Pages

Monday, March 3, 2014

ඔස්‌ට්‍රේලියාවට මිනිස් ජාවරම් කළ මුහුන්දින් රහස්‌ පොලිස්‌ දැලේ

මුහුදු මාර්ග ඔස්‌සේ නීති විරෝධී අන්දමින් ශ්‍රී ලාංකිකයන් දහස්‌ ගණනක්‌ ඔස්‌ට්‍රේලියාවට යවමින් රුපියල් කෝටි ගණනින් මුදල් ඉපයූ මහා ජාවාරමේ ප්‍රධානම පෙළේ නියමුවකු බව කියන මුහුන්දින් නමැත්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (01 දා) අත්අඩංගුවට ගෙන ඇත.

මඩකලපුව ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිට ඇති මෙම සැකකරු ඉකුත් 2009 වර්ෂයේ සිට මහා පරිමාණයෙන් මිනිස්‌ ජාවාරම මෙහෙයවා ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසන අන්දමට මේ වන විට වැඩිම ශ්‍රී ලාංකිකයන් පිරිසක්‌ ඔස්‌ටේ්‍රලියාවට යවා ඇත්තේ මුහුන්දන් විසින් මෙහෙයවන ලද සංවිධානාත්මක කණ්‌ඩායමකි.

මිනිස්‌ ජාවාරම් සිද්ධියක්‌ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත මෙම ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් (සී අයි ඩී) මාස ගණනක්‌ තිස්‌සේ මඩකලපුවේ සිට වෙස්‌වලාගෙන කරන ලද මෙහෙයුමකදී මෙම සැකකරු කොටුකර ගැනීමට හැකිවී තිබේ.

සැකකරු රඳවා තබාගැනීමේ නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරගෙන යයි.

හේමන්ත රන්දුණු
http://www.divaina.com/2014/03/03/news15.html

0 comments: