Pages

Tuesday, March 18, 2014

නීති විද්‍යාලයේ අර්බුදයට විසඳුම කුමක්‌ද? ප්‍රතිඵල අසාමාන්‍ය ලෙස විකෘති වන්නේ ඇයි?

විභාග වංචා කතාව නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට පමණක්‌ සීමා වී නැවතුනේ නැත. එය 2013 වසරේ පවත්වන ලද නීතිඥ අවසාන වසර විභාගයද වෙලාගෙන පිම්මක්‌ වශයෙන් තවත් ඉදිරියට ගියේය. තොරතුරු රැසක්‌ හෙළිවීමත් සමග එය නීති අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ අලුත් අර්බුදයක්‌ද ඇති කළේය. නීති අවසාන පරීක්‍ෂණයේදී උත්තර පත්තර වෙනස්‌ කොට ඇතැම් ශිෂ්‍යයන්ට ලකුණු දීමේ ක්‍රියා පිළිවෙතක්‌ නීති විද්‍යාලය තුළ ක්‍රියාත්මක වූ බවට ලැබුණු තොරතුරු පිළිබඳව කෙරුණු පරීක්‍ෂණයක ප්‍රතිඵලයක්‌ වශයෙන් නීති විද්‍යාලයේ විදුහල්පතිවරයාට විදුහල්පති ධුරයෙන් ඉවත්ව යැමට පවා සිදුවිය. දැනගන්නට ලැබී ඇති ආකාරයට දැනට එතුමාට ජනාධිපති ලේකම් කාර්යාලයේ නීති උපදේශක ධුරයක්‌ ලැබී ඇත. එයද අප මෙහිදී මතක තබා ගත යුතු කරුණකි.

නීති අධ්‍යාපනය කෙරෙහි ඇල්මක්‌ උනන්දුවක්‌ දක්‌වන නීතිගරුක පුරවැසි බොහෝ දෙනකුගේ කතා බහට මේ දිනවල ලක්‌ව ඇති එක්‌ ප්‍රධාන මාතෘකාවක්‌ වී ඇත්තේ වර්තමානය වන විට මේ රටේ නීති අධ්‍යාපනයට අත්ව ඇති ඛේදජනක ඉරණමයි.

මේ රටට අවශ්‍ය වෘත්තීය නීතිඥයන් බිහි කරන ආයතනය ලෙස සැලකෙන්නේ ලංකා නීති විද්‍යාලයයි. ගතවූ දශක කීපය තුළම මේ ආයතනය මගින් පවත්වනු ලබන විභාග සම්බන්ධයෙන් එක දිගටම අපට අසන්නට ලැබුණේ ඉතා අමිහිරි සහ අප්‍රසන්න තොරතුරුය. ඒ අතීත තොරතුරු සියල්ල මෙවැනි කෙටි ලිපියකින් විස්‌තර කළ නොහැක. ඒ සිද්ධීන් එකක්‌ හෝ දෙකක්‌ ගැනවත් කෙටියෙන් යමක්‌ සඳහන් කිරීම අවස්‌ථාවොචිත ක්‍රියාවක්‌ යෑයි අපි කල්පනා කරමු. නීති විද්‍යාලයට සිසුන් බඳවා ගනු ලබන්නේ තරග විභාගයකිනි. මේ තරග විභාගය පිළිබඳ ජනතා සැකය පලවූ අතීත අවස්‌ථා ගණනාවක්‌ ඇතත් ඒ ගැන සොයා බැලීමට කිසිදු බලධාරියෙක්‌ ඉදිරිපත් වූයේ නැත. ඒ ගැන කිසියම් හෝ හඬක්‌ නැගුවා නම් ඒ හඬ නැගුවේ ජනමාධ්‍ය විසින් පමණි. 2006 මාර්තු 20 දින නිකුත් වූ අයිලන්ඩ් පුවත්පතේ පළවූ වාර්තාවකින් හෙළිදරව් කර තිබුණේ 2005 වසරේ පවත්වන ලද නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේදී සිදු කරන ලද විභාග වංචාවක්‌ ගැනය. ලකුණු 69 කට වඩා වැඩි ලකුණු ලබාගත් ශිෂ්‍යයන් 239 දෙනකු නීති විද්‍යාලයට ඇතුළත් කර ගැනීමෙන් පසු නීති විද්‍යාල බලධාරීන් කර තිබුණේ නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ නිරීක්‍ෂණයන්ට පටහැනිව යමින් තවත් සිසුන් 11 දෙනකු පස්‌සා දොරින් නීති විද්‍යාලයට ඇතුළත් කර ගැනීමයි.

එසේම 2012 වසර සඳහා නීති විද්‍යාලයට සිසුන් බඳවා ගැනීම සඳහා නීති විද්‍යාල මගින් පවත්වන ලද ප්‍රවේශ විභාගයේදී සිදු කරන ලද විභාග වංචාවක්‌ ලෙස සැලකිය හැකි තවත් එවැනිම සිද්ධියක සුලමුල රටට අසන්නට ලැබුණේද මාධ්‍ය ඔස්‌සේයි. එම තොරතුරෙන් කියෑවුණේ එවර එම ප්‍රවේශ විභාගයට සිංහල මාධ්‍ය අයෑදුම්කරුවන් 6295 ක්‌ සහ දෙමළ මාධ්‍ය අයෑදුම්කරුවන් 705 ක්‌ පෙනී සිටි බවකි. එම විභාගයෙන් සමත් වූ සිංහල අයෑදුම්කරුවන් සංඛ්‍යාව 154 ක්‌ වූ අතර සමත්ව සිටි දෙමළ මාධ්‍ය අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව 135 ක්‌ වූ බවය. සමත්ව සිටි දෙමළ මාධ්‍ය අයෑදුම්කරුවන් 135 දෙනා අතරින් 78 දෙනෙක්‌ම මුස්‌ලිම් භක්‌තිකයන් වීම බොහෝ දෙනකුට වටහාගත හැකි කරුණක්‌ නොවීය. මේ ගැන සැක මතු වී ප්‍රශ්න කරන විට නීති විදුහල් බලධාරීන් විසින් කළේ නීති විද්‍යාලයට ඇතුළු වීමට වරම් නොලබා සිටි අයෑදුම්කරුවන් අතරින් තවත් විශාල සංඛ්‍යාවක්‌ නීති විද්‍යාලයට ඇතුළත් කරගැනීමය. පහේ ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ කොම්බුවක්‌ ඇලපිල්ලක්‌ වෙනස්‌ වී තිබුණොත් මහා ඝෝෂා කරන දේශපාලඥයන්ගෙන් අඩුවක්‌ නැති මේ රටේ, වැදගත්ම අධ්‍යාපන ආයතනයක්‌ ලෙස සැලකෙන නීති විද්‍යාලය තුළ ක්‍රියාත්මක වූ මේ දූෂිත වැඩපිළිවෙළට එරෙහිව ඒ කිසිවකු කිසිදු යමක්‌ කියනු අප කිසිදා දුටුවේ නැත. මහජන නියෝජිතයන් ලෙස තේරී පත්ව සිටින මැති ඇමැතිවරුන් පවා මේ සියල්ල දෙස නොපෙනුනාසේ ඇස්‌ කන් පියාගෙන බලා සිටියේ තමන්ටද එයින් වාසි ලැබිය හැකි බවට වැටහීමක්‌ ඔවුන් තුළද වූ නිසා විය හැක.

විභාග වංචා කතාව නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට පමණක්‌ සීමා වී නැවතුනේ නැත. එය 2013 වසරේ පවත්වන ලද නීතිඥ අවසාන වසර විභාගයද වෙලාගෙන පිම්මක්‌ වශයෙන් තවත් ඉදිරියට ගියේය. තොරතුරු රැසක්‌ හෙළිවීමත් සමග එය නීති අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ අලුත් අර්බුදයක්‌ද ඇති කළේය. නීති අවසාන පරීක්‍ෂණයේදී උත්තර පත්තර වෙනස්‌ කොට ඇතැම් ශිෂ්‍යයන්ට ලකුණු දීමේ ක්‍රියා පිළිවෙතක්‌ නීති විද්‍යාලය තුළ ක්‍රියාත්මක වූ බවට ලැබුණු තොරතුරු පිළිබඳව කෙරුණු පරීක්‍ෂණයක ප්‍රතිඵලයක්‌ වශයෙන් නීති විද්‍යාලයේ විදුහල්පතිවරයාට විදුහල්පති ධුරයෙන් ඉවත්ව යැමට පවා සිදුවිය. දැනගන්නට ලැබී ඇති ආකාරයට දැනට එතුමාට ජනාධිපති ලේකම් කාර්යාලයේ නීති උපදේශක ධුරයක්‌ ලැබී ඇත. එයද අප මෙහිදී මතක තබා ගත යුතු කරුණකි.

එලෙස අරාජික වී ගිය නීති විද්‍යාලයේ කටයුතු කළමනාකරණය කිරීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ පී. ඒ. රත්නායක මහතා එහි විදුහල්පති ධුරයට පත්කර එවීමත් සමග නීති විද්‍යාල අභ්‍යන්තරයේ පවතින අවිනිශ්චිත තත්ත්වය අවසන් වේයෑයි බොහෝ දෙනා කල්පනා කළ මුත් ඒ මහතා මසක ධුර කාලයකින් පසුව එම තනතුරින් ඉල්ලා අස්‌ වී ඇත. ඒ මහතා එම තනතුරෙන් අස්‌ව යන අවස්‌ථාවේ කළ ප්‍රකාශයක්‌ 2014 පෙබරවාරි 09 දින පළ වූ සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක පළවී තිබුණේ මෙසේය.

"විභාග අධ්‍යක්‍ෂවරයකු යටතේ දැනට වෙනමම විභාග අංශයක්‌ පිහිටුවා ඇත. නිවෙස්‌වලට ගෙන ගොස්‌ උත්තර පත්තර බලා ලකුණු දීමේ ක්‍රමයට තවදුරටත් ඉඩ නොතබා ඇති බැවින් අනාගතයේදී උත්තර පත්තර වෙනස්‌ කළේ යෑයි යන චෝදනා එල්ල කිරීමට ඉඩක්‌ නොලැබෙනු ඇත."

" A special examination division has been set up under a Director Examinations. There cannot de allegations of rigging of examinations in the futuer as there is a scperate way of marking papers and examination papers can no longer be taken home for marking'.

විදුහල්පති ධුරයෙන් ඉවත්ව ගිය පී. ඒ. රත්නායක මහතා කර ඇති ප්‍රකාශයෙන් ගම්‍යවන කරුණු රැසක්‌ ඇත. ඒ සියල්ල මෙහි සඳහන් කළ යුතු නැහැ. එකක්‌ පැහැදිලිය. එනම් නීති විද්‍යාලය මගින් මේ දක්‌වා පවත්වා ඇති නීති පරීක්‍ෂණ උත්තර පත්තර බැලීමේ ක්‍රියාවලිය තුළ දූෂණ වංචා සහ විභාග අක්‍රමිකතාවලට අවශ්‍ය පසුබිමක්‌ අතීතයේ සිටම ඒ තුළ පැවැති බවය. අස්‌ව ගිය විදුහල්පති රත්නායක මහතා කර ඇති ප්‍රකාශය කියවා බලා අප කිසිවකුත් සෑහීමකට පත්විය යුතු නැත. නීති විද්‍යාලයේ සිදු කෙරෙන විභාග වංචා ගැන තොරතුරු මේ රටේ අපට අසන්නට ලැබුණේ එය ආරම්භ කළ මුල් යුගයේ සිටමය. නීති විද්‍යාලයේ ආරම්භයේ සිටම එහි පාලන කටයුතු එක දිගටම පවත්වාගෙන ගොස්‌ ඇත්තේ කිසියම් සමාජ පැලැන්තියක මිනිසුන් පිරිසකගේ අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයටයි. එය දැන්වත් අවසන් කළ යුතුව ඇත.

මේ රටේ මේ දක්‌වා සිදුකර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ කිසිවක්‌ නීති අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ආවරණය වනසේ ව්‍යාප්ත කොට නොතිබීම රටට මහා වින්නැහියකි. ජාතික අධ්‍යාපන කොමිසමට පවා නීති අධ්‍යාපනය අමතක වී ඇති ක්‍ෂේත්‍රයක්‌ බව කිව යුතුයි. නිදහස්‌ අධ්‍යාපනය ගැන කතා කරන අප මේ රටේ නීති විද්‍යාලය තවමත් පවත්වාගෙන යනු ලබන්නේ මුදල් අයකර උගන්වන අධ්‍යාපන ආයතනයක්‌ ලෙසිනි. මුදල් අයකර පවත්වාගෙන යනු ලබන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව හඬ නගන කිසිදු දේශපාලනඥයකු මුදල් අයකර පවත්වාගෙන යන නීති විද්‍යාලය ගැන වචනයකුදු කතා නොකිරීමද අපට ප්‍රශ්නයකි. නීති විද්‍යාලය නිදහස්‌ අධ්‍යාපන ක්‍රමය යටතේ ඇති කරන ලද ආයතනයක්‌ නොවන බව මෙහිදී කිව යුත්තකි. ඒ ගැන මෙහිදී කරුණු පැහැදිලි කිරීමක්‌ කළ යුතුවේ.

ලංකා වෛද්‍ය විද්‍යාලය සහ නීති විද්‍යාලය යන දෙකම ආරම්භ කරන ලද්දේ බ්‍රිතාන්‍ය පාලන සමයේදීය. නිදහස්‌ අධ්‍යාපන ක්‍රමය යටතේ ලංකා විශ්වවිද්‍යාල පිහිටුවීමත් සමග ලංකා වෛද්‍ය විද්‍යාලය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුබද්ධ කළ බව අප දන්නා කරුණකි. එලෙස වෛද්‍ය විද්‍යාලය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයට අනුබද්ධ කිරීමට ප්‍රතිපත්ති සම්පාදකයන්ට හැකිවුවත් නීති විද්‍යාලය විශ්වවිද්‍යාලයේ නිතී පීඨයට අනුබද්ධ කිරීමට එදා සිටි ප්‍රතිපත්ති සම්පාදකයන් හට නොහැකි වූයේ ඇයිද යන්න වර්තමානයේ වෙසෙන අපට බලවත් ප්‍රශ්නයකි. අපට හැඟෙන්නේ මෙය එදා සිටි ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් සිතා මතාම කිසියම් පිරිසකගේ බලපෑම මත සිදුකර ඇති අවස්‌ථා මගහැරීමක්‌ ලෙසයි.

නීති විද්‍යාලයේ කටයුතු පාලනය විය යුත්තේ රටේ ජාතික අධ්‍යාපන අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයටය. එය පුද්ගලයන් කීප දෙනකුගේ සිතැඟියාවන්ට අනුව පාලනය විය යුතු ආයතනයක්‌ නොවේ. එය දේශපාලනඥයන්ගේ අතේ නැටවෙන ආයතනයක්‌ද විය යුතු නැත. විදුහල්පතිවරයෙක්‌ ඉවත්ව ගිය විට තවත් විදුහල්පතිවරයෙක්‌ නීති විද්‍යාලයට පත්කිරීමෙන් පමණක්‌ම නීති විද්‍යාලයේ කටයුතු යථා තත්ත්වයට පත්කළ නොහැක. මෙය ජාතික අධ්‍යාපන වැඩපිළිවෙළේ කොටසක්‌ ලෙස සලකා ඊට අදාළ වෙනස්‌කම් සිදු කළ යුතු කරුණකි.

නීති අධ්‍යාපන සභාව (ඛැට්‌ක Edමජ්එසදබ) නීති අධ්‍යාපනය සම්බන්ධව මේ දක්‌වා ගෙන ඇති තීරණය බොහොමයක්‌ම ඉලක්‌ක වී ඇත්තේ නීති විද්‍යාලයේ දොර සාමාන්‍ය පන්තික මිනිසුන්ගේ දරුවන්ට වසා දැමීමේ වෑයම යථාර්ථයක්‌ කරනු පිණිසය. නීති විද්‍යාලයේ දැන්වීම් පුවරුවක අලවා ඇති එක්‌ නිවේදනයකින් කියෑවෙන්නේ වයස 30 ඉක්‌මවූ අය ඉදිරියේදී නීති විද්‍යාලයට ඇතුළත් කර ගැනීමට සුදුස්‌සන් සේ නොසැලකෙන බවය. එහි ඇති තවත් නිවේදනයක සඳහන්ව ඇත්තේ සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් නීතිඥ විභාගයට පෙනී සිටින අනාගත අයෑදුම්කරුවන් සියලු දෙනාට විභාග ප්‍රශ්න පත්‍රය දෙනු ලබන්නේ ඉංග්‍රීසි බසින් පමණක්‌ බවය. එහි පරිවර්තනයක්‌ නොදෙන බවද එහි දැක්‌වේ. නීති අධ්‍යාපන සභාවේ මේ තීරණ කිසිවක්‌ ජනතා හිතවාදී ඒවා නොවේ. 

සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටින සිසුන්ට විභාගයේ ප්‍රශ්න පත්‍රය ඉංග්‍රීසි බසින් පමණක්‌ දීමට තීරණය කිරීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවටද පටහැනි බව අපගේ හැඟêමයි. ජාතික වැදගත්කමක්‌ ඇති මේ ප්‍රශ්නය පාර්ලිමේන්තු විවාදයකට ගන්නේ නම් මේ පිළිබඳව ඇති සැබෑ තතු රටට දැනගත හැකිවනු ඇත.

විශේෂ ලියුම්කරුවකු විසිනි
http://www.divaina.com/2014/03/18/feature01.html

Graph Source

සැබැඳි ලිපි -
[
ඉතා සූක්ෂමව මේ දැමෙන්නේ අනාගත නසරිථානයේ සවිමත් පදනමයි!
http://denethharinna.blogspot.com/2012/12/blog-post_7470.html
නීති ප්‍රවේශයට පෙනීසිටි සිහළ මාධ්‍ය සිසුන්ට බලධාරීන්ගෙන් ලැබුණු කැකිල්ලේ නඩු තීණ්ඩුව
http://denethharinna.blogspot.com/2013/02/blog-post_6454.html
නීති විද්‍යාලයේ සිංහල මාධ්‍ය ප්‍රශ්න පත්‍රයේ දෝෂ නිසා සිසුන්ට ලකුණු 14 ක්‌ අහිමියි
http://denethharinna.blogspot.com/2013/01/14.html
නීති ප්‍රවේශ දමිළ මාධ්‍ය ප්‍රශ්ණ පත්‍රය වැල්ලවත්තේ උපකාරක පන්තියකදී පිටවෙලා...
http://denethharinna.blogspot.com/2013/01/blog-post_8.html
කරෙන් දැනුණ නීති හොරකම ගැන බරක්‌ නොගන්න රටක්‌!
http://denethharinna.blogspot.com/2013/01/blog-post_4196.html
නීති විභාගය ‘හලාල්’ කරලා. සාක්ෂි අපි සතුයි – චම්පික
http://denethharinna.blogspot.com/2013/01/blog-post_6.html
නීති විභාගයටත්, හලාල් මුදල් ගනුදෙනුවටත් මම සම්බන්ධ නෑ!!! - හකීම්
http://denethharinna.blogspot.com/2013/01/blog-post_3.html
හකීම්ගේ අන්තවාදයේ නිරුවත... නීති විදුහලේ කතාවේ දෙවන කොටස... සාමදාන විනිසුරුවන්ගේ පත්වීම්...!
http://denethharinna.blogspot.com/2013/01/blog-post_8807.html
නීති විභාගයත් හලාල් ක්‍රමයට!
http://denethharinna.blogspot.com/2012/12/blog-post_29.html
නීති ප්‍රවේශ විභාගය පිටුපස අධිකරණ ඇමැති හකීම් ඉන්නවා...
http://denethharinna.blogspot.com/2012/12/blog-post_3609.html
නීති ප‍්‍රවේශ අක‍්‍රමිකතාවයක් නෑ - වි.කො | දත්ත සංඛ්‍යාන විද්‍යාවට සම්පූර්ණයෙන්ම පටහැනියි! දමිළ මාධ්‍ය සිසුන්ගේ සංඛ්‍යාවේ අසාමාන්‍ය විකෘර්තියක්?
http://denethharinna.blogspot.com/2012/12/blog-post_1255.html
නීති විදුහලට අවනීතිය
http://denethharinna.blogspot.com/2012/12/blog-post_19.html
හකීම් අධිකරණ ඇමති වූ පසු නීති විද්‍යාලයට ඇතුළු වූ මුස්ලිම් සිසුන්ගේ සංඛ්‍යාවේ අසාමාන්‍ය විකෘර්තියක්...
http://denethharinna.blogspot.com/2012/12/blog-post_21.html
නීති විදුහලේ අවනීතියට එරෙහිව නීති ප්‍රවේශ සිසුහු නීතිය යදිති
http://denethharinna.blogspot.com/2012/12/blog-post_25.html
නීති විභාගය ජාතිවාදී වුණැයි රවුෆ් හකීම්ට එරෙහිව නඩු
http://denethharinna.blogspot.com/2012/12/blog-post_5792.html
]

1 comments:

Anonymous said...

Hambaya giye kothanada ethane iwarai.Munta manapa dena moda sahajeewana karayonta buhanassen thalanna watinawa.Mewata kiyanne illagena kanawa kiyala.