Pages

Monday, September 2, 2013

සිරියාවට ප්‍රහාර එල්ල කිරීමට ජනපති ඔබාමා කොංග්‍රසයේ අනුමැතිය ඉල්ලයි

සිරියාවට ප්‍රහාර එල්ල කිරීම සඳහා ජනපති බැරක්‌ ඔබාමා එරට කොංග්‍රස්‌ මණ්‌ඩලයේ අනුමැතිය ඉල්ලා ඇත.

සීමාසහිත ප්‍රහාරයක්‌ සඳහා ඇමරිකානු කොංග්‍රස්‌ මණ්‌ඩලයේ අනුමැතිය ඉල්ලීමට ජනාධිපතිවරයා ක්‍රියා කිරීම තරමක පුදුම සහගත බව විදෙස්‌ විචාරකයෝ පවසති.

ජනපති ඔබාමා පවසන්නේ සිරියානු වැසියන්ට එල්ලවූ රසායනික අවි ප්‍රහාරයට අසාද් රජය වගකිවයුතු බවය.

මෙම රසායනික අවි ප්‍රහාරයෙන් පුද්ගලයන් 1429 ක්‌ මරුමුවට පත්වූ අතර එයින් 426 ක්‌ ළමුන්ය. ඇමරිකානු වැසියන්ගෙන් බහුතරය සිරියාවට ප්‍රහාර එල්ල කිරීමට විරුද්ධ බව මත සමීක්‍ෂණ මගින් හෙළිව තිබේ.

http://www.divaina.com/2013/09/02/forign01.html

0 comments: