Pages

Friday, March 7, 2014

ප‍්‍රංශ විහාරයේ නව බුදු පිලිමවලට ගල්කිස්ස බෞද්ධ ආයතනයේ දී නෙත් තබයි

ප‍්‍රංශ බුදු දහමෙහි ශී‍්‍ර ලාංකේය සලකුණ ලෙස පෙන්වා දිය හැකි ප‍්‍රංශ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මේ වන විට ඉතා වැදගත් සන්ධිස්ථානයකට පැමිණ තිබේ.වර්ෂ 1989 ආරම්භ කරන ලද මෙම විහාරස්ථානය අද වන විට බුදු දහම හා ආගමික කටයුතු විෂයෙහි මෙන්ම සාමාජීය හා සංස්කෘතික කටයුතු විෂයෙහි ද  කරන ලද සේවය  අති විශාලය.

කෙතරම් සේවයක් සිදු වුවත් මෙහි බොහෝ කටයුතුු  සිදුකරන ලද්දේ විවිධ දුෂ්කරතා මධ්‍යයේය. තාවකාලික ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය විහාර මන්දිරය වෙනුවට ස්ථීර විහාර මන්දිරයක් ඇතුළු ශාලාවක අවශ්‍යතාවය දැඩිව දැනී තිබිණී. ප‍්‍රංශයේ ප‍්‍රධාන සංඝනායක ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්දරතන නාහිමිපාණන් වහන්සේ ගේ දැඩි කැපවීම මත විවිධ ජාතික බෞද්ධ ජනතාවගේ ධන පරිත්‍යාගයෙන් මේ වන විට මහල් තුනකින් සමන්විත විහාර මන්දිරයේ ඉදිකිරීම්  වැඩ කටයුතු අවසන් ව තිබේ. විහාර මන්දිර දෙකක් සහිත මෙම විහාරයට බුද්ධ ප‍්‍රතිමා වැඩමවනු ලබන්නේ ශී‍්‍ර ලංකාවේ සිටයි.

එම බුදු පිළිම වහන්සේ ලා නිර්මාණය කර නේත‍්‍රා තැබීමේ පින්කම පසුගිය දා ගල්කිස්ස වටරප්පල පාරේ පිහිටි බෞද්ධ ආයතනයේ දී පැවැත්වින.

ඉතා දර්ශනීය පිළිම වහන්සේලා තුන් නමක් සාදා නිමකර මෙහි වැඩමවා තිබූ අතර මහා සංඝරත්නයේ පිරිත් දේශනා මැද නේත‍්‍රා තැබීම ඇරඹිණි. බුදුරජාණන් වහන්සේට ත් මහා සංඝරත්නයටත් නමස්කාර කිරීමෙන් අනතුරුව මූර්ති ශිල්පී මහතා විසින් නිමා නොවුණු සම්බුද්ධ ප‍්‍රතිමා දෙනෙත් මධ්‍යයේ නේත‍්‍රා සටහන් කරන ලදී.

http://lankacnews.com/sinhala/news/111492/

0 comments: