කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට සම්බන්ධ වන දෙවැනි නව කැලණි පාලම ඉදිකිරීම සඳහා ජපාන රජය රුපියල් කෝටි 4500 (යෙන් මිලියන 35,020) ණය මුදලක් ශ්‍රී ලංකා රජයට ලබාදෙනු ලැබීය.ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (28 වැනිදා) මුදල් අමාත්‍යාංශයේදී සිදු විය. සහනදායී පොලී අනුපාත මත ජපාන රජය ශ්‍රී ලංකා රජයට ලබාදෙන යෙන් ණය ආධාර යටතේ ලබා දුන් 44 වැනි ණය මුදල මෙය වේ.
මෙම නව කැලණි පාලම මංතීරු හයකින් සමන්විතය.
ගිවිසුමට අදාළ ලියකියවිලිවලට අත්සන් තැබීම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති නබුහිතෝ හොබු යන මහත්වරුන් විසින් සිදු කරන ලදී.
http://www.divaina.com/2014/03/29/news20.html
Pic Source






0 comments:
Post a Comment