බෙල්ලන්විල රජමහා විහාරයේ 63 වැනි අවසන් රන්දොaලි පෙරහැර පෙරේදා (31 වැනිදා) රාත්‍රි වීදි සංචාරය කළ අතර, එය නැරඹීමට ලක්‍ෂයකට ආසන්න පිරිසක් පැමිණියහ.
උඩරට, පහතරට, සබරගමු නැටුම් සම්ප්‍රදායන් ඇතුළු සංස්‌කෘතික අංග රැසකින් හැඩ වැඩ වූ මෙම පෙරහැරට අලි ඇතුන් තිහකට අධික ප්‍රමාණයක් ගමන් කරනු දක්‌නට ලැබිණි.
මෙම පෙරහැර බෙල්ලන්විල රජමහා විහාරයේ නැගෙනහිර වාහල්කඩින් ගමන් ආරම්භ කළ අතර පසුව විහාර මාවත, මහරගම - දෙහිවල ප්‍රධාන මාර්ගය ඔස්‌සේ නැදිමාලටත්, අනතුරුව පැපිලියාන පාර ඔස්‌සේ බෙල්ලන්තර හන්දිය තෙක් පැමිණ ශ්‍රී සෝමරතන මාවත, විහාර මාවත ඔස්‌සේ පැමිණ නැවත නැගෙනහිර වාහල්කඩින්ම විහාරස්‌ථානයට ගෙවැදුණි.
එසේ පෙරහැර නිමාවීමෙන් පසු ඊයේ (01 වැනිදා) බොරලැස්‌ගමුව ප්‍රදේශයේ දිය කැපීමේ මංගල්‍යය සිදු කරනු ලැබීය. එම දිය කැපීමේ මංගල්‍යයෙන් පසු දේවදාන පිංකම විහාරයේදී පැවැත්විණි.
පෙරහැරට සහභාගි වූ හා උදව් කළ සියලු දෙනා හට සෙත් ශාන්තිය පැතීමේ ආශිර්වාදාත්මක ගරායක් නැටුමෙන් පසු බෙල්ලන්විල පෙරහැර මංගල්‍යය නිමාවට පත් විය.
බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමිපාණන්ගේ අනුශාසනා පරිදි එම විහාරස්‌ථාන දායක සභාව මගින් පෙරහැර සංවිධාන කටයුතු සිදුකර තිබිණි.
මේ අතර බෙල්ලන්විල රජමහා විහාරයේ අවසන් රන්දොaලි පෙරහැර මාධ්‍ය ආවරණ කටයුතු සඳහා ගිය මුද්‍රිත හා විද්යුත් මාධ්‍යවේදීන්ට එම විහාරයේ මාධ්‍ය එAකකයේ මාධ්‍යවේදීන් යෑයි කියාගන්නා පිරිසක් විසින් තර්ජනය කරමින් බාධා කිරීම් සිදුකර ඇතැයි වාර්තාවේ.
එම මාධ්‍යවේදීන් යෑයි කියා ගන්නා පිරිස පෙරහැර වීඩියෝගත කරන හා ඡායාරූප ගන්නා අවස්‌ථාවන්හිදී එම කැමරා මැද්දට පැන බාධා කළ බව අපහසුතාවට පත්වූ විද්යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන් කීප දෙනෙක්‌ම "දිවයින"ට පැවසූහ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ධර්මසේන වැලිපිටිය, එස්. පී. ආරියරත්න - රත්මලාන, ඥනතිස්‌ස ජයවර්ධන - බොරලැස්‌ගමුව
http://www.divaina.com/2013/09/02/news20.html

0 comments:
Post a Comment