Pages

Sunday, March 23, 2014

මේ මුසලු කුඩු ජාවාරමේ එක් දාමයක් පමණි! කුඩු ගෙනාවේ 'මොහොමඩ් චාලි' - බාරගන්න හිටියෙ 'මොහොමඩ් සබ්රි' - බඩු එව්වේ 'සිද්ධික්‌'

රේගුවත් එක්‌ක චක්‌ගුඩු පනින කුඩ්ඩෝ!

* රට යන තැන භායානකයි කුඩු හැම තැන ගමන් කරයි
* කුඩු ගෙනාවේ "මොහොමඩ් චාලි බඩු එව්වේ "සිද්ධික්‌"
* රේගුවෙන් පැන්න චාලි නුවරින් මතුවේ

කලකට ඉහත අපි හෙරොයින් හෙවත් කුඩු මෙන්ම කුඩු ජාවාරම පිළිබඳවද බොහෝ කරුණු දක්‌වා කුඩු නිසා මේ රට කුඩු වෙමින් තිබෙන ආකාරය සියලු දෙනාගේ දැන ගැනීම පිණිස මැනවින් හෙළි කළෙමු. 

ඒ ත්‍රස්‌තවාදය වපුරා මේ බිමෙන් කොටසක්‌ ඉල්ලමින් රට වැනසූ එල්ටීටීඊය අප වෙත මුදාහල ම්ලේච්ඡත්වය සමග සිය පැවැත්ම උදෙසා කුඩු ජාවාරම ක්‍රියාත්මක කළ අන්දම සහ ඊට නොදෙවැනි අයුරින් දකුණේ පාතාලය එල්ටීටීඊයේද කොටස්‌කරුවන් වෙමින් මත් කුඩු ජාවාරමේ යෙදෙන අන්දම රටටම පෙන්වා දෙමිනි.

එහිදී සුදු රෙදි හැඳ ඒ රෙදි යට මත් කුඩු පොට්‌ටනි සඟවාගෙන සාතන්ලා සේ රඟන අතරේ සත් ගුණවත් සාදු චරිත මෙන් සමාජයේ වැජඹෙන ඇතැම් දේශපාලක අප්පොච්චිලා පිළිබඳවද රටටත් ජනතාවටත් කියා දෙන්නට අපි පසුබට නොවුණෙමු.

තිස්‌ වසරක ත්‍රස්‌තවාදයේ ශාපයෙන් මිදුණු මේ බිම උදා වූ සාමය සමග ඉදිරියට යන ගමනේදී මත් කුඩු වසංගතයේ ගොදුරක්‌ බවට යළි යළිත් පත් නොවන තැනට කටයුතු සිදු වනු දැකීම එහිදී අපේ ඒකායන අරමුණ විය.

නමුත් මේ මොහොත වන විට සිදුව ඇත්තේ කුමක්‌ද? රටම විඳවූ ත්‍රස්‌තවාදය වනසා සැනසීම ලබන්නට අපි සමත් වීමු. එය එසේ වුවද කුඩු වසංගතයෙන් රට මුදා ගන්නට තවමත්a අප අසමත්ව ඇත්තේය. එහි ප්‍රතිඵලය ලෙස ජාත්‍යන්තර මත් කුඩු ජාවාරමේ ප්‍රබල කේන්ද්‍රස්‌ථානයක්‌ බවට ශ්‍රී ලංකාව අද පත්වී තිබෙන්නේ අතිශය කණගාටුදායක ලෙසින්ය.

ඉකුත් කාලයේ දේශපාලන මැදිහත්වීම්ද සමගින් කොළඹ වරායෙන් පිට කරන්නට ගොස්‌ ජාතියේ පිනට පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයට සහ රේගුවට හසු වූ කිලෝ 260 කුඩු කන්ටේනරයේ කතාවෙන් මෙන්ම මෑතකදී කටුනායක ගුවන් තොටුපළේදී කුඩු කිලෝ තිහක්‌ සමග කොටු වූ ලයිබීරියානු ජාතිකයාගේ සහ ඉකුත් සතියේ කුඩු කිලෝ 36 ක්‌ සමග කරළියට ආ "බෝල්ට්‌ ඇණ" කන්ටේනරයේ කතාවෙන්ද පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර කුඩු ජාවාරමේ තිප්පොළක්‌ වීමේ ෙ€දවාචකයේ සුලමුලය.

එසේ නම් මේ අප ළඟා වී සිටින්නේ වහාම ගැටලුවට විසඳුමක්‌ දිය යුතු මොහොතට බව ඉහත කී සිදුවීම් හමුවේ වගකිවයුත්තන්ට ඇඟිල්ලෙන් ඇන කියා දිය යුතු නැත. නමුත් අවදානම බරපතල වුවද ඉහළ සිට පහළ දක්‌වා වන වගකිවයුත්තන් අතරින් ඇතැමුන් රට වෙනුවෙන් වන සිය වගකීම සහ කැපවීම වටහාගෙන සිටින්නේ දැයි යන්න සැක සහිතය.

අප එසේ කියන්නේ ඉහත කී කිලෝ 260 කුඩු කන්ටේනරයේ සහ ලයිබීරියානුවාගේ මෙන්ම ඉකුත් සතියේ මතු වූ "බොල්ට්‌ ඇණ" කුඩු කතාව සමඟ බැඳී තිබෙන සිද්ධි දාමය දෙස විමසීමෙන් බැලීමේදී මතුවන ගැටලු හමුවේය.

කිලෝ 260 කුඩු කන්ටේනරයේ කතාවේදී එම කුඩු කන්ටේනරය මුදා ගන්නට එය මෙරටට ගෙන්වූ පාකිස්‌තානුවා වෙනුවෙන් දැන හෝ නොදැන නින්දිත දේශපාලන මැදිහත්වීමක සහාය ලැබෙමින් තිබූ බව අද රටම දන්නා කතාවකි. එය පසුගිය කාලයේ මැති සබයේදී පැවා රැව් පිළිරැව් දුන්නකි. 

එසේම ලයිබීරියානුවාගේ සිද්ධියේදී බෑග් දෙකක කුඩු පුරවාගෙන මෙරටින් පිටවීමට කටුනායක ගුවන් තොටුපළට පැමිණි හේ සාක්‌කුවෙන් ගෙන රේගු නිලධාරින්ට පෙන්වූ රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක්‌ දැක ඊට රැවටී ලයිබීරියානුවා අතහැර ඔහු ගෙනා කුඩු බෑග් දෙක දිනක්‌ ඉක්‌ම යන තුරුම තමන් භාරයේ තබා ගන්නට තරම් රේගු නිලධාරින් බාබාලා වූ අයුරුද අපට රහසක්‌ නොවේ.

නමුත් එහිදීද ලයිබීරියානු ජාතිකයා භාවිත කළ "විසිටින් කාඩ්" පතක්‌ අනුව යමින් පුළුල් විමර්ශනයක්‌ සිදු කළ පොලිස්‌ මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශය එකී කුඩු කතාවේ සියල්ල අනාවරණය කර ගන්නා අතරේ තමන්ගේ මෙහෙයුම මෙරට සිටින කුඩු රජෙකු බවට හඳුනාගත් දෙවුන්දර "තමිල්"ගේ ජාත්‍යන්තර කුඩු ජාලය දක්‌වාම විහිදුවා හැරියේ ජාතියේ වාසනාවක්‌ ලෙසිනි.

දෙවුන්දර තමිල්ගේ කෙරුවාව අනාවරණය කර ගන්නට පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශය එසේ අති දුෂ්කර මෙහෙයුමක්‌ සිදු කරද්දී එහිදීද අවසානයට සිදු වූයේ වගකිව යුත්තන්ට වගකීම අමතක වී තිබේද යන සැක යළි යළිත් මතු කෙරෙන සිදුවීමකි.

ඒ අන් කිසිවක්‌ නොව කුඩු රජකු බව පොලිසියම හඳුනාගත් දෙවුන්දර තමිල් තායිලන්තයේ සිට මෙරටට පැමිණි මිනී මැරුමක සැකකරුවකු ලෙස රහස්‌ පොලිසියේ කූඩුවකට රිංගීමය. එහිදී සිදුවූයේ කුමක්‌ද යන්න පිළිබඳ අපි කිසිත් නොදන්නෙමු. 

ඉකුත් සතියේ යළිත් වරක්‌ තවත් කුඩු කතාවක්‌ ලෙසින් කොළඹ වරායට පාකිස්‌ථානයේ සිට ළඟා වූ කන්ටේනරයක තිබූ බෝල්ට්‌ ඇණ තොගයකින් කුඩු කිලෝ ග්‍රෑම් 36 ක්‌ මතු වූයේ ඉහතකී සිද්ධීන්වල පසුබිම් කතා එසේ වෙමින් තිබියදීය. 

මේ මොහොත වන විට පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එම කුඩු තොගය මෙරටට ගෙන්වූ පාකිස්‌තානුවා පමණක්‌ නොව එකී කුඩු ගොඩ මෙරටදී භාර ගැනීමට සිටි කෝටිපතියකුද අත්අඩංගුවට ගෙන අවසන්ය. 

එහෙත් විදේශයකින් ලැබුණු ඔත්තුවකට අනුව අත්අඩංගුවට ගත්තේ යෑයි කියමින් රේගුව විසින් අණ බෙර ගසමින් මාධ්‍ය සංදර්ශන පවත්වන්නට වූ මෙකී කුඩු තොගය සොයා ගැනීමේ සිද්ධියේදීද රේගුව වගකීමෙන් යුතුව කටයුතු කළේද යන්න ගැටලු සහගත වන්නේ කුඩු තොගය සොයා ගැනීමෙන් පසු රේගු නිලධාරින්ගේ අත්අඩංගුවෙන් මිදී පලා ගිය සැකකාර පාකිස්‌තානුවා අල්ලා ගැනීමට පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදු කළ කැපකිරීම් සහ වෙහෙස හමුවේය. 

රේගුවම කියන පරිදි පාකිස්‌තානයේ කරච්චි නුවර සිට කුඩු තොගයක්‌ද සහිත කන්ටේනරයක්‌ මෙරටට ළඟා වෙමින් තිබෙන බව රේගු නිලධාරින්ට කල්තියා තොරතුරක්‌ ලැබෙන්නේය. පසුව කොළඹ වරායට ළඟා වූ එම කුඩු කන්ටේනරය රේගු නිලධාරින් හඳුනා ගන්නේය. 

එසේ හඳුනාගත් කන්ටේනරය විවෘත කර බලන රේගුවට එහි ඇති සැක සහිත බෝල්ට්‌ ඇණ තොගයක්‌ තිබූ පෙට්‌ටි කිහිපයක්‌ හමුවන්නේය. අවසානයේ ඒ තුළ තිබී බෝල්ට්‌ ඇණ අතර සූක්‍ෂම ලෙස සැකසූ ඇණ ගණනාවක වූ කුඩු තොගය රේගුව සොයා ගන්නේය. 

නමුත් මේ කතාවේදී එම බෝල්ට්‌ ඇණ ගෙන්වූ අය පාකිස්‌තානු ජාතිකයකු යෑයි කියන රේගුව එකී සැකකරු පිළිබඳ ඉන් එහා කිසිත් නොකීවේය. රේගුව එසේ නිහඬ වූයේ කුමක්‌ නිසාද?

එකී නිහඬ බව ඇති වන්නේ දැනගැනීමට ඇති පරිදි මෙසේය. කන්ටේනරය තුළ තිබූ කුඩු තොගය ඇතුළත් බෝල්ට්‌ ඇණ පෙට්‌ටි සොයා ගැනීමෙන් පසු එය ගෙන්වූ එකා භාණ්‌ඩ නිදහස්‌ කර ගැනීමට එනතුරු ඉවසිලිමත් නොවන රේගුව එකී කන්ටේනර මෙරටට ගෙන්වූ නැව් සමාගම වෙත යන්නේය. 

සැකය කුඩු ජාවාරමක්‌ පිළිබඳවය. නමුත් රේගු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයක්‌ මෙන්ම බුද්ධි ඒකකයක්‌ද තිබියදී එසේ නැව් සමාගම වෙත යන්නේ එකම එක රේගු නිලධාරියෙකි.

එසේ පිටත්ව යන හේ නැව් සමාගමට ගොස්‌ ඔවුන් මගින් ආදාළ බෝල්ට්‌ ඇණ තොගය ගෙන්වූ පාකිස්‌තානුවා එහි ගෙන්වා ගන්නේය. හේ නමින් 58 හැවිරිදි මොහොමඩ් චාලි නමැත්තෙකි. පාකිස්‌තානුවා නැව් සමාගමට කැඳවන රේගු නිලධාරියා අවසානයේ බෝල්ට්‌ ඇණ තිබෙන පෙට්‌ටි පිළිබඳ සැක මතුවී තිබෙන්නේයෑයි පාකිස්‌තානුවාට පවසා එම පෙට්‌ටි විවෘත කිරීම සඳහා යෑයි කියමින් ඔහුද කැටුව වරායට එන්නට පිටත් වන්නේය. 

නමුත් මෙහිදී වැඩේ දැන ගන්නා පාකිස්‌තානුවා කරනුයේ රේගු නිලධාරියා සමග නැව් සමාගමේ සිට මහමග දක්‌වා පැමිණ මහමගදී රේගු නිලධාරියා තල්ලු කර දමා පැන දිවීමය. එසේ යකා පැන යැමෙන් පසු හිමින් සීරුවේ පැමිණ අදාළ බෝල්ට්‌ ඇණ පෙට්‌ටි විවෘත කරන රේගුව ඒ තුළ තිබූ කුඩු තොගය සොයාගෙන "මෙන්න බඩු" කියමින් උඩ පැන්නේය.

එහිදී පාකිස්‌තානුවා ගැන වැඩි දුර කතා නොකිරීමට රේගුවට සිදු වන්නේ මහා පරිමාණ කුඩු ජාවාරම්කාරයකු අල්ලාගෙන එන්නට එක්‌ නිලධාරියකු පිටත් කර යෑවීම හමුවේ සිදු වන හෝ සිදු කළ අතපසු කිරීම නිසාය. නමුත් මේ සමගම පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතාගේ සෘජු නියෝගයක්‌ අනුව රේගු නිලධාරියාගේ අතගසා දමා තල්ලු කර පැන ගිය පාකිස්‌තානුවා කොටු කර ගැනීමේ වගකීම භාර කෙරෙනුයේ පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයටය.

ඒ අනුව රේගුව වරද්දා ගනිද්දී මෙහිදීත් අවසානයේ වැඩේ ගොඩ දානුයේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් පිරිසකි. සිය විමර්ශනයේදී පැන ගිය පාකිස්‌තානුවාට අයත් ගුවන් ගමන් බලපත්‍රයේ පිටපතක්‌ අදාළ නැව් සමාගම සතුව තිබී මුලින්ම සොයාගන්නා මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරින් පාකිස්‌තානුවා කොටු කර ගැනීමේ මෙහෙයුම අරඹන්නේ එහි තිබූ දුරකථන ජංගම අංකයක්‌ ඔස්‌සේ යමිනි.

එකී දුරකථන අංකය කොටහේන ප්‍රදේශයේ කාන්තාවකගේ නමට ගත් එකක්‌ බවද මෙහිදී පොලිසිය සොයා ගන්නේය. කෙසේ හෝ එම දුරකථන අංකයට ලැබුණු ඇමැතුම් පිළිබඳ විමර්ශනයක යෙදෙන පොලිසිය අවසානයේ නුවර ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටියදී කුඩු තොගය සහිත බොල්ට්‌ ඇණ ගෙන්වූ පාකිස්‌තානුවා අත්අඩංගුවට ගන්නේ පැහැදිලි විමර්ශන හා මෙහෙයුම් යන්න මේ යෑයි රේගුවට පෙන්වා දෙමිනි.

එකී පාකිස්‌තානුවා අල්ලා ගැනීමේ මෙහෙයුම තුළ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් සියල්ල සාර්ථක කර ගැනීම සඳහා දිවා රෑ නොබලා ගත් වෙහෙස අපමණය. වරක්‌ සැකකාර පාකිස්‌තානුවා දකුණේ හෝටලයක නතර වී සිටින බවට සොයා ගන්නා මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරිහු තෙදිනක්‌ පුරා රෑ නිදිවරා දකුණු පළාතේද මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කළහ. 

කෙසේ හෝ රේගුව වරද්දා ගනිද්දී සියල්ල නිවැරදි කිරීමට වෙහෙසෙන පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශය අවසානයේ අත්අඩංගුවට ගත් පාකිස්‌තානු ජාතික මොහොමඩ් චාලි කොළඹට රැගෙනවිත් ප්‍රශ්න කිරීම් ඇරඹීය. එහිදී පාකිස්‌තානුවා වමාරන්නට වූයේ මත්ද්‍රව්‍ය කාර්යාංශයද බලාපොරොත්තු නොවූ කතාවකි. 

"සිද්ධික්‌" යනු මෙරට කුඩු රජා ලෙසට ප්‍රකට වෙළේ සුදා සමීපයේ සිට ඔහු සමග කුඩු ජාවාරම මෙහෙයවූ ප්‍රබලයකු බවට පොලිසිය හඳුනාගෙන සිටිනුයේ කලක සිටය. අල්ලා ගත් පාකිස්‌තානු ජාතිකයා පොලිසියට කියන්නට වූයේ දැනට පාකිස්‌තානයේ සැඟවී සිටින සිද්ධික්‌ මසකට රුපියල් ලක්‍ෂ දෙකක වැටුපකට තමන්ව සේවයට බඳවාගෙන මේ අන්දමින් කලක පටන් පාකිස්‌තානයේ සිට නැව්ගත කරන භාණ්‌ඩ මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පිටත් කර එවන බවය. 

එසේ පැමිණීමෙන් පසු ලංකාවේදී එම භාණ්‌ඩ මුදාගෙන පාකිස්‌තානයේ සිටින සිද්ධික්‌ දුරකථනය ඔස්‌සේ දෙන උපදෙස්‌වලට අනුව අදාළ පුද්ගලයන්ට භාර දෙන බවද ඔහු පොලිසියට කීවේය. එසේ පාකිස්‌තානුවා කළ ප්‍රකාශ අනුව මෙම බෝල්ට්‌ ඇණ කුඩු කන්ටේනරය මෙරටදී භාර ගැනීමට නියමිතව සිටි මොහොමඩ් සබ්රි නමැත්තකුද කොටු කර ගැනීමට අවසානයේ පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින්ට හැකි විය. 

අත්අඩංගුවට ගනු ලැබූ පාකිස්‌තානු ජාකතිකයා මීට පෙර අවස්‌ථාවක මත්ද්‍රව්‍ය කාර්යාංශයට කොටුවී රැඳවුම් නියෝග මත රඳවා සිටියකු බවද මෙහිදී පොලිසිය හඳුනා ගන්නේය. එසේම සිද්ධික්‌ මේ අන්දමින් අවස්‌ථා කිහිපයකදී වතුර මෝටර් ඇතුළු විවිධ භාණ්‌ඩ එවමින් පාකිස්‌ථානියේ සිට මෙරටට මත් කුඩු තොග එවා ඇතැයිද විමර්ශනවලදී හෙළි වී ඇත.

මේ වන විට මෙම සිද්ධියේ තවත් රට හෙල්ලෙන විමර්ශන කිහිපයක්‌ම සිදු වෙමින් තිබෙන්නේය. රට වෙනුවෙන් එකී විමර්ශනය කරන නිලධාරින්ට පූර්ණ සහාය ලබා දිය යුතුම නිසා ඒ පිළිබඳ අපි කිසිත් කතා නොකරන්නෙමු. 

නමුත් බලධරයනි, මේ සියල්ලෙන් කියෑවෙමින් තිබෙන්නේ රට ඉතාම භයානක තැනකට ඇදී යමින් තිබෙන බවම නොවේද?

සමන් ගමගේ
http://www.divaina.com/2014/03/23/feature17.html

සබැඳි ලිපි -
[
‘බෝල්ට්’ මොහොමඞ් ඩබලම අත්අඩංගුවට. වැඩකරන්නේ ලාංකික කුඩු රජු සිද්දධික් යටතේ! කලින් කුඩු කිලෝ 12ක් ගෙනා සියාමුත් දැලේ...http://denethharinna.blogspot.com/2014/03/12.html
කළින් 3වතාවක් මහා පරිමාණයෙන් ගෙන්වලා! කුඩු කිලෝ 36 ක්‌ ගෙනා පාකිස්‌තානු කුඩු රජා සහ මෙරට මුසලු කුඩු ප්‍රධානී මොහොමඩ් දැලේhttp://denethharinna.blogspot.com/2014/03/3-36.htmlකුඩු කිලෝ 36 මහ මොළකරුවන් පකිස්ථානු මුසලුවා සහ ලාංකීය කුඩු මුසලුවා දැලේhttp://denethharinna.blogspot.com/2014/03/36_19.html
මුසළුවන් කපටි මොළයෙන් මෙහෙයවෙන, සිහළුන් බී නැසෙන, ලංකාවේ නම කුඩු කරන, කුඩුhttps://www.blogger.com/blogger.g?blogID=1608388216488402414#allposts/postNum=0
ස්‌නායු පද්ධතිය අක්‍රීය කරමින්, සිහළ තරුණ පරපුර ගිලගන්නා, මුසලුවන් බෙදාහරින මත 'ටැබා'http://denethharinna.blogspot.com/2013/10/blog-post_9711.html
මුසලුවන් ගෙන්වන, සිහලුන් බී නැසෙන, ආසියාවම පරාජය කළ මුසලු කුඩු ජාවාරම
http://denethharinna.blogspot.com/2013/09/blog-post_6535.html

කුඩු කන්ටේනරයට පාකිස්‌තාන් අයිතිකරුවෝ තිදෙනෙක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_4466.htmlලක්‍ෂ දෙකක කුඩු සමග කොටුවූ තිදෙනා තොරතුරු වමාරති. මාලිගාවත්තේ කුඩු ප්‍රබලයෙක්‌ සොයා මෙහෙයුමක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_1825.htmlමුසලුවන් ගෙනා අල කන්ටේනර් දෙකේ කුඩු ඇත්දැයි සැක! වරායෙන් පිට කිරීම වහා අත්හිටුවයි...http://denethharinna.blogspot.com/2013/09/blog-post_3391.htmlපාකිස්‌තානුවාගේ 'සෙල් ෆෝනය' කුඩු කන්ටේනරය ගැන වමාරයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8.htmlකුඩු කිලෝ 200 පසුපස ලෝක කුඩු කප්පිත්තෙක්‌http://denethharinna.blogspot.com/2013/09/200.htmlජාත්‍යන්තර මාෆියා කල්ලි ශ්‍රී ලංකාව කුඩු හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ කරගෙනhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1445.html
මේ වැනසෙන්නේ සිහළ බොදු තාරුණ්‍යයයි. වසරකදී රු. කෝටි 2670 ක කුඩු බොති.http://denethharinna.blogspot.com/2013/10/2670.html
]

0 comments: