Pages

Monday, September 2, 2013

ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව තායිලන්තයේදී සංවිධානය කරන පළමු කඨින පූජා පිංකම

ලක්‌දිව බුදු සමය පිරිහී ගිය අවදියේ වැලිවිට සරණංකර මහනාහිමියන්ගේ ඉල්ලීම පිට ක්‍රි.ව. 1795 දී උපාලි හිමි ප්‍රමුඛ සියම් භික්‍ෂූන් වහන්සේලා මෙරටට වැඩම කර ලක්‌දිව උපසම්පදාව නැවතත් ඇති කළහ. සියම් නිකාය ආරම්භ වූයේ එමගිනි. පසුගියදා තායිලන්ත අගමැතිනි යින්ලුක්‌ ෂිනවත්‍රා මහත්මිය මෙරටට පැමිණියේ උපසම්පදාව රැගෙන විත් වසර 260 ක්‌ සම්පූර්ණවීම නිමිත්තෙන් පැවැති ප්‍රධාන ආගමික උත්සවයට සහභාගිවීම සඳහාය. තායි දේශය හා ශ්‍රී ලංකාව අතර ඇති සම්බන්ධය වසර සිය ගණනක්‌ ඈතට දිවයන්නකි.

කෝට්‌ටේ ශාන්ති බුද්ධ භූමි සංවිධානය මේ ඓතිහාසික සිද්ධිය සැමරීම සඳහා තායිලන්තයේදී කඨින පිssංකමක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇත. ශ්‍රී ලාංකික බෞද්ධයින් විසින් තායිලන්තයේදී කඨින පිංකමක්‌ පවත්වන පළමු අවස්‌ථාව මෙය වන අතර එම අසිරිමත් පිංකම ලබන ඔක්‌තෝබර් 24 හා 25 දිනවලදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ආගමික කටයුතු අංශයේ මූලික මඟපෙන්වීම යටතේ පැවැත්වෙන මෙම පිංකම සඳහා පූජ්‍ය ගැටමාන්නේ ගුණානන්ද හිමි, පූජ්‍ය පදලංගල ධම්මදේව හිමි, මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ, මහාචාර්ය ඡේ. බී. දිසානායක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් යන විද්වත් මණ්‌ඩලය සහභාගිවීමට නියමිතය.

තායිලන්තයේ පැවැත්වෙන කඨින පුෙණ්‍යාaත්සවයේදී ශ්‍රී ලාංකික නැටුම් ශිල්පීන් සහභාගි වන විශේෂ බෞද්ධ පෙරහැරක්‌ ද සංවිධානය කර ඇති බව මෙම පිංකම සංවිධානය කරන ශාන්ති බුද්ධ භූමි සංවිධානයේ අධ්‍යක්‍ෂ සුමිත් පළිහවඩන මහතා ප්‍රකාශ කරයි. පුරා වසර 25 කට අධික කාලයක්‌ ඉන්දියාවේ බෞද්ධ පූජනීය ස්‌ථානවල අසිරිමත් පිංකම් සංවිධානය කළ ශාන්ති බුද්ධ භූමි සංවිධානය මෙවර සිය පිංකම තායිලන්තයේදී පැවැත්වීමට තීරණය කර ඇත. මේ පිළිබඳ වැඩි විස්‌තර 0112885871, 2885900 හෝ 0777770112 අංකවලින් ලබාගත හැකිය.

චතුර - http://www.divaina.com/2013/09/02/news13.html

0 comments: