Pages

Monday, September 2, 2013

රටවල් 76 ක සුපිරි මොළ පැරදවූ සුපිරි තරුව කපුගේ

රංගන තරුවකට හෝ ගීත තරුවකට එවන් තෑගිබෝග කන්දරාවකින් දොaත පුරවද්දී ලෝකයේ "නාසා" ආයතනයේ "කපුගේ තරුව" නමින් ඓතිහාසික ජාත්‍යන්තර තරුවක්‌ ස්‌ථාපනය කොට පැමිණි මේ අපේ රටේ "කපුගේ තරුවට" හෙවත් කපුගේ දරුවාට පිදිය යුතු ගරු බුහුමනින් පුදනු ලැබීද? මුළු මහත් ලෝකයේ එම වයසේ සුපිරි මොළකාරයන් 1500 ක්‌ දෙනා පරදවා මව්බිමට පැමිණි ඔහු, ඇමෙරිකාවේදී ලැබුණ ඩොලර් 3500 ක මුදල් සහ ඉන්දියාවෙන් ලැබුණ ඩොලර් 500 ක මුදල සමග උපන් බිමෙන් ලැබුණ ලක්‍ෂ දෙක තුනක මුදල බැංකුවක තැම්පත් කර ඒ මුදලට ලැබෙන පොලිය ලබාගෙන අනුරාධපුරයේ පුංචි කාමරයක්‌ කුලියට ගෙන උපකාරක පන්තිවලට යමින් කපුගේ වැඩිදුර අධ්‍යාපනය ලබයි. හිස්‌ මුදුනින් තබා පිළිගත යුතු මෙබඳු ජාතියේ සුපිරි දරුවකුගේ අධ්‍යාපනය ශක්‌තිමත් කරගන්නට මීට වඩා සමීප හා උත්තම රැකවරණයක්‌ සමග අත්උදව් දෙන්නට බැරිද? මේ සුපිරි දරුවා පිටිසර දුප්පත් පවුලක නොවූයේ නම් අද ඔහු සුපිරි රියක නැගී රජ මාවතක ගොස්‌ ලෝකය තව තවත් විශ්මයට පත් කරන අපූර්ව නිර්මාණ ශිල්පියකු වනු ඒකාන්තය.

ගීතයක්‌ ගැයීමෙන් හෝ රංගනයක්‌ රැඟීමෙන් රුපියල් කෝටියක මූල්‍ය දායාද සමග සුපිරි වාහනයක්‌ හා තවත් තෑගි බෝග පිරිනමන අපේ රටේ, ලෝකයේ රටවල් 76 ක සුපිරි මොළ කාරයන් 1500 ක්‌ පමණ දෙනා පරදවා ලෝකයේ ලොකුම මොළකාර දරුවා බවට පත්වූ මිහින්තලේ මහා විද්‍යාලයේ ඉගෙන ගනිමින් මෙවර විද්‍යා විෂයයන්ගෙන් උසස්‌ පෙළ විභාගයට ඉදිරිපත්වූ ගලෙන්බිඳුණුවැව පිටිසරබද දිවුල්වැව ගම්මානයේ දුප්පත් පවුලක උපන් කපුරුබණ්‌ඩාගේ පුබුදු දිනේෂ් අනුරුද්ධ චිත්‍රානන්ද කපුගේ සිසු දරුවාට සාධාරණය ඉටුවීද?

රංගන තරුවකට හෝ ගීත තරුවකට එවන් තෑගිබෝග කන්දරාවකින් දොaත පුරවද්දී ලෝකයේ "නාසා" ආයතනයේ "කපුගේ තරුව" නමින් ඓතිහාසික ජාත්‍යන්තර තරුවක්‌ ස්‌ථාපනය කොට පැමිණි මේ අපේ රටේ "කපුගේ තරුවට" හෙවත් කපුගේ දරුවාට පිදිය යුතු ගරු බුහුමනින් පුදනු ලැබීද? මුළු මහත් ලෝකයේ එම වයසේ සුපිරි මොළකාරයන් 1500 ක්‌ දෙනා පරදවා මව්බිමට පැමිණි ඔහු, ඇමෙරිකාවේදී ලැබුණ ඩොලර් 3500 ක මුදල් සහ ඉන්දියාවෙන් ලැබුණ ඩොලර් 500 ක මුදල සමග උපන් බිමෙන් ලැබුණ ලක්‍ෂ දෙක තුනක මුදල බැංකුවක තැම්පත් කර ඒ මුදලට ලැබෙන පොලිය ලබාගෙන අනුරාධපුරයේ පුංචි කාමරයක්‌ කුලියට ගෙන උපකාරක පන්තිවලට යමින් කපුගේ වැඩිදුර අධ්‍යාපනය ලබයි. හිස්‌ මුදුනින් තබා පිළිගත යුතු මෙබඳු ජාතියේ සුපිරි දරුවකුගේ අධ්‍යාපනය ශක්‌තිමත් කරගන්නට මීට වඩා සමීප හා උත්තම රැකවරණයක්‌ සමග අත්උදව් දෙන්නට බැරිද? මේ සුපිරි දරුවා පිටිසර දුප්පත් පවුලක නොවූයේ නම් අද ඔහු සුපිරි රියක නැගී රජ මාවතක ගොස්‌ ලෝකය තව තවත් විශ්මයට පත් කරන අපූර්ව නිර්මාණ ශිල්පියකු වනු ඒකාන්තය.

කපුගේ දරුවාගේ පියා ගලෙන්බිඳුණුවැව, දිවුල්වැව පිටිසර ගොවි ගම්මානයේ පදිංචි කපුරු බණ්‌ඩා මහතාය. අම්මා ශ්‍රියානි කුසුම් කුමාරසිංහ මහත්මියයි. ගලෙන්බිඳුණුවැව ප්‍රදේශය රජරට උගතුන් බිහිකරන ඉසව්වකි. 

කපුගේ අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වන තුරු අධ්‍යාපනය ලැබුවේ දිවුල්වැව ගමේ පුංචි පාසලේය. ඔහු හයවෙනි වසරේ ඉගෙනුම ලබද්දී "නියර රහින යන්ත්‍රයක්‌" නිපදවීමේ සිතුවිල්ල ඔහුට පහළ විය. දිවුල්වැව ගමේ "සෙව්වන්දි" නමින් පුංචි ගරාජයක්‌ විය. කපුගේ මෙම ගරාජයට ගොස්‌ පරණ යකඩ කෑලි මූට්‌ටු කරමින් නියර රහින යන්ත්‍රයක මූලික සැකිල්ල සිය බුද්ධි ශක්‌තියෙන්ම නිර්මාණය කරගත්තේය. කාලයත් සමග කපුගේ වැඩෙන්නාක්‌ මෙන් මේ යන්ත්‍ර සැකිල්ලද ටිකෙන් ටික ඔහුගේ මොළයෙන් වැඩෙන්නට විය. යන්ත්‍රයේ ඉදිරි නිර්මාණයන් පිළිබඳ හිතට ගලා එන බුද්ධිමය සිතුවිලි ඒ වහාම හදාගන්නට ඔහුට මුදල් හිඟ විය. දරුවා තේරුම් ගත් මව්පියෝ පදිංචිව සිටි ඉඩමෙන් අඩක්‌ විකුණා ඔහුට මුදල් ලබා දුන්හ. යන්ත්‍රයේ ඊළඟ අදියරට යන විට යළිත් ඔහුට මුදල් නැති විය. එවිට ඔහු "බුක්‌මාර්ක්‌" අලෙවි කර මුදලක්‌ උපයාගෙන යළිත් යන්ත්‍රය වැඩිදියුණු කළේය. මේ අතර හිටපු මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගෙන් රුපියල් තිස්‌ දහසක්‌ ද, පළාත් සභා මන්ත්‍රී හේරත් බණ්‌ඩා මහතාගෙන් රුපියල් පහළොස්‌ දහසක්‌ ද ඔහුට ලැබිණ. මීට අමතරව ගුරුවරුන්ගෙන්, පාසලින්, ඥතීන්ගෙන්, හිතවතුන්ගෙන්, ගමේ අයගෙන් කපුගේට මුදල් ආධාර ලැබිණ. මේ සියලු උදව් උපකාර මැද "නියර රහින යන්ත්‍රය" සම්පූර්ණ කරගෙන කනිෂ්ඨ අංශයේ නව නිපැයුම් තරගාවලියට මෙම යන්ත්‍රය ඉදිරිපත් කෙරිණි. විවාදයකින් තොරව කපුගේගේ යන්ත්‍රය දිවයිනේ ප්‍රථම ස්‌ථානයට තේරිණි.

මව්පියන් ගේදොර උගස්‌ කොට දරුවාට අවශ්‍ය මුදල් පුළුවන් තරමින් රැස්‌කර දුන්නේය. මේ අතරතුර උසස්‌ පෙළ අධ්‍යාපනය සඳහා කපුගේ දරුවා මිහින්තලේ මහා විද්‍යාලයට පැමිණියේය. මිහින්තලේදී ඔහුට හමුවූ ගුරුවරුන්, ඉංජිනේවරුන් හා විද්‍යාඥයන් කපුගේ ගේ විද්‍යාත්මක බුද්ධිය ඔපවත් කරගැනීමට විවිධ පැතිවලින් මගපෙන්වනු ලැබීය. මේ සියලු දිරිගැන්වීම් මැද කපුගේ දරුවා අංගසම්පූර්ණ නියර රහින යන්ත්‍රයක්‌ නිර්මාණය කළේය. එය ලෝකයේ ප්‍රථම නියර රහින යන්ත්‍රය විය. මේ වන විට මේ යන්ත්‍රය නිපදවීම සඳහා කපුගේට රුපියල් දශ ලක්‍ෂයක තරම් වියදමක්‌ දරන්නට සිදුවිය. අනන්ත අගහිඟකම් මැද දුක්‌ කරදර පසුබෑම් මැද නිර්මාණය කරගත් නියර රහින යන්ත්‍රය ගොයම් කපන යන්ත්‍රයකට සවිකොට ඔහු විසින්ම අක්‌කරයක කුඹුරු ප්‍රමාණයේ සියලුම නියර පැය තුනක කාලයක්‌ තුළ ශුද්ධ කර අවසන් කළේය. ඔහුගේ මෙම නව නිර්මාණය "පුබුදු රන්කෙත" නමින් හඳුන්වන ලදී.

නියර රහින යන්ත්‍රයට අමතරව කපුගේ විසින් නියර බඳින යන්ත්‍රයක්‌ ද, පොල් කැඩීමට පොල් කඩන යන්ත්‍රයක්‌ ද, ව්‍යායාම කරද්දීම රෙදි සෝදන යන යන්ත්‍රයක්‌ ද නිපදවා ඇත. බුද්ධියට මළකඩ කන්නට නොදී බුද්ධිය සමග පොර බඳිමින් ඔහු විසින් දිගින් දිගටම කරගෙන ගිය මෙම නිර්මාණකරණයට බොහෝ ශිල්පීන්ගෙන් හා ආයතනවල මග පෙන්වීම් හා උපකාර ලැබුණ බව කපුගේ නිහතමානීව සිහිපත් කරයි. මිහින්තලේ මහා විද්‍යාලය සහ ගුරු මණ්‌ඩලය, උතුරු මැද ඉංජිනේරු ආයතනයේ ශ්‍රීමා බණ්‌ඩාර, මහේෂ් දිසානායක, ලලනී විඡේසේකර, ප්‍රදීප් ජයසූරිය, කොළඹ ඉංජිනේරු ආයතනයේ ජයවිලාල් මීගොඩ, එච්. ඇම්. ගුණසේකර යන මේ විද්වතුන් හැමදෙනාම ගුරුවරුන් සහ පියවරුන් ලෙස තමන්ට උපකාර කළ බව කපුගේ කෘතවේදීව සිහිපත් කරයි.

නිෂ්පාදිත නියර රහින යන්ත්‍රය කනිෂ්ඨ අංශයේ දිවයිනේ හොඳම නිර්මාණය ලෙස තෝරා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය මගින් 2013 මැයි මස 12 සිට 17 දින දක්‌වා අමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ පීනික්‌ස්‌ නගරයේ පැවති - ලෝක නව නිපැයුම් තරගාවලියට ඉදිරිපත් කරන ලද අතර විදුලිය හා යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ ලෝකයේ ඉස්‌තරම්ම නිෂ්පාදනය හැටියට "පුබුදු රන්කෙත" තේරුණ අතර එය රටවල් 76 ක්‌ සහ තරගකරුවන් 1500 ක්‌ පසුබා ලෝකයේ හොඳම නව නිර්මාණකරුවා හැටියට තේරුණි. ගමනේ වියදම් දරා ඇත්තේ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය මගිනි.

තමාගේ ලෝක ජයග්‍රහණයේ නාමයෙන් අපේ රටේ අධ්‍යාපන විෂය ධාරාවට තාක්‍ෂණවේදය එකතුවීම ගැන තමන් බෙහෙවින් සතුටු වන බවත් එම ගෞරවය පිටිසරබද ගමක දුප්පත් පවුලක උපන් තමන්ට හිමිවීම මුළු රජරටටම නම්බුවක්‌ බවත් ඔහු කියයි. තාක්‌ෂණවේදයේ ඉහළටම යාම පිණිස අමෙරිකාවේ නාසා ආයතනයට සම්බන්ධවීම තමන්ගේ එකම අධිෂ්ඨානය බව පවසන කපුගේ තමන්ට අත දෙන්නට කෙනකු හමුවනතුරු දැස දල්වා බලා සිටී.

එප්පාවල - රත්න බී. ඒකනායක
http://www.divaina.com/2013/09/02/feature03.html

0 comments: