Pages

Monday, September 2, 2013

යළි සිංහ වංශයට පැමිණි රේගුවට ජයවේවා!

ශ්‍රී ලංකාව ලෝක කුඩු වෙළ¹මේ මර්මස්‌ථානයක්‌ බවට පත්වීමේ ඉඩ ප්‍රස්‌ථාව ඉතා ඉහළ බව පෙන්වා දෙමින් දකුණු ආසියාවේ ලොකුම මත්ද්‍රව්‍ය තොගය ඉකුත් සිකුරාදා (30) ඔරුගොඩවත්තේ රේගු අංගනය තුළදී රේගු නිලධාරීන්ට හසු විය. කුඩු තොගයේ වටිනාකම රුපියල් බිලියනය ඉක්‌මවයි. 1980 ට පෙර ශ්‍රී ලංකාව තුළ බහුලව පාවිච්චි වුණේ ස්‌වදේශික මත්ද්‍රව්‍ය වන මද්‍යසාර සහ ගංජා යනාදියයි. අබිං, ඖෂධයක්‌ වශයෙන් ගෙන්වන ලදී. ඉන් කොටසක්‌ සොරාගත් සුළු වෙළෙන්දොa ඒවා අලෙවි කළහ. එහෙත් අබිං පාවිච්චිය විශාල වරදක්‌ ලෙස පිළිගැනුණේ නැත. අබිංවලට පුරුදු වූ අය ඒවා කෝපි සමග මිශ්‍රකර පානය කර අමුතු උත්තේජනයක්‌ පෙන්වා එයට ඖෂධීය පානයක ස්‌වරූපය ලබා දුන්නේය. අබිං සීමාව වුණේ මැදිවියේ සහ මහළු වියේ සිටි ප්‍රජාවටය. තරුණයන් පාවිච්චි කළ මත්ද්‍රව්‍ය වූයේ ගංජා සුරුට්‌ටු, අරක්‌කු හෝ කසිප්පු පමණි. 1980 ට පෙර බීර යනු තරුණ පරපුර අතර විශාල වශයෙන් ව්‍යාප්ත වූ පානයක්‌ නොවේ. බීරවලට "සිංහ වංශයක්‌" ලැබෙන්නේ 1980 න් පසුය.

පසුගිය වසරේදී අන්තරායකාරී ඖෂධ පාලන මණ්‌ඩලය වැදගත් තොරතුරක්‌ හෙළි කර ගත්තේය. ඒ වූ කලී ශ්‍රී ලංකාවේ වීථි මට්‌ටමේ සහ මුඩුක්‌කුවල සිටින ජනයාගේ දෛනික හෙරොයින් පරිභෝජනය කිලෝ ග්‍රෑම් 2 ක්‌ බවයි. එය අවුරුද්දකට කිලෝ ග්‍රෑම් 763 කි. වසර 2011 දී ශ්‍රී ලංකාවේ සිටි දෛනික කුඩුකාරයන් ගණන 45000 කි. ලොකු හෝටල්වල, කොළඹ සහ වෙනත් නාගරික ප්‍රදේශවල සිටි ධනවත් කුඩුකාරයන් මෙයට ඇතුළත් නොවේ. ඒ පිරිසද දළ වශයෙන් 5000 ක්‌ යෑයි සැලකිය හැකිය. ලංකාවට වැඩි වශයෙන්ම කුඩු ගෙනෙන ලද්දේ පාකිස්‌තානයෙන් සහ ඉන්දියාවෙනි. ඒවා දකුණු ඉන්දියාව හරහා මෙරට බටහිර වෙරළට ප්‍රවාහනය කෙරිණ. වසර 2011 දී කුඩු කිලෝ 39 ක්‌ අත්අඩංගුවට ගන්නා ලදී. ඒ සමගම කුඩ්ඩෝ 14400 ක්‌ අත්අඩංගුවට පත් වූහ. වසර 2011 වන විට ලාංකික ජනගහනයේ සෑම ලක්‍ෂයකටම 70 දෙනෙක්‌ කුඩ්ඩෝ වූහ. මේ 70 වෙන් 96% ක්‌ම වයස 14 පසුකළ නව යෞවනයෝ වූහ.

වසර 2011 දී කුඩු කිලෝවක මිල රුපියල් ලක්‍ෂ 55 කි. එහෙත් වසර 2007 දී එම ගණන රුපියල් තිස්‌පන් ලක්‍ෂයකි. ජාත්‍යන්තර වෙළෙඳ පොළේ මෙන්ම ජාතික වෙළෙඳ පොළේද කුඩු ඉල්ලුම වැඩි වීම නිසා මෙම මිල ඉහළ යාම සිදුව තිබිණ. ගංජා කිලෝවක්‌ අදටත් රුපියල් 12000 කි. අබිං කිලෝවක්‌ රුපියල් දහතුන් ලක්‍ෂයකි. ශ්‍රී ලංකාවට ගෙනෙන පිරිපහදු කළ හෙරොයින් කිලෝවකින් කිලෝ 6 ක පමණ කුඩු ප්‍රමාණයක්‌ නිපදවීමට කුඩු මුදලාලි දන්නේය. ඔහු එයට ඩයිසිපෑට්‌ නමැති නිද්‍රdජනක බෙහෙත් පෙති වර්ගයද සීනිද එකට අඹරා එම කිලෝ 5 ත් පිරිසිදු කුඩු කිලෝ 1 ක අනුපාතයට මිශ්‍ර කරයි. කුඩුවලට සීනි නොව මී පාසානම් මිශ්‍ර කළත් එය අපට ප්‍රශ්නයක්‌ නොවේ. මෙහිදී වැදගත් වන්නේ කුඩ්ඩන්ට කුඩු විකුණන මුදලාලිලා ඒවාට විවිධ දේ මිශ්‍රකර එකට එකක්‌ නොව එකට පස්‌ ගුණයක්‌ ලාභ ඉපැදවීමය. ඒ අනුව කුඩු කිලෝවකට රුපියල් පනස්‌පන් ලක්‍ෂයක්‌ වැයකර රුපියල් කෝටි 3 ක්‌ පමණ ලාභ ලැබිය හැකිය. කුඩු මුදලාලි පොහොසත් කරනු පිණිස කුඩ්ඩෝ මංකොල්ලකමින් ගෙවල් බිඳිමින් මාල කඩා ගනිමින් ගෙවල්වලට පැන හිස්‌ ගෑස්‌ සිලින්ඩර පවා කර තබාගෙන දිවෙමින් ඉතා ත්‍රාසජනක සහ අවදානම් ජීවිත ගත කරති. තමන්ගේ බර මෙන් දෙගුණයක බරක්‌ කරේ තබාගෙන පැයට කිලෝ මීටර් විසිපහක තිහක වේගයකින් දිව යැමට කුඩ්ඩකුට පුළුවන. ඔවුන්ට ඒ ජවය ලැබෙන්නේ කර මත ඇති භාණ්‌ඩය හොර බඩුවක්‌ නම් හා එය විකුණා ලැබෙන ආදායම කුඩු මිලදී ගැනීමට වැය කළ හැකි නම් පමණක්‌ බව මතක තබා ගත යුතුය.

දකුණු ආසියාවේ ලොකුම කුඩු තොගය අල්ලා ගැනීමට අපේ රේගුවට හැකි වීම ජාතියේ වාසනාවකි. මන්ද, මෙරටට ගෙනෙන සියලු විටමින්වල මෙන්ම සියලු මත්ද්‍රව්‍යවලද පාරිභෝගිකයා අපේ ජනතාවමය. කස්‌ටම් එකට පත්ව සිටින අලුත් ලොක්‌කාද 'කික්‌ එකක්‌" තිබෙන රාජ්‍ය නිලධාරියකු බව පෙනෙයි. කලින් සිටි රේගු ප්‍රධානීන් යටතේ ඇඹරි ඇඹරී බඩු ඇල්ලුවාක්‌ මෙන් බඩු ඇල්ලීමට අලුත් රේගු ලොක්‌කා වන ජගත් විඡේවීර යටතේ අවශ්‍ය නැති බව පැහැදිලිය. ජාතිය වෙනුවෙන් සිදුකරන මේ සද්කාර්යය දිගටම පවත්වාගෙන යාමට ඔහුටත් රේගු නිලධාරීන්ටත් ධෛර්යය ලැබේවා.

දිවයින කතුවැකිය
http://www.divaina.com/2013/09/02/editor.html

0 comments: