
ඖෂධ ව්‍යාපාරය තරම් ලාභ දායක වෙනත් ජාවාරමක් වෙතොත් ඒ කුඩු බිස්‌නස් පමණි. ඉස්‌සර එම තැන හිමිව තිබුණේ ආයුධ බිස්‌නස් එකට ය. අද සෞඛ්‍ය ක්‍ෂේත්‍රය ඖෂධ මිල, දොස්‌තර වර්ජන, නොසැලකිල්ල, හොරකම් යනාදිය නිසා නිතරම පරිහානිය පැත්තට යන්නට බලවත් උත්සාහයක නිරත වෙයි. පිළිකා රෝහලේ අකුණු සන්නායකය රුපියල් විසිලක්‍ෂයක් වටිනා බවත්, එය කිසියම් අයකු විසින් හොරා ගනු ලැබ ඇති බවත් සෞඛ්‍ය ඇමැතිතුමා පසුගියදා හිඟුරක්‌ගොඩ දී පවසා තිබිණි. මෙය හොරා ගත් එකා එය තම නිවසෙහි ම සවිකර ගත යුතු ය. නැතහොත් දැනට ඇරඹී ඇති වැසි කාලයේ දවසක ඔහුට හෙණ පහර කා මිය යැමට සිදුවනවා ඇත. දැනට වෙළෙඳපොළෙහි පවතින ඖෂධ මිල ගැන කල්පනා කරන විට අපට හැඟී යන්නේ බෙහෙත් කොම්පැනිකාරයන් ද තම නිවෙස්‌වල ඉතා බලගතු අකුණු සන්නායක සවිකර ගත යුතු බවකි. මන්ද ඒ මිනිසුන් කරන පව්වලට ඔවුන්ගේ ගෙවල්වල සිටින අහිංසක අඹුදරුවන් පළි නැත.
ලංකාව තුළ මේ මොහොතේ පිළිකා රෝගීහු දහස් ගණනක් සිටිති. සිගරට් සහ කෘත්‍රිම ආහාර නිසා තව රෝගීහු දහස් ගණනක් මග එති. මේ අයගෙන් 99% කට එන්නත් සඳහා රුපියල් හැත්තෑදහස බැගින් වැය කළ නොහැක. එ බැවින් ඖෂධ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර වෙළෙඳ නාමවලින් නොව ඖෂධීය නාමයෙන් ඖෂධ විකිණීම පටන් ගත යුතුය. එවිට ඔය හැත්තෑදහස පන්දහසට බසිනවා ඇත.
http://www.divaina.com/2014/03/22/editor.html
සබැඳි ලිපි -
[
ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවීමhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_18.htmlජාතික ඖෂධ ප්‍රතිපත්තිය මාෆියාකරුවන් නිර්වින්දනය කරයිද?http://denethharinna.blogspot.com/2014/03/blog-post_5761.htmlකිසිදු රජයකට ක්‍රියාත්මක කිරීමට නොහැකිවූ මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය වෙනුවෙන් ඖෂධ පනත ක්‍රියාත්මක කරනවා - සෞඛ්‍ය ඇමැතිhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_8866.html
]
0 comments:
Post a Comment