Pages

Tuesday, March 18, 2014

දේශීයත්වයට පණ පොවන DSI විදුලි බල ක්ෂේත්‍රයට










ඩී. එස්‌. අයි. සමූහ ව්‍යාපාරයේ "හයිෙඩ්‍රා ට්‍රස්‌ට්‌ ලංකා" සමාගම විසින් ඉදිකරන ලද වේරපිටිය හයිඩ්‍රෝවර් ජල විදුලිබලාගාරය පසුගියදා එහි සභාපති විශේෂඥ වෛද්‍ය සැම්සන් රාජපක්‍ෂ මහතා අතින් විවෘත කර ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට්‌ 2.25 ක විදුලි ධාරාවක්‌ සපයන ලදී. කළමනාකාර අධ්‍යක්‍ෂ කුලතුංග රාජපක්‍ෂ මහතා ඇතුළු අධ්‍යක්‍ෂවරුද සහභාගි වූහ.

නකල්ස්‌ කඳුවැටියේ බටහිර බෑවුමේ පිහිටි රංගල ගෝනවල කොටගඟ උපයෝගීකරගෙන ඉදිකරන ලද ප්‍රථම විදුලිබලාගාරය මෙය වේ. කොටගඟ ජල සැපයුමට පහතින් ගලබොඩවත්ත බුලත්වත්ත ගම්දෙකට මායිම්ව වසර දෙසීයකට පමණ පෙර ඉදිකරන ලද අමුණක්‌ මූලාශ්‍රය කරගෙන කොටගඟ ආශ්‍රිතව ඉදිකරන ලද හැරවුම මගින් වේරපිටිය මහ ඇළ ඔස්‌සේ ගෙන යන ජලය උපයෝගී කරගෙන "වේරපිටිය හයිඩ්‍රෝවර් විදුලිබලාගාරය ඉදිකර ඇත. මෙහි ඉදිකිරීම් ආරම්භ කළේ වසර දෙකකට පෙර ගල්කොටුව ග්‍රාමනිලධාරි වසමේය.

කෝටි 60 ක්‌ පමණ මෙම ව්‍යාපෘතිය සඳහා වැය කර තිබේ. කොන්ක්‍රීට්‌ ආස්‌තරයකින් කිලෝමීටර් හතරක්‌ දුරට ඉදිකරන ලද ඇළ ඔස්‌සේ ගලා එන ජලය වේරපිටිය පන්සල අසලදී ගබඩා ටැංකියක්‌ උපයෝගීකරගෙන මීටර් 750 ක්‌ දිග බෑවුමක්‌ ඔස්‌සේ වානේ බට මගින් විදුලිබලාගාරයට ජලය සැපයේ. මෙම විදුලිබලාගාරය ඩී. එස්‌. අයි. සමූහ ව්‍යාපාරයේ "හයිෙඩ්‍රා ට්‍රස්‌ට්‌ ලංකා" සමාගම ඉදිකළ දෙවැනි විදුලිබලාගාරයයි. එහි පළමු විදුලිබලාගාරය අරනායක ඉදිකර ඇති අතර එමගින්ද මෙගාවොට්‌ 250 ක විදුලි සැපයුමක්‌ ජාතික විදුලිබල පද්ධතියට මුදාහරී.

ඡායාරූපවලින් දැක්‌වෙන්නේ ඩී. එස්‌. අයි. සමූහ ව්‍යාපාරයේ සභාපති විශේෂඥ වෛද්‍ය සෑම් රාජපක්‍ෂ මහතා විදුලිබලය ජාතික විදුලිබල පද්ධතියට මුදාහරිමින් ස්‌විචය ක්‍රියාත්මක කරන අයුරුයි. ඒ අවස්‌ථාවට සහභාගි වූ කළමනාකාර අධ්‍යක්‍ෂ කුලතුංග රාජපක්‍ෂ මහතාද අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ සාමාජික මහතුන් ද ප්‍රදේශවාසීන්ද ඡායාරූපයේ සිටී. විදුලිබලාගාරය හා බලාගාරයට ජලය සපයන නළ මාර්ගය අනෙක්‌ ඡායාරූපයෙන් දැක්‌වේ. ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල නිලධාරීන්, උඩිස්‌පත්තුව ගොවිජන මධ්‍යස්‌ථානයේ නිලධාරීන්, ග්‍රාමනිලධාරීන්, ස්‌වෙච්ඡා සංවිධානවල සාමාජිකයන්, ගොවි සමිති නියෝජිතයන් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක්‌ මේ අවස්‌ථාවට සහභාගි වූහ.

ඡායාරූප හා සටහන තෙල්දෙණිය - ගාමිණී පුටුහපුව 
http://www.divaina.com/2014/03/17/velanda03.html

0 comments: