Pages

Thursday, March 27, 2014

වසර 30000 ට එහා ඉපැරැණි ශිෂ්ටාචාර නෂ්ඨාවශේෂ වනසමින් ඇමැතිට හිතවත් පවුල් 150ක්‌ විල්පත්තුවේ බලෙන් පදිංචි වෙති. ඇමැතිවරයාගෙන් කෑම බීම!

මුස්‌ලිම් ජාතික ඇමැතිවරයකුගේ ආධාරකරුවන් පිරිසක්‌ නීති විරෝධි අයුරින් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අයත් උතුරු විල්පත්තුව මොල්ලිකුලම ප්‍රදේශයට ඇතුල් වී එහි බලහත්කාරයෙන් පදිංචි වී ඇතැයි වනජීවී අංශ පවසයි.

මෙසේ පදිංචි වී සිටින්නේ මන්නාරම් දිස්‌ත්‍රික්‌කයේ එක්‌තරා ඇමැතිවරයකුගේ ආධාරකරුවන් පිරිසකි. මේ වන විට පවුල් 150 කට අයත් 250 ත් 300 ත් අතර පිරිසක්‌ වනෝද්‍යාන රක්‍ෂිතය ඩෝසර් කොට තාවකාලික කූඩාරම් ගසා පදිංචි වී සිටිති.

මෙසේ පදිංචි වී සිටින පිරිසට අවශ්‍ය ආහාර හා ජලය මෙම ඇමැති වරයා රජයේ වාහන යොදාගෙන සපයන බව වනජීවී අංශ පවසයි. මෙසේ රැඳී සිටින පිරිස්‌ පවසන්නේ පසුගිය යුද සමයටත් පෙර සිට තමන් මොල්ලිකුලම ප්‍රදේශයේ පදිංචි වී සිටි බවත් යුද්ධය හේතුවෙන් තමන් මෙම ප්‍රදෙශය හැර ගියත් යුද්ධය නිමා වී ඇති වාතාවරණයක්‌ තුළ තමන්ට මෙම ප්‍රදේශය යළි ලබා දිය යුතු බවත් ය.

එහෙත් මේ පිළිබඳ අප වෙත කරුණු අනාවරණය කළ වනජීවි අංශ පෙන්වා දුන්නේ අපේ රටේ ඉපැරැණි ශිෂ්ටාචාරයට අයත් (වසර 30000 ටත් එහා) නෂ්ඨාවශේෂ විල්පත්තුව තුළ තැන්පත්ව ඇති අතර එවන් තත්ත්වයක්‌ තුළ ජන කණ්‌ඩායම් පැමිණ අයිතිවාසිකම් කීවොත් එම ශිෂ්ටාචාරය විනාශ වන බවත් ය.

මේ වටිනාකම තේරුම්ගත් නිසා සුදු පාලකයන්ගේ කාලයේ විල්පත්තුව ජාතික වනෝද්‍යානය, ජාතික වනෝද්‍යානයක්‌ ලෙස ප්‍රකාශයට පත් කළ බව පෙන්වා දෙන වනජීවී අංශ වැඩිදුරටත් පවසා සිටියේ මේ නිසා මෙම ජාතික උරුමය ජන කණ්‌ඩායමකට හෝ ජන කණ්‌ඩායම් කිහිපයකට පමණක්‌ අයිති එකක්‌ නොව සමස්‌ත රටේ අනාගත පුරවැසියා සතු මිල කළ නොහැකි සම්පතක්‌ බවයි.

රජය මේ සම්බන්ධ වහා අවධානය යොමු කළ යුතුව ඇතැයි වනජීවි අංශ වැඩිදුරටත් අවධාරණය කළේය.

(විල්පත්තුව වනෝද්‍යානයේ අනවසරයෙන් පිරිස්‌ පදිංචි වී සිටින අයුරු හා ඔවුන්ට ජලය සපයන අයුරු ඡායාරූපවලින් දැක්‌වේ.)

සාලියවැව - සුබසිංහ බණ්‌ඩාර
http://www.divaina.com/2014/03/26/news21.html

සබැඳි ලිපි - [මුලතිව් යළි උණුසුම්! දමිළ ගම් මැද මුසලිමුන්ට පමණක් කලාප. දමිළ විරෝධය!http://denethharinna.blogspot.com/2014/01/blog-post_2967.htmlමුසලුවන්ට දහස් ගනණ් රජයේ සශ්‍රීක වන ඉඩම්. සිහලුන්ට අයිතිව තිබූ ඉඩම්වත් නැහැ. පාලකයෝ නිදි.http://denethharinna.blogspot.com/2013/08/blog-post_8346.html
සිහළුන්ගේ හිමි ඉඩම් අයිතිය නොදෙනා... රජයේ ඉඩම් ලක්ෂ ගණනින් මුසලුවන්ට බෙදනා...
http://denethharinna.blogspot.com/2013/04/blog-post_6041.html
උතුරෙන් මුසලුවන්ට අක්කර 1500ක්. පන්නා දැමූ සිහලුන්ට බිම් අඟලක් නැහැ.
http://denethharinna.blogspot.com/2013/04/1500.html
රිෂාඞ් බදුර්දීන්ගෙන් මුසළුවන්ට පමණක්‌ වෙන් වූ කලාප උතුර - නැගෙනහිර
http://denethharinna.blogspot.com/2013/03/blog-post_12.html
මුලතිව් රක්ෂිතයෙනුත් අක්කර 1300ක් බිලි
http://denethharinna.blogspot.com/2013/03/1300.html
මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක
http://denethharinna.blogspot.com/2013/03/blog-post_6737.html
මන්නාරමේ අවතැන්වූ සිංහලයන් 8170 න් පදිංචිකරවා ඇත්තේ 847 පමණයි
http://denethharinna.blogspot.com/2013/04/8170-847.html
උතුරේ රජයේ ඉඩම්වල කොටි පවුල් පදිංචි කරවලා
http://denethharinna.blogspot.com/2013/04/blog-post_16.html
]

0 comments: