Pages

Sunday, March 23, 2014

වසර 7000කට පෙර හෙල අතීත නාවුක විභූතිය ලොවට හඬ ගා කියන ගොඩවායේ ඇවිලෙන මුහුදු පුරාවිද්‍යාවේ අලකලංචිය

මේ පුරාවිද්‍යා ක්‍ෂේත්‍රය දෙපාර්තමේන්තුවට අයිති එකක්‌. ගවේෂණ කටයුතු ස`දහා සම්බන්ධ වන මුහුදු පුරාවිද්‍යාඥයන් තීන්දු කරන්නේ දෙපාර්තමේන්තුව මගින්. මේ ගවේෂණය ස`දහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මුහුදු පුරාවිද්‍යාඥයන් තිදනකු සම්බන්ධවී සිටිනවා. මෙය වසර තුනක ව්‍යාපෘතියක්‌. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ඇමරිකානු නාවික පුරාවිද්‍යා ආයතනය මේ ස`දහා ගිවිසුමක්‌ අත්සන් කොට තියෙනවා. මෙය ඒකාබද්ධ වැඩසටහනක්‌. ගවේෂණ හා පර්යේෂණ කටයුතු කිරීමට විදේශීය රටකට පවරලා නැහැ. මේ ගවේෂණයේ තොරතුරු දෙපාර්ශ්වයම එක්‌ව එළි දක්‌වනවා. 

මේ හරහා ශාස්‌ත්‍රීය අධ්‍යාපන අවස්‌ථා අපේ අයට ලැබෙනවා. මේ ගවේෂණය කරන්නේ ලෝකයේ සිටින අග්‍රගන්‍ය ගවේෂණ කණ්‌ඩායමක්‌. කැණීම් වලින් ගොඩගන්නා පුරාවස්‌තු සංරක්‍ෂණය කිරීමට ද කටයුතු යොදා තියෙනවා. මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ පුරාවිද්‍යාඥයන් වෙනත් ගවේෂණ කටයුතු සඳහා සම්බන්ධ වී සිටින බැව් එහි අධ්‍යක්‍ෂවරයා දැනුම් දුන්නා. ආචාර්ය සෙනරත් දිසානායක මහතා පැවසිය.

ගොඩවාය වරාය වූ කලි එකල වලවේ ගඟේ මෝය ආශ්‍රිතව පිහිටි අතීත ලංකාවේ ඉපැරණි වරායකි. වලවේ මෝය සහ ඒ ආශ්‍රිත කලාපයේ මානව ජනාවාස ඇතිවීම අදින් වසර 7000 ක්‌ තරම් පැරණි බව පුරාවිද්‍යාඥයින්ගේ පිළිගැනීමයි. එදා අතීත ලංකාවේ පැවති ජාත්‍යන්තර වරාය ත්‍රිත්වයෙන් එක්‌ ප්‍රධාන වරායක්‌ වූයේ ගොඩවාය වරායයි.

පුරාවිද්‍යාත්මක සාක්‍ෂි අනුව ගොඩවාය වරායේ ඉතිහාසය දෙස බැලීමෙදී එය ආරම්භ වන්නේ ක්‍රිස්‌තු පූර්ව 03 වැනි හා 04 වැනි සියවස්‌වලිනි. මෙකී වරාය කාර්ය බහුල වරායක්‌ බවට පත්වන්නේ ක්‍රිස්‌තු වර්ෂ 02 වැනි හා 06 වැනි ශත වර්ෂවලදීය. ක්‍රිස්‌තු වර්ෂ 09 වැනි සියවස වනවිට මෙම වරායේ කටයුතු අභාවයට ගිය බවක්‌ද ඇතැම් මූලාශ්‍රවල ස`දහන් වේ.

සැබවින්ම ගොඩවාය පිළිබඳ අවධානය මෑත කාලීනව වැඩිපුර යොමුවීමට විහාරස්‌ථානය හා ඒ අවටින් හමු වූ පුරාවිද්‍යාත්මක සාධක හේතුවිය. එම සොයා ගැනීම් ගොඩවාය පිළිබඳ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක අධ්‍යනයන් නව මානයන් කරා ගෙන යැමට සමත් වී තිබේ. ගොඩවාය විහාරස්‌ථානය ආශ්‍රිතව දශකයක පමණ කාලයක්‌ පුරා සිදුකෙරුණු පුරාවිද්‍යාත්මක කැණීම් මේ අතර ප්‍රධාන වේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ජර්මනියේ Kawa කාවා ව්‍යාපෘතිය ඒකාබද්ධව 92 වසරේ සිට සිදුකළ මෙම පුරාවිද්‍යා ගවේෂණ හා කැණීම් තුළින් ක්‍රි. ව. 1-2 සියවස තුළ ගොඩවාය ආශ්‍රිතව සක්‍රියව පැවති වෙළඳ වරාය පිළිබඳව නව තොරතුරු රාශියක්‌ සොයා ගැනීමට හැකියාව ලැබුණි. මෙම පර්යේෂණ උච්චතම ස්‌ථානයට පත්වෙමින් තිබියදී තවත් අපූර්වතම සොයා ගැනීම් දෙකක්‌ වාර්තා විය. ඉන් පළමු වැන්න 2008 වසරේදී එම විහාර භූමියෙන් පසෙකින් සොයාගනු ලැබූ ප්‍රාග් ඓතිහාසික මානව අවශේෂයන්ය. දෙවැන්න ගොඩවායත් හම්බන්තොටත් අතර මුහුදෙන් හමුවූ මෙතෙක්‌ මෙරටින් සොයාගත් පැරණිතම දැව යාත්‍රාව පිළිබ`ද සමුද්‍ර පුරාවිද්‍යාත්මක සොයා ගැනීමයි. මෙය සොයා ගනු ලැබුවේ මධ්‍යම සංස්‌කෘතික අරමුදලට අයත් ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ මුහුදු පුරාවිද්‍යඥයන් විසින්ය.

මේ අතර කාලයේ මෙරට පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයට නවමානයක්‌ හ`දුන්වා දෙමින් ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය 2001 වසරේදී ස්‌ථාපිත කරනු ලැබීය. මෙරට ජලාශ්‍රිත පුරාවිද්‍යා ක්‍ෂේත්‍ර කටයුතුවල නියෑළෙන එකම ආයතනය වන්නේද ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයයි. මෙම ඒකකය 1992 වසරේ සිට මේ ක්‍ෂේත්‍රයෙහි මනා පුහුණුව ලද පුරාවිද්‍යා නිලධාරීන් හා සංරක්‍ෂණ නිලධාරීන්ගෙන් සමන්විත වූවකි.

මේ අතරේ 2008 වසරේ දී ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා ඒකකය විසින් යුනෙස්‌කෝ ආයතනයේ අනුග්‍රහය සහිතව ගාලු වරායෙන් පිටත දකුණු දිශාවට ගවේෂණ කටයුතු පුළුල් කිරීමේ කටයුතු වලදී නැවතත් ගොඩවාය පිළිබඳ තොරතුරු අලුත්වන්නට විය. මීට ඉහතදී ගල් බංකුව හමු වූ ස්‌ථානය ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ මුහුදු පුරාවිද්‍යාඥයන් විසින් ගවේෂණය කරනු ලැබුවේ කිමිදුම් කටයුතු කළ දෙදෙනාගේද මගපෙන්වීම යටතේය. 

එහිදී මීටර් 30 පමණ ගැඹුරේ වූ ඉපැරණි යාත්‍රාවක කොටස්‌ හා අවට විසිරී තිබූ කාලරක්‌ත වර්ණ මැටි බදුන්, යාත්‍රාවක අවශේෂ රාශියක්‌ සොයා ගත හැකි විය. මුහුදු පුරාවිද්‍යා ඒකකය සිදුකළ මෙම ගවේෂණයට මධ්‍යම සංස්‌කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්‌විය. විවිධ බාධක හා අයහපත් කාලගුණ තත්ත්වයත් මත වුවද සිදු කෙරුණු මෙම ගවේෂණයෙන් නිසැකවම මෙතෙක්‌ ශ්‍රී ලංකාවත් සොයාගන්නා ලද පැරණිම සමුද්‍ර පුරාවිද්‍යා ක්‌ෂේත්‍රය සොයාගැනීමට හැකිවිය.

ඉන් නොනැවතුනු ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය 2009 වසරේ දී පුරාවස්‌තු ආශ්‍රිතව කරන ලද පර්යේෂණ වලින් මෙම යාත්‍රාව අවුරුදු 2000 ක්‌ පමණ පැරණි යාත්‍රාවක්‌ බව හ`දුනාගෙන ඒ පිළිබ`දව ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ආසියානු පැසිපික්‌ කලාපයේ මෙතෙක්‌ හමුවී ඇති පැරණිතම යාත්‍රාව වන්නේද මෙම යාත්‍රාවයි. මෙකී යාත්‍රාව ආශ්‍රිත පුරාවිද්‍යා පර්යේෂණ කටයුතු මේ දිනවල ඇමරිකාවේ නාවික පුරාවිද්‍යා ආයතනයේ (INA) පුරාවිද්‍යාඥයන් විසින් සිදුකරනු ලබති. එහෙත් 1992 වසරේ සිට අඛණ්‌ඩව සමුද්‍ර පුරාවිද්‍යා කටයුතුවල නියෑළෙන මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ නිලධාරීන් එම පර්යේෂණ කටයුතු සඳහා සම්බන්ධ කරගෙන නැති ආකාරය ඔවුහු අපට පවසති.

මෙම පර්යේෂණ කටයුතු ස`දහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජනයක්‌ ලැබී ඇති බව සැබෑය. එහෙත් මෙම ගිලුණු යාත්‍රාව හ`දුනාගෙන මුල සිටම එහි පර්යේෂණ හා කැණීම් කටයුතු කළ මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ නිලධාරීන් මෙම පර්යේෂණ කටයුතු ස`දහා සම්බන්ධ කර නොගැනීම බරපතළ සැකයට තුඩුදෙන කරුණක්‌ බව ඇසෙමින් තිබේ. මෙය ජාතික වැදගත්කමක්‌ සහිත පුරාවිද්‍යා ස්‌ථානයක්‌ වන අතර, එහි සම්පූර්ණ අයිතිය විදේශ රටකට පවරා තිබීම ගැන දෙවරක්‌ සිතා බැලිය යුතු බව නම් සහතිකය.

වාර්තා වන ආකාරයට ගොඩවාය ගිලුනු යාත්‍රාව ආශ්‍රිත පර්යේෂණ කිරීම ස`දහා පුරාවිද්‍යා දෙපාර්ත මේන්තුව ඇමරිකානු නාවික පුරාවිද්‍යා ආයතනය සමග ගිවිසුමකට එළඹ තිබේ. එහෙත් ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයේ තොරතුරු වලට අනුව මෙකී යාත්‍රාව සොයා ගනු ලැබුවේද එහි කාලය නිර්ණය කරනු ලැබුවේද ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මගිනි. ඒ අවස්‌ථාවේ මේ ඇමරිකානු සුදු මහත්වරු හිටියේ නැත.

ඔවුන් මෙම යාත්‍රාවේ ගවේෂණ කිරීම ස`දහා මෙරටට පැමිණියේ මෙකී යාත්‍රාවේ වටිනාකම ඉපැරණි බව මෙරට මුහුදු පුරාවිද්‍යා නිලධාරීන් විසින් අනාවරණය කරගත් පසුවය.

මේ වනවිට සුද්දන්ගේ මුදලට, විදේශ සංචාර වලට හෝ වෙනත් අප නොදන්නා සන්තෝසමකට අපේ පුරාවිද්‍යා ලොක්‌කන් යටවූවාද යන්න පිළිබ`ද කතා පුරාවිද්‍යා ක්‌ෂේත්‍රය තුළම ඇතිවී තිබේ. මෙකී ව්‍යාපෘතියෙන් මෙරටට ලැබෙන ප්‍රතිලාභ පිළිබ`ද නිශ්චිතව ස`දහන් කොට නොමැති බවද පුරාවිද්‍යා ආරංචි මාර්ග කියයි.

මහාචාර්ය මැදිහත් වීම

පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වලට අනුව කතාව මෙසේය. ඇමරිකාවේ නාවික පුරාවිද්‍යා ආයතනයේ (INA) පුරාවිද්‍යඥයන් ගොඩවාය ආශ්‍රිත ගිලුණු යාත්‍රාවේ ගවේෂණ ස`දහා මුලින්ම සම්බන්ධ වන්නේ 2010 වසරේදීය. එම වසරේ දෙසැම්බර් මාසයේදී මධ්‍යම සංස්‌කෘතික අරමුදල යුනෙස්‌කෝ ආයතනය සහ නෙදර්ලන්තය සමග එක්‌ව ගොඩවාය ආශ්‍රිත පර්යේෂණ කටයුතු නැවත ආරම්භ කරනු ලැබීය. මෙහිදී මෙකී පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයේ කිමිදුම් කටයුතු කර කාල නිර්ණය ස`දහා සාම්පල් ලබා ගනු ලැබීය. එම පර්යේෂන සිදුකරණ අතරතුරේදී විදේශීය රටක පදිංචිව සිටින එක්‌තරා මහාචාර්වරයකු එම කටයුතු වලට බාධා කරමින් එම යාත්‍රාව ආශ්‍රිත පර්යේෂණ කිරීමේ අයිතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තමන්ට පවරා ඇති බව ප්‍රකාශ කොට ඇත. 

කෙසේ වෙතත් මෙකී මහාචාර්වරයා සමග පැමිණි ඇමරිකාවේ නාවික පුරාවිද්‍යා ආයතනයේ ආචාර්ය ඩෙබොරා කාල්සන් සහ ශීලා මැතිව්ස්‌ පුරාක්‍ෂේත්‍රයේ කිමිදුම් කටයුතු කර කාල නිර්ණය ස`දහා සාම්පල් ලබා ගෙන ඇත. මේ අතර 2011 වසරේදී මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා කණ්‌ඩායම ලබාගත් සාම්පල පරීක්‌ෂා කිරීම ස`දහා ඉන්දියාවට යවනු ලැබීය. ඇමරිකාවේ නාවික පුරාවිද්‍යා ආයතනය INA තම සාම්පල ඇමරිකාවට රැගෙන යනු ලැබීය. මධ්‍යම සංස්‌කෘතික අරමුදල මගින් ඉන්දියාවට යෑවූ සාම්පල කාල නිර්ණය කෙරිණි. එහිදී ඒවා වසර 1900 - 2000 අතර පැරණි බව සනාථ විය. එහෙත් INA ආයතනය තම සාම්පල ප්‍රතිඵල පිළිබ`දව කිසිවෙකු දැනුවත් කළේ නැත. මධ්‍යම සංස්‌කෘතික අරමුදල සහ ඉන්දියාව එක්‌ව මෙම පරිගණක දත්ත ප්‍රකාශයට පත් කිරීම පිළිබද පෙරකී මහාචාර්වරයා විරෝධය පළ කළ බවද වාර්තා විය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මුහුදු පුරාවිද්‍යා ඒකකය ආරම්භ කිරීම 

මේ අතරතුරේ 2011 වසරේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මුහුදු පුරාවිද්‍යා ඒකකයක්‌ ආරම්භ කිරීමට පියවර ගනු ලැබීය. ඉන්පසු ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය (මධ්‍යම සංස්‌කෘතික අරමුදල) සමග සම්බන්ධ නොවී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමග පමණක්‌ කටයුතු කිරීමට මෙම මහාචාර්වරයා හා ඇමරිකාවේ නාවික පුරාවිද්‍යා ආයතනය කටයුතු කරනු ලැබීය. ඒ අනුව, මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ පර්යේෂකයන්ට ගොඩවායේ කිමිදුම් කටයුතු කිරීමට අවසර නොලැබිණි.

ඉක්‌බිති 2013 වසරේ ජනවාරි හා පෙබරවාරි මස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හරහා ඇමරිකාවේ නාවික පුරාවිද්‍යා ආයතනයේ පුරාවිද්‍යාඥ කණ්‌ඩායමක්‌ පැමිණ යළි ගොඩවායේ පර්යේෂණ හා කැණීම් කටයුතු කරනු ලැබීය. එහෙත් ඒ ස`දහා සුදුසු ව්‍යාපෘති වාර්තාවක්‌ ඒ වන විටත් ඉදිරිපත් කර නොතිබිණි. මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා නිලධාරීන් දෙදෙනකු ඒ ස`දහා සම්බන්ධ කරගනු ලැබීය. එහෙත් එම ගවේෂණයේ දී ලංකාවේ මුහුදු පුරාවිද්‍යාඥයන්ට අදාළ පර්යේෂණය පිළිබ`දව අදහස්‌ දැක්‌වීමට දත්ත භාවිත කිරීම සහ ප්‍රකාශයට පත් කිරීමට අවසර ලබා දී නැත. එපමණක්‌ නොව අදාළ දත්ත, ඡායාරූප හා පර්යේෂණ වාර්තා රැගෙන යැමට ද අවසර ලබා දී නැත. 

මෙකී පර්යේෂණ කටයුතු වලට එක්‌වීමට ගිය මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා නිලධාරියෙක්‌ ආපසු හරවා එවා තිබේ. මක්‌නිසාද යත් ඔහු නිරන්තරයෙන්ම මෙකී යාත්‍රාව පිළිබද විදේශීය ස`ගරාවලට ලිපි සපයන අයකු බැවිනි. 

නැවත වතාවක්‌ ඇමරිකානු නාවික පුරාවිද්‍යා ආයතනයේ පුරාවිද්‍යාඥයන් 15 දෙනකු පෙබරවාරි සිට මැයි දක්‌වා මාස 03 ක පමණ කාලයක්‌ ස`දහා ගොඩවායේ ගිලී ඇති යාත්‍රාවේ ගවේෂණ හා කැණීම් කටයුතු ස`දහා මෙරටට පැමිණ තිබේ. මෙ ස`දහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මුහුදු පුරාවිද්‍යා නිලධාරීන් තිදෙනකු ද එක්‌ව සිටිති. 

මෙම පර්යේෂණය මුහුදු පුරාවිද්‍යා පර්යේෂණ පිළිබ`ද පිළිගත් ප්‍රතිපත්තීන් සහ සාරධර්ම වලට පටහැනිව ක්‍රියාත්මක වන බවද මෙරට මුහුදු පුරාවිද්‍යාඥයෝ පවසති. ඔවුන් දක්‌වන පරිදි ඇමරිකාවේ නාවික පුරාවිද්‍යා ආයතනයේ අරමුණ වී ඇත්තේ මෙම යාත්‍රාවේ පර්යේෂණ කටයුතු තම ආයතනය මගින් කරන බවට ප්‍රකාශ කොට එහි කීර්තිනාමය ඔවුන්ට ලබා ගැනිමය. මෙම කැණීමේදී හමුවන පුරාවස්‌තු සංරක්‍ෂණය කරන්නේ කෙසේද යන්න පිළිබ`ද වැඩපිළිවෙළක්‌ පවා සකස්‌කොට නොමැති බවද පැවසේ. මෙ කටයුතු ස`දහා සුද්දන්නට ආවඩන කළු සුද්දන් කිහිප දෙනකු ද සිටින බවටද චෝදනා එල්ල වේ.

ගාල්ල ලලිත් චාමින්ද
http://www.divaina.com/2014/03/23/feature06.html

සබැඳි ලිපි -
[
ගොඩවායේ මුහුදු පත්ලෙන් මතුවූ දුටුගැමුණු යුගයේ ඉතිහාස කතාවhttp://denethharinna.blogspot.com/2013/01/blog-post_4293.htmlකි‍්‍ර.පූ. 200 සිට ශී‍්‍ර ලංකාවෙන් භාණ්ඩ අපනයනය කරන ලද නෞකාවක සුන්බුන් හමුවේhttp://denethharinna.blogspot.com/2013/01/200.html]

0 comments: