අද 1815 මාර්තු 2 වැනි දා නම්....? මේ ලංකාද්විපයේ මේ මොහොත වන විට මොන තරම් නම් පෙරලියක් වේවිද? විවිධ සාකච්ඡා, මත ගැටුම්, ඇතුළු කුතුහලයකින් රටම ඇලලී යනු නො අනුමානයි.
අද අප එසේ සිතනු ඇතැයි වසර එකසිය අනූනවයකට පෙර කීර්ති ශ්‍රී රාජසිංහ රජුන් සිතන්නට නැත. උඩරට බලය පතුරුවාලීමේ ඉංග්‍රීසින්ගේ ආශාවත්, නායක්‌කාරයින්ගේ දෙපිටකාට්‌ටු සිහිනත්, උඩරට රදලයින්ගේ කුලල්කෑමත් මත 1815 උඩරට ගිවිසුමට එක`ග වීමට රාජසිංහ රජුට සිදු වූ බව ඉතිහාස පොත පත සනාථ කරයි.
ඒ මහා පාවා දීම සිදු වී අදට හරියටම වසර එකසිය අනූනවයකි.
අද වන් දිනෙක මහනුවර ම`ගුල් මඩුවේදී රටේ ජනතාව වෙනුවෙන් ඇහැළේපොළ මහ නිළමේ, මහ අධිකාරම් හා සත්කෝරලේ දිසාව වූ මොල්ලිගොඩ, දෙවන අදිකාරම් හා සබරගමුව දිසාවේ වූ පිළිමතලව්වේ, සතර කෝරලේ දිසාව වු කනිෂ්ඨ පිළිමතලව්වේ, ඌවේ දිසාව වූ මොනරවිල, මාතලේ දිසාව වු රත්වත්තේ, තුන්කෝරලේ දිසාව වූ කනිෂ්ඨ මොල්ලිගොඩ, වලපනේ දිසාව වූ දූල්ලෑවේ, වෙල්ලස්‌සේ හා බිම්තැන්නේ දිසාව වූ මිල්ලෑව, තමන්කඩුව දිසාව වූ ගලගම හා නුවර කලාවියේ දිසාව වූ ගලගොඩ ද අත්සන් තැබූහ. රොබට් බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරයා ඉංග්‍රීසි මහ රජාණන් හා රාජපතිනිය වෙනුවෙන්ද අත්සන් තැබූහ. නියෝජ්‍ය මහ ලේකම් ඡේම්ස් සදර්ලන්ඩ් , ජෝන් ඩොයිලි අත්සන් සහතික කරමින් අත්සන් කළේය.
ගිවිසුම අත්සන් කිරීමට පෙර ඉහළට ඔසවන ලද ඉංග්‍රීසි කොඩිය පහතට ඇඳ දැමූ වාරියපොල සුමංගල හාමුදුරුවෝ යළිත් සිංහ කොඩිය එසවූ ඒ අභීත ක්‍රියාව සිදු කළේ ද අද වැනි දවසකය.
ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සර්වත්‍ර සංසිද්ධියක් සනිටුහන් කළ මේ කාල වකවානුව මෙලක රජ කල අවසන් රජුගේ ස්‌වස්‌තිකයන් බිද දැමූ කාලයක් විනා ස්‌වර්ණමය යුගයක් නොවුනු සේය. එසේ වන්නට වූ කරුණු විමසා බැලීම වටිනුයේ එය මේ අප ගත කරන වර්තමානයට ද බෙහෙවින් වැදගත් වන නිසාය.
රාමේෂ්වරම් දිවයිනේ දී වසර 1780දී උපන් කන්නසාමි කුමාරයා, රාජාධිරාජසිංහ රජුගේ දෙවැනි බිසවගේ සොයුරියගේ පුතුය. කුඩා කලම පියා මිය ගිය හෙයින් කන්නසාමි තම මාමා වූ කොණ්‌ඩසාමි සම`ග ලක්‌දිවට පැමිණ, මහනුවර රාජධානියේ නායක්‌කාර වංශිකයන්ට වෙන්කර තිබූ කුමාරප්පේ වීදියේ වාසය කළේය. කඩවසම් පෙනුමැති දේහයකින් යුක්‌ත වූ ඔහු මල්වතු විහාරයීය මොරතොට ධම්මක්‌ඛන්ද අනුනායක හිමියන්ගෙන්ද කොබ්බෑකඩුවේ සිරිනිවාස නා හිමියන්ගෙන්ද අක්‌ෂර ඥාණයත් ධර්ම ශාස්‌ත්‍රාදියත් පිළිබ`දව උගත්තේය. රාජාධිරාජසිංහ රජු අභාවප්‍රාත වූ 1798 වන විට කන්නසාමිගේ වයස අවුරුදු දහඅටකි.
පුරාණයේ පටං පැවත එන නීතියට අනුව රජෙකු අභාවප්‍රාත වූ විට ඊට සුදුස්‌සෙකු පත් කර ගන්නා තුරු එය හෙළි නොකිරීම පුරාණයේ පටං පැවත එන්නකි. රාජාධිරාජසිංහ රජු සමයේ රජවාසල මුළු බර කරට ගෙන මහ අදිකාරම් ධූරය හෙබවූයේ පිළිමතලව්වේය. නායක්‌කාර් වංශිකයන්ගේ බලය නිසා පීඩාවට පත්ව සිටි සිංහල ජනතාව ඉන් මුදවා ගැනීමටත් බුදුදහම න`ගා සිටුවීමටත් පිළිමතලාවේ කලකසිට සිහින මැවීය. රාජාධිරාජසිංහ අභාවය සම`ග කන්නසාමි කුමාරයා කෙසේ හෝ රජකමට පත් කොට තම අණසක යටතේ ඔහු රූකඩයක් බවට පත්කර ගැනීමට සිතූ පිළිමතලව්වේ, ඒ පිළිබඳව මල්වත්තේ පුෂ්පාරාමයේ වැඩ සිටි මොරතොට ධම්මක්‌ඛන්ද හිමි සම`ග රහසිගත සාකච්ඡාවක් පැවැත්වීය. තමාගේ උපදෙස් පරිදි රජ කිරීමට කැමති නම් රජකම ලබා දියහැකි බව පිළිමතලව්වේ කී විට කන්නසාමි කුමාරයා ප්‍රීතියෙන් පිනාගොස් මහ අදිකාරම කියන ඕනෑම දෙයක් කරන බවට සපථ කළේය.
වර්ෂ 1798 පෙබරවාරි 10 දා දියවඩන නිළමේත් සළුවඩන නිළමේත් ඇතුලු කාර්යය මණ්‌ඩලය කුමරාගේ නිවසට ගොස් පුරාණ චාරිත්‍ර අනුව හ`දුන් කිරි පැණින් ස්‌නානය කරවා රන්රිදී මුතු මැණික් ආදියෙන් අනූන රාජාභරණයෙන් සැරසූහ. මනහර රන් සිවි ගෙයක හිදුවා කුඩ කොඩි සේසත් වියන් යට පංචතූර්යය නාදයෙන් සමන්විත දර්ශනිය පෙරහරකින් මහ වාසල වෙත කැදවා ආහ. දළඳා මැදුරේ ශ්‍රී දන්ත ධාතුන්වහන්සේ ඉදිරියේ දොහොත් මුදුන් දි වැඳ පන්සිල් ගෙන ම`ගුල් මඩුවේ සිහසුන මත අසුන් ගත්තේය. එතැනිපටන් හෙතෙම ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විය.
තම අරමුණු රජු හරහා ඉටු කරගැනීම ඇරඹි පිළිමතලව්වේ මහ අදිකාරම් ඉන් නොනැවතී පෞද්ගලික වෛරයන් ද පිරිමසා ගැනීමට රජු පාවිච්චි කළේය. ඔහුගේ විරුද්ධවාදින් ඝාතනය කිරීම ඇරඹි කෙටි කලක් ගත වෙත්ම රජු සහ රට වැසියන් පිළිමතලව්වේ සැකකිරීමටත් ඔහුගේ උපදෙස් පිළිපැදීම බැහැර කිරීමටත් පටන් ගත්හ. ඊට පිළිමතලව්වේ ගත් විස`දුම නම්, ඉංග්‍රීසින්ගේ පිහිට පැතීමයි.
ඒ වන විට පහතරට බලය ඉංග්‍රීසින්ට නතු කර ගැනීමත් සමග උඩරට රාජ්‍යය අත්පත් කරගැනීම කෙරෙහි ඉංග්‍රීසින්ගේ අවධානය යොමුව තිබූ කාලවකවානුවක් වූ බැවින් පිළිමතලව්වේ ඉංග්‍රීසින්ට ගෙන ගිය යෝජනා ඉබ්බා දියට දැම්මා වැනිය.
එවකට ඉංග්‍රීසි ආණ්‌ඩුකාරයා වූ පෙඩ්රික් නෝත් ක්‍රි.ව 1798 සිට 1803 දක්‌වාම උත්සාහ දැරුවේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සම`ග ස්‌ථිර සාම ගිවිසුමක් ඇතිකර ගැනීමට වුවද රජු ඊට එරෙහි වූයේ ජනතාව කෙරෙහි වූ දයානුකම්පාවෙන්මය. මෙම කාල වකවානුව වන විට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ධර්මිෂ්ඨ රාජ්‍යය පාලනයක් පවත්වාගෙන ගියේය.
පිළමතලව්වේ සහ ආණ්‌ඩුකාර නෝත් ගේ සංහි`දියාව මත රාජසිංහ රජු සිහසුනෙන් නෙරපා දමා තමා රජ වීමට පිළිමතලව්වේ ඉංග්‍රීසින්ගේ සහාය පැතීය. එහෙත් නෝත් එකහෙලාම බලාපොරොත්තු වූයේ රාජසිංහ රජු කෙසේ හෝ දැලට හසුකර ගැනීමටය. ඒ අනුව මැක්‌ඩොවල් සෙනවියා රජු හමුවට පිටත් කර යවා, රජුගේ ආරක්‌ෂාවට ඉංග්‍රීසි සේනාංකයක් එවන්නදැයි විමසන ලෙස සැලසුම් කළේය. මේ බැව් සැලවූ රජු සාම ගිවිසුමකට කැමති නැති අතර බැහැ දැකීමට පමණක් අවසර ඇතිබව දැන්වීය. රජු බැහැදුටු මැක්‌ඩොවල් රජු හා රදලවරු බොහෝ දෙනෙක් පිළිමතලව්වේ සමග වැඩි ඇයි හො`දයියක් නොමැති බව දැන නෝත් ට ඒ බැවි දැන්වීය.
සාම ගිවිසුම් සදහා කීප වතාවක්‌ම උත්සාහ කලද ඒවා අසාර්ථක වූ බැවින් ඉංග්‍රීසින් බලාපොරොත්තු වූයේ කොයි මොහොතේ හෝ උඩරට ආක්‍රමණය කිරීමටය. ඊට අවැසි පසුබිම 1802 දී තැනුනේ මුස්‌ලිම් වෙළෝදුන් හා රාජ පුරුෂයින් අතර ඇති වූ අලකලංචිය හරහාය. පිළිමතලව්වේ ද ඇවිලෙන ගින්නට පිදුරු දැමීය. 1803 ජනවාරි 31 මැක්‌ඩොවෙල් ගේ නායකත්වයෙන් යුත් සේනාංකයක් කොළඔ සිට නුවර ට ආහ. මුත්තුසාමි ද යාපනයේ සිට ආහ. සියල්ල දත් රජු දළදා වහන්සේද රැගෙන හ`ගුරන්කෙතට පලා ගොස් තිබිණි. එහෙයින් ඉංග්‍රීසින් බල කොටු තනවා නුවරම රැ`දුනි. ඉංග්‍රීසින් විසින් මුත්තුසාමි කුමරු සිංහාසනාරූඩ කිරීමෙන් කෝප වූ පිළිමතලව්වේ සිංහල හා ඉංග්‍රසින් අතරේ ගැටුමක් ඇති කොට අමු කැලයකට ගිනි තැබුවේය. එපමණක් නොව පිළිමතලව්වේ වරින්වර කිහිපවිටක්‌ම ඉංග්‍රීසින් සහ රජු කෙටවෙන අන්දමේ විවිධ උගුල් අටවා පසෙකට වි බලා සිටියේය. 1804 සැප්තැම්බර් 25 දා නැවත ඉංග්‍රීසින් උඩරටට සේනාංකයක් ගෙන ආවේය. සිංහල භටයෝ අතර මගදි ඔවුන්ගේ ගමන වලකාලමින් බාධක බැන්ද ද මෙවර පරණගම සහ කුණ්‌ඩසාලේ පිහිටි රාජ මන්දිර ඉංග්‍රීසින් විසින් ගිනි තැබුවේය. එම රාජ මන්දිරවල , පෘතුගීසි හා ඕලන්ද ආණ්‌ඩුකාරරුවන් තෑගි කළ යුද්ධෝපකරණ රැසක් තබා තිබූ අතර ඒවාද ගිනිබත් වීමෙන් රාජසිංහ රජු නිම්හිම් නැති කෝපයෙන් ඇලලී සිටියේය.
කන්ද උඩරට ප්‍රදේශය පුරා වසූරිය පැතිර ගියේ 1810 දීය. එයින් රටවැසියන් බොහොමයක් මිය ගිය අතරේ රජු ඇතුළු බොහෝ දෙනෙකුට ද වසූරිය වැලදිණි. ගම්පොළදේවි බිසවත් රජතුමාත් වසංගත රෝගයෙන් දිවි ගලවා ගත්තද දියණිය මිය ගියාය.
මේ අතරේ පිළිමතලව්වේ මහ අදිකාරම් රජු නැසීමට උපක්‍රම යෙදීය. සියඹලාපිටියේ ඝට්‌ටම්බි නම් වූ කරණවෑමියාට මුදල් දී ඔහු ලව්වා රජුගේ බොටුව සි`දවීමට කටයුතු කලද එයද ව්‍යර්ථ විය. මේ සියල්ල දැනගත් රජු පිළිමතලාවේ අදිකාරම් ට ජීවිත දානය දුන්නද නිල තල සියල්ල අහිමි කළේය. එම පුරප්පාඩුව පිරවූයේ ඇහැළේපොළය. කෙටි කලකින් ඇහැලේපොල රොබට් බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරයා සමග එක්‌ව රජුට එරෙහිව ගතු කීවේය. ඉන් රජු බෙහෙවින් කෝපාවිෂ්ට විය. කන්ද උඩරට රාජ්‍යයයේ පැවතගෙන ආ සම්මත නීතියට අනුව රජුට ෙද්‍රහිව කටයුතු කරන උදවිය අත්අඩංගුවට ගෙන අධිකරණයට යවා ද`ඩුවම් පැමිණවීය.
මෙපමණ කම්කටොලු මධ්‍යයේ රාජසිංහ රජු මත්පැනටද ලොල් වීය. කසුකුසුව පැතිර ගියේ මත්පැන් පානය හුරු කලේ, මෙඩ්ලන්ඩ් ආණ්‌ඩුකාරයා විසින් ජෝන් ඩොයිලි අත විශේෂ රට බීම රජුට යෑවීම හරහා බවයි. බීමට ලොල් වූ රජතෙමේ ගේ අධික මත් පැන් පානයෙන් ව්‍යාකූල වූ මනසින් ද සමහර රදළවරු ප්‍රයෝජන ගත්තා සේය. පුස්‌සැල්ලේ නිළමේ විසින් එසේ ප්‍රයෝජන ගත් එක් අවස්‌ථාවකි, මරණ ද`ඩුවමට ලක්‌ව සිටි වරදකරුවන්ගේ දඩුවම් තල්පත රජු අසිහියෙන් සිටි මොහොතක අනුමත කරවා ගැනීම. 1814 මැයි මස 2 වැනිදා එම පිරිස් වැවෙහි දේව සංහින්ද ස්‌ථානයේදි නිළධාරින්ට භාර දුන්හ. මරණ ද`ඩුවම් දෙනු දුටු ජනයා සිතින් විලාප නගමින් රජු කෙරෙහි මහත්වූ අප්‍රසාදයක් රහසේ දැක්‌වීය.
මත්ගති ඇත්තාවූ රජ ඇහැළේපොළ කුමාරිහාමි කෙරෙහිලොල් වූ සිතින් ක්‍රියා කළ බව අප්‍රකට කරුණකි. ප්‍රකට කරුණ වූයේ තමන්ට එරෙහි වූ ඇහැළේපොළ අදිකාරම්ට දඩුවම් දීමය. රටවැසියන් තුළ රජු කෙරෙහි වූ අප්‍රසාදය දෙගුණ තෙගුණ කරමින් ඇහැළේපොළ කුමාරිහාමි හා දරු පැටව් මරා දැමිය.
රජු කෙරෙහි ජනතා අප්‍රසාදය මහ ඉහළින් ඇති බව දැනගත් ඉංග්‍රීසින් ක්‍රි.ව 1815 ජනවාරි 11 වැනි දින පළමු ඉංග්‍රීසි සේනාංකය කන්ද උඩරටට සේන්දු විය. දුෂ්ඨ රජු පලවා හැර ජනතා ආරක්‌ෂාව සලසන බව ජනයා හමුවේ ප්‍රචාරය කර හැරියේ ඇහැළේපොළ අදිකාරම් ගේ සැලසුම් අනුවය.
තත්ත්වය මහා දරුණු අතට පත්වන බව දැනගත් ශ්‍රී වික්‍රම රාජසිංහයෝ රජ මාළිගාව අත හැර අප්‍රසිද්ධ වේශයකින් දුම්බර ට ගොස් සැ`ගවුණේය. මැදමහනුවර බෝමුරේ අප්පුරාල ආරච්චිලාගේ නිවසේ වී බිස්‌සේ රජු සැ`ගව ගත්ය. එහෙත් රජුට සැ`ගව සිටිය හැකි වූයේ,1815 පෙබරවාරි 16 වැනි දින තෙක් පමණි. එක්‌නැලිගොඩ මොහොට්‌ටාල රජ සැ`ගව හුන් තැන සොයා පරුෂ වචනයෙන් බැන වදිමින් එළියට ඇද දැමූ බව පත පොතෙහි සදහන් වේ. ඉංග්‍රීසි සෙනවියන් රජුට ගරු කොට කෑම බීම දී සළු පිළි දී තෙල්දෙණිය කුඩාරමට කැටුව ගියහ. එහි දී ජෝන් ඩොයිලි , රජු සම`ග සාකච්ඡා කොට වස්‌තු ස`ගවා ඇති තැන් අසා දැනගත්තේය.
රජු ඩොයිලි සම`ග සිටින බව ආණ්‌ඩුකාර බ්‍රවුන්රිග් දැන ගත් අතරම 22 දින රජු කොළඹට කැ`දවීය. පෙබරවාරි 26 වැනිදා රජුත් ඩොයිලිත් දීර්ඝ ලෙස සාකච්ඡා කොට තීරණයකට එළැඹිණි. අනතුරුව රජු ඉංග්‍රීසින්ගේ නොමද ආදරයට ගෞරවයට පාත්රය වෙමින් සැහැල්ලු සිතින් කෝළඹට වී සිටියහ.
මාර්තු 2 දින එලැබුණේ රටේ සිංහල ජනයා අමන්දානන්දයට පත් කරමින් සේය. තම නායකයන් ගේත් ඉංග්‍රීසින්ගේත් අත්සනින් ඇති කර ගත් උඩරට ගිවිසුම දෙදහස් වසරකටත් වැඩි කාලයක් තිස්‌සේ ආත්ම පරිත්‍යාගයෙන් රැක ගත් සිංහලකම පාවා දීමක් බව අද වුවද තේරුම් ගත්තද සියල්ල එසේ සිදු වූයේද සිංහලයා නිසාම බව තේරුම් ගැනීම වටී..
ස්‌තූතිය, ඇකිරියගල ඒකනායක මහතාට
උපේක්‌ෂා
http://www.divaina.com/2014/03/02/feature01.html

0 comments:
Post a Comment