Pages

Tuesday, March 25, 2014

උතුරු පළාත් සභා ලේකම්වරියට නියෝග දෙන්න විග්නේෂ්වරන්ට බෑ - ශ්‍රේෂ්ඨාධිකරණය

උතුරු පළාත් මහ ඇමති විග්නේෂ්වරන් විසින් තම රාජකාරිය සිදු කිරීමට අනිසි බලපෑම් සිදු කරන බව පවසමින් උතුරු පළාත් සභා ලේකම්වරිය වන රමේෂ් විජයලක්‍ෂමී මහත්මිය විසින් ගොනු කර තිබූ පැමිණිල්ල ඊයේ දිනයේ විභාගයට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කලේ උතුරු පළාත් මහ ඇමතිවරයා විසින් ඇය වෙත නිකුත් කර තිබූ නියෝග අත්හිටුවීමටයි.

විජයලක්‍ෂමී මහත්මිය සිය පැමිණිල්ල මගින් කියා සිටියේ උතුරු මහ ඇමතිවරයා සිය බලතල ඉක්මව යමින් තමන්ට නියෝග නිකුත් කරන බවයි.

පළාතෙන් පිට යන විට මහ ඇමතිවරයා දැනුවත් කිරීම, මාධ්‍ය ප‍්‍රකාශයන් ලබා නොදීම, නිවාඩු ගැනීමට පෙර දැනුවත් කිරීම ආදී නියෝග ඒවා අතර වූ බව ඇය සඳහන් කර තිබිණ.

පැමිණිල්ල සලකා බැලූ අගවිනිසුරු ඇතුළු ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නියෝග කලේ විගනේෂ්වන් විසින් කර ඇති නියෝග අත්හිටුවන ලෙසත් පළාත් ලේකම්වරුන්ට නියෝග ලබා දීමේ බලය ඇත්තේ ජනාධිපති ලේකම්වරයාට පමණක් බවත්ය.

වාර්තා වන අකාරයට උතුරු පළාත් සමහ ඇමතිවරයා මෙසේ තමනට අදාල නැති නියෝග පවා නිකුත් කරමින් සිටින්නේ එක්තරා රාජ්‍ය නොවන සංවිධානයක් විසින් උතුරු පළාත තුල සිදු කරන ලද වැඩමුළුවකින් පසුවය.

ඉන් දින දෙක තුනකට පසු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමු වී ඇති විග්නේෂ්වරන් උතුරු ආණ්ඩුකාරවරයා සහ පළාත් ලේකම්වරිය ඉවත් කරන ලෙස ඉල්ලා ඇත. එහෙත් ජනාධිපතවරයාගෙන් ඊට සුභවාදී ප‍්‍රතිචාර පල නොවූ අතර ඉන් පසු පළාත් ලේකම්වරියට පොලිස් ආරක්‍ෂාව යොදවා තිබිණ.

සබැඳි ලිපි -
[
උතුරේ මහ ඇමැති මට කෙනෙහිලිකම් කරනවා - පළාත් මහ ලේකම්වරියගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්‌http://denethharinna.blogspot.com/2014/03/blog-post_1814.html
]

0 comments: