Pages

Monday, March 17, 2014

අපේ තේ පිළිකා අවදානම අඩු කරයි - නාලන්දා ශිෂ්‍යයාගේ පර්යේෂණයෙන් හෙළිවේ

ශ්‍රී ලංකාවේ තේ වල ඇති කැටජින් නමැති රසායනිකය මගින් පිළිකා සෑදීමේ අවදානම අඩු කරන බවට කොළඹ නාලන්දා විද්‍යාලයේ අ.පො.ස. උසස්‌ පෙළ විද්‍යා අංශයෙන් ඉගෙනුම ලබන ශිෂ්‍යයකු විසින් කළ පර්යේෂණයකදී හඳුනාගෙන ඇත.

රඛිත මාලේවන නමැති මෙම ශිෂ්‍යයා විසින් තමන් කළ මෙම පර්යේෂණයේ වාර්තාව අද (14 දා) ජාතික සෞඛ්‍ය සතිය අවසන් දිනයේදී වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත ඉදිරිපත් කරයි.

වෛද්‍ය පර්යේෂණ කටයුතු සඳහා සෞඛ්‍ය ඇමැතිවරයා විසින් විවිධ පුද්ගලයන් වෙත ලබාදෙන මූල්‍යමය ප්‍රතිපාදන යටතේ මෙම පාසල් සිසුවාද සිය පර්යේෂණය සිදුකර ඇත.

පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන්ට මෙවැනි වෛද්‍ය පර්යේෂණයන් සිදු කිරීම සඳහා සෞඛ්‍ය ඇමැතිවරයාගේ මැදිහත්වීම මත අමාත්‍යාංශයෙන් රුපියල් කෝටි 30 ක මුදලක්‌ පසුගිය වසරේ වැය කර ඇත.

මෙහිදී ඉදිරිපත් වූ වැදගත් පර්යේෂණයක්‌ ලෙස රඛිත මාලේවන සිසුවාගේ පර්යේෂණය පිළිගෙන තිබේ. එම පර්යේෂණයට අනුව ශ්‍රී ලංකාවේ තේ වල බහුලව අඩංගු වන කැටජින් නමැති රසායනිකය පිළිබඳ වැදගත් තොරතුරු රැසක්‌ මෙම ශිෂ්‍යයා විසින් සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක්‌ කීය.

දිනකට සීනි රහිත තේ කෝප්ප හතක්‌ හෝ අටක්‌ පානය කරන අයකුට මෙම කැටජින් රසායනිකය නිසා පිළිකා සෑදීමේ අවදානම අඩු වන බව මෙහිදී හඳුනාගෙන තිබේ. අද ජාතික සෞඛ්‍ය සතියේ පාසල් දරුවන්ගේ දිනය වන අතර ඊට සමගාමීව මෙම ශිෂ්‍යයා සිය වාර්තාව වෛද්‍ය පර්යේෂණ ආයතනයට ඉදිරිපත් කරයි.

අජිත් අලහකෝන්
http://www.divaina.com/2014/03/14/news04.html

0 comments: