෂ, විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ද්‍රවිඩ ජාතික සන්ධානයේ නියෝජිතයින් ඇතුළු කිහිප දෙනකුම මුණගැසී සාකච්ඡා කරන ලදී.
එසේම ඇය මහාචාර්ය ජී.එල්. පීරිස්, මහින්ද සමරසිංහ, රාවුෆ් හකීම්, වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන්, අගවිනිසුරු මොහාන් පීරිස්, නීතිපති පාලිත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, නැගෙනහිර ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම සහ උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි සමගද ඉකුත් දිනවල සාකච්ඡා පැවැත්වීය.
එමෙන්ම උතුරු සහ නැගෙනහිර සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් අතුරුදන් වූ පවුල්වල සාමාජිකයින් සහ ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින් රැසක් සමගද පිල්ලේ සාකච්ඡා පවත්වන ලදී.
සංජය නල්ලපෙරුම - 2013 සැප්තැම්බර් 02 12:45 a:m
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=16928:2013-09-01-18-45-45&catid=34:news&Itemid=62

0 comments:
Post a Comment