සුන්නත් ජමාත් සහ තව්ෆික් ජමාත් යන ඉස්ලාම් ආගමික කුල දෙකකට අයත් දෙපිරිසක් අතර කුච්චවේලි ප්රදේශයේදී සිදුව ඇති ගැටුමකින් තුවාල ලැබූ ආගමික නායකයෙක් ඇතුළු දෙදෙනෙකු ති්රකුණාමලය මහ රෝහලට ඇතුළත් කර ඇත.
පසුගිය 03 වන දින කුච්චවේලි ජායා නගර් ජුම්මා පල්ලියට යතුරු පැදි හතරකින් පැමිණි පිරිසක් ප්රදේශයේ පිහිටි වෙනත් පල්ලියක මෞලවිවරයෙකුට එරෙහිව සිදුකළ බව කියන ප්රකාශයක් සම්බන්ධයෙන් එම පල්ලියේ මෞලවිවරයාගෙන් විමසීමක් කර තිබේ. එම පිරිස තමාට ලේන්සුවක් අල්වා සිහිසුන් කොට පැහැරගෙන ගොස් පහරදුන් බවට සිද්ධියට මුහුණ පෑ මෞලවිවරයා පොලීසියට පැමිණිලි කර ඇත.
මේ සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ ඥාතීන් පසුදින දහවල් කුච්චවේලි පොලීසියටද පැමිණිලි කර ඇති අතර, එදින සවස අදාළ පූජකවරයා එම පිරිස විසින් මුදාහැර තිබේ. අනතුරුව මෞලවිවරයා රෝහල්ගත කර ඇත.
මෙම පැහැර ගැනීම සම්බන්ධයෙන් එම පල්ලියේ පිරිසක් අනෙක් දේවස්ථානයට එදින සවස ගොස් එහි තිබූ පොල් අතු මඩුවකට ගිනි තබා එහි වීදුරු ජනෙල් වලටද හානිකර ඇත. එම අවස්ථාවේ දෙපාර්ශ්වය අතර ඇති වූ ගැටුමකින් එම පල්ලියේ අයෙකුද තුවාල ලබා ති්රකුණාමලය මහ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙය ආගමික නිකායන් දෙකක් අතර කාලයක සිට පවතින ආරවුලක ප්රතිඵලයක් බව පොලීසිය කියයි.
http://lankacnews.com/sinhala/news/111484/
Pic Source

0 comments:
Post a Comment