Pages

Friday, March 14, 2014

කිසිදු රජයකට ක්‍රියාත්මක කිරීමට නොහැකිවූ මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය වෙනුවෙන් ඖෂධ පනත ක්‍රියාත්මක කරනවා - සෞඛ්‍ය ඇමැති

ජාතික ඖෂධ පනත ක්‍රියාත්මක කිරීම සඳහා ආයතන දෙකක්‌ පිහිටුවන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

ඖෂධවල ප්‍රමිතිය නැංවීම සඳහා ඖෂධ ප්‍රමිති අධිකාරියකුත්, ආනයනික ඖෂධ වල ගුණාත්මක බව පරීක්‌ෂා කිරීමට ඖෂධ තත්ත්ව පර්යේෂණාගාරයකුත් පිහිටුවනු ලබන බව ඇමැතිවරයා සඳහන් කළේය.

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට ඊයේ (10 වැනිදා) භාරදුන් බවත් වසර 40 කට අධික කාලයක්‌ කිසිදු සෞඛ්‍ය ඇමැතිවරයකුට හෝ රජයකට ක්‍රියාත්මක කිරීමට නොහැකිවූ මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව සකස්‌ කළ ජාතික ඖෂධ පනත මෙය බවත් එය මේ වසරේ අප්‍රේල් හෝ මැයි මස ක්‍රියාවට නංවන බවත් හෙතෙම කීවේය.

ඇමැතිවරයා මෙම තොරතුරු පැවසුවේ ජාතික සෞඛ්‍ය සතියේ සමාරම්භක වැඩසටහන ඊයේ (10 වැනිදා) හෝමාගම මූලික රෝහලේ පැවැති අවස්‌ථාවේදීය. 

මෙම අවස්‌ථාවට අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන සෞඛ්‍ය අතිරේක ලේකම් වෛද්‍ය අමල් හර්ෂ සිල්වා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල යන මහත්වරු ඇතුළු විශාල පිරිසක්‌ සහභාගිවූහ.

http://www.divaina.com/2014/03/11/news14.html

Pic Source

0 comments: