Pages

Saturday, March 1, 2014

රට රැකුණේ මහා සංඝරත්නය නිසා - මතින් තොර සමාජයක්‌ යටතේ සඟ රුවනට සුව දැහැත් වට්ටියක් - මෛත්‍රී

මෙම වර්ෂය සෞඛ්‍ය අමාත්‍යංශය මතින් තොර සමාජයක්‌ නිර්මාණය කිරීම තේමා කොටගෙන වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් සිය අමාත්‍යාංශය මගින් හඳුන්වාදෙන ආදර්ශ දැහැත් වට්‌ටිය එහි එක්‌ පියවරක්‌ බවත් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත්දා හිඟුරක්‌ගොඩ රජරට විදුහල් මෙත්සිරිපායේදී කියා සිටියේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් හඳුන්වා දෙන පුවක්‌, හුණු, දුම්කොළ වලින් තොර ආදර්ශ දැහැත් වට්‌ටියක්‌ පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ සංඝයා වහන්සේලාට හඳුන්වාදීම් වස්‌ පැවැති උත්සවයකදී අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ අමාත්‍යවරයා මෙතෙක්‌ අප රට රැකුණේ මහා සංඝරත්නය නිසා. උන්වහන්සේ රැකුණොත් රටත් සමාජයත් රැකෙනවා. ඒ නිසා තමයි මේ වැඩසටහන මුලින්ම සංඝයා වහන්සේලාට හඳුන්වා දීමට පියවර ගත්තේ.

මේ වසරේ අපේ අමාත්‍යාංශයේ තේමාව මතින් තොර සමාජයක්‌ නිර්මාණය කිරීමයි. එහි පළමු වැනි පියවර හැටියට තමයි පුවක්‌, හුණු, දුම්කොළ වලින් තොර ආදර්ශවත් දැහැත් වට්‌ටියක්‌ මහා සංඝරත්නයට හඳුන්වා දෙන්නේ අපි සෑම දිස්‌ත්‍රික්‌කයක්‌ පාසාම මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

ඒ වගේම ස්‌වාමින් වහන්සේලා මාධ්‍ය හරහාත් වෛද්‍ය ක්‍ෂේත්‍රය හරහාත් දැනුවත් කරනවා. අප රට මත්ද්‍රව්‍ය නිසා බරපතළ අභියෝගයකට මුහුණපාලා තියෙනවා. මත්කුඩු කසිප්පු විතරක්‌ නෙවෙයි ජින්, විස්‌කි, බ්‍රැන්ඩි වගේ මොන නමින් ආවත් ඒවා තුළින් සමාජය විනාශ වෙලා තියෙනවා. ඒ නිසා ඉතිහාසයේ කියවෙන විදියට බුලත් හපන්නට නොව පුදන්නට යන්න ගැන අවධානය යොමු කළ යුතුයි.

බුදුන් වහන්සේගේ සමයේ සිට මත්ද්‍රව්‍ය ගැන ආදීනව පිළිබඳව ධර්මදේශනා කරලා තියෙනවා. අපේ සමාජය තුළ හැදියාවක්‌ කියලා දෙයක්‌ ඉතිරිවෙලා තියෙනවා නම් ඒ මහා සංඝයා වහන්සේ නිසයි. ඒ නිසා ආදර්ශවත් බුලත් විට පිළිබඳ ග්‍රාමීය ප්‍රජාව දැනුවත් කිරීමේ කාර්ය භාරයක්‌ භික්‌ෂූන් වහන්සේට තියෙනවා. ඒ වගේම ග්‍රාමනිලධාරීන් සමෘද්ධි නිලධාරින් කෘෂි පර්යේෂණ නිලධාරීන්ටත් මේ ගැන ජනතාව දැනුවත් කිරීමේ වගකීමක්‌ තියෙනවා.

මෙහිදී අදහස්‌ දැක්‌වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා - පිළිකා රෝගය නිසා වසරකට ලෝකය තුළ මිලියන 09 ක්‌ පමණ මියයනවා. 2025 වන විට එය මිලියන 20 ක්‌ වෙයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා. පිළිකා රෝගීන්ගෙන් 20% ක්‌ම මියයන්නේ මුඛ පිළිකා රෝගයෙන්. වෛද්‍ය මතය වන්නේ ඊට මුල් වන්නේ හුණු, දුම්කොළ, පුවක්‌ හා දුම්වැටි කියලා. අපේ රට තුළින් වසරකට පිළිකා රෝගයෙන් 2000 ක්‌ පමණ මිය යනවා.

ඉතිහාසය තුළ දැහැත් වට්‌ටියේ දුම්කොළ තිබිලා නැහැ. 1550 දී පෘතුගී්‍රසි මෙරටට පැමිණීමත් සමගම තමයි දුම්කොළ භාවිතය ඇති වෙන්නේ. මේ තත්ත්වය අප තේරුම් ගත යුතුයි.

මෙම අවස්‌ථාව අමතා පොලොන්නරුව සොලොස්‌මස්‌ථානාධිපති හා අස්‌ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමි හා පොලොන්නරුව තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය උඩගම ධම්මානන්ද යන හිමිවරුන්ද අදහස්‌ දැක්‌වූ අතර පොලොන්නරුව දිසාපති නිමල් අබේසිරි හා වෛද්‍ය සමාධි රාජපක්‍ෂ යන මහත්වරුද කථා කළහ.

ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, සමාජ සේවා නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි සහ මැති ඇමැතිවරුන්, සංඝරත්නය ඇතුළු විශාල පිරිසක්‌ මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.

හිඟුරක්‌ගොඩ - අතුල සූරියබණ්‌ඩාර
http://www.divaina.com/2014/03/01/news18.html

Pic Source

සබැඳි ලිපි -
[

එංගලන්තයේ සහ ඇමෙරිකාවේ සුදු මහත්වරුන්ට අයිති සමාගම් අපේ අධිකරණයට ඇවිල්ලා සාකච්ඡා කරනවා. ගැසට් නිවේදනයට දෙයියන්ගේ පිහිටයි – මෛත‍්‍රී
http://denethharinna.blogspot.com/2013/11/blog-post_5398.htmlදුම්කොළ අධිරාජ්‍යයේ යටත්වැසියන් වන අපි...http://denethharinna.blogspot.com/2013/11/blog-post_9187.htmlමේ ලෝකෙ පාලනය කරන්නෙ දේශපාලකයෝ නොවේ, බහු ජාතික සමාගම්! - මතට එරෙහි සටනේ රජරට විරුවා මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_8370.html80%ක් දුන්නොත් වෙළඳ ලකුණ පේන්නෙ නැහැලු. නියෝගය ඉවත්කරන්න. මුස්තාපාගෙන් ගල් පැලෙන තර්ක. සිගරට් සමාගම් වෙනුවෙන් ෆායිස් මුස්තාපා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි. 80% නියෝගය ශේ්‍රෂ්ඨාධිකරණය අත්හිටුවයි!http://denethharinna.blogspot.com/2013/09/80-80-80.htmlසිගරැට්‌ පැකට්‌වල රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම ඉක්‌මන් කරන්න - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5670.htmlහැම අතකම සිගරැට්‌ - ඇත්ත සඟවන දුම්වැටි මාෆියාව - දිවයින කතුවැකියhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9229.htmlදුම්වැටි විරෝධී සටන ජාතික අරගලයක් කරන සටනේ නායකයා මමයි - රටරටින් බිහිවූ දෙවන විශිෂ්ට මෛත්‍රීපාලයන්http://denethharinna.blogspot.com/2013/09/blog-post_6542.html
]

0 comments: