Pages

Wednesday, March 12, 2014

කොළඹ පිටත වටරවුමේ අධිවේගී මාර්ගය පළමු අදියර තතු බිඳක්


ශ්‍රී ලංකාවේ මේ වන විට තිබෙන දිගම ගුවන් පාලමෙන් යුත් කොළඹ පිටත වටරවුමේ අධිවේගී මාර්ගය පළමු අදියර අද (8 දා) පස්‌වරුවේ ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා අතින් ජනතා අයිතියට පත් කෙරේ. අදියර තුනකින් වැඩ නිමකිරීමට නියමිත කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ කොට්‌ටාව පිවිසුමේ සිට කෙරවලපිටිය දක්‌වා ඉදිකෙරෙන අතර කෙරවලපිටියේදී කටුනායක අධිවේගී මාර්ගයට සම්බන්ධ කෙරේ.

පළමු අදියරට අයත් කොට්‌ටාව අන්තර් පිවිසුමේ සිට කඩුවෙල දක්‌වා කිලෝ මීටර් 11 කින් යුත් කොටස අද 8 දා ජනාධිපතිවරයා අතින් විවෘත කෙරේ.

මෙම කොටස කිලෝ මීටර් 3.3 කින් යුත් දිගු ගුවන් පාලමකින් යුක්‌ත වන අතර එය මේ වන විට ලංකාවේ තිබෙන දිගම ගුවන් පාලම වෙයි. මෙම අධිවේගී මාර්ගයේ දෙවන සහ තෙවන අදියර යටතේ ඊටත් වඩා දිගින් යුත් ගුවන් පාලම් දෙකක්‌ ඉදිවන අතර 2017 වැඩ නිමවීමට නියමිත තුන්වන අදියර යටතේ කිලෝ මීටර් 5.9 කින් යුත් මෙරට ඉදිවන දිගම ගුවන් පාලම ඉදිවීමට නියමිත බව මහා මාර්ග හා වරාය ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල මහතා පැවැසීය.

කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ පළමු අදියර ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ (ජයිකා) රුපියල් බිලියන 27 ක ණය ආධාර යටතේ ඉදිකර ඇත.

දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල පින්නදුව සිට මාතර ගොඩගම දක්‌වා කිලෝ මීටර් 32.25 ක්‌වූ කොටස ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා අතින් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

ඒ අනුව ලබන 15 වැනිදායින් පසුව දක්‌ෂිණ අධිවේගී මාර්ගයෙන් මාතර සිට කඩුවෙල දක්‌වා පැය එකහමාරක්‌ වැනි කෙටි කාලයකින් ළඟාවීමට අවස්‌ථාව උදාවනු ඇත.

මෙම විවෘත කිරීමේ උත්සවයට සමගාමීව දකුණු හා බස්‌නාහිර පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ප්‍රථම ජනහමුව ද කඩුවෙල කොතලාවල දී පස්‌වරුවේ පැවැත්වීමට නියමිතය.

අනුර බාලසූරිය
http://www.divaina.com/2014/03/08/news02.html

0 comments: