උතුරු පළාත් සභාව විසින් පසුගිය 18 වැනිදා ඒකච්ඡන්දයෙන් සම්මත කර ගන්නා ලද යෝජනා තුනක් පිළිබඳව දැන් දේශපාලන හා සමාජ ක්‍රියාකාරීන් අතර සංවාදයක් මතුවී තිබේ. මෙම යෝජනා ක්‍ෂණිකව ඉදිරිපත් වීම පිළිබඳව මෙන්ම ඒවායේ නීතිමය තත්ත්වය පිළිබඳව ද බොහෝ දෙනකුගේ අවධානය යොමු වී තිබේ.
මෙම යෝජනා ත්‍රිත්වයේ හරය වන්නේ යාපනයේ සිට සෘජුවම ඉන්දියාවට ගුවන් ගමන් හා නාවික ගමන් ආරම්භ කිරීම හා කන්කසන්තුරේ වරාය වාණිජ වරායක් ලෙස සංවර්ධනය කර ඉන්දියාවේ සිට එන නැව් එම වරායට ගෙන්වා ගැනීමය.
ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුව වරාය, නාවික හා ගුවන් සේවා කටයුතු පැහැදිලිවම ශ්‍රී ලංකා රජයට අයත් ඒවා බව දැනටමත් ප්‍රකාශ වී තිබේ. මධ්‍යම රජය සතු විෂයයන් එලෙස කිසිදු පළාත් සභාවකට ක්‍රියාත්මක කිරීමට ඉඩක් නොමැති බවද නීති ක්‍ෂේත්‍රයේ ද අදහස වී ඇත. එහෙත් උතුරේ මහඇමැති ධුරය හොබවන සී. වී. විග්නේශ්වරන් මහතාට ඒ නීතිය සිහිපත්ව නැත.
සැබැවින්ම ඒ මහතාට තමන් මැනවින් දන්නා නීතිය අමතක වී තිබේද? නොඑසේ නම් සිය වෘත්තීය දැනුම දේශපාලන භාවිතයෙන් මැඬලීමට ඔහුට අවශ්‍ය වී තිබේද? කුමක් වුවත් නීතිය හා යුක්‌තිය පසිඳ ලූ ගරු විනිශ්චයකාරවරයකු ලෙස බලද්දී එබඳු ක්‍රියාකාරකම් අප තුළ ද බරපතළ ගැටලු මතු කරයි.
දෙමළ බෙදුම්වාදයේ ශ්‍රී ලාංකික හිස බවට පත්ව සිටි ප්‍රභාකරන්ද එදා තමන්ගේම ගුවන් හා නෞකා හමුදා බලයක් ගොඩනගා ගැනීමට දැඩි වෙහෙසක් ගත්තේය. ගුවන් බලය කෙසේ වෙතත් ඔහුගේ නාවික බලය නම් ශක්‌තිමත්ව තිබිණි. ඔහුගේ විනාශයත් සමග විනාශ වී ගිය සියල්ලම යළිත් ගොඩනංවා ගැනීමට මේ යෝජනා පසුපස සැඟවී සිටින කාට හෝ අවශ්‍ය වී තිබේද?
මේ වනවිට තමිල්නාඩුවේ දේශපාලන විකෘති හැසිරීම් මෙන්ම ජිනීවා නාඩගම් සූදානම වැනි සංසිද්ධීන් සමග බලන විට ද මෙම යෝජනා කාගේත් දැඩි අවධානයට යොමු විය යුතු බව අපගේ අදහසය. තමිල්නාඩුවේ ජයලලිතා මහඇමැතිනිය රජිව් ඝාතකයන් නිදහස් කිරීමට සූදානම් වූවාය. මේ නිදහස් ක්‍රියාවලියේ පුරෝගාමීහු කවරහුද? එය මානව දයාව නිසාම සිදුවන දෙයක්‌ද?
උතුරේ මහඇමැති විග්නේශ්වරන් මහතා ද ඒ තමිල්නාඩු ප්‍රතිචාරය ගැන ප්‍රබෝධමත්ව සිsටියි. ඉන්දියාවේ සිටි විශිෂ්ට දේශපාලනඥයකු සැහැසි ලෙස මරා දැමූ දේශපාලන µeසිස්‌ට්‌වාදය අනුමත කිරීමට සැරසෙන ජයලලිතාට නම් ඇතැම් විටක එය බයිස්‌කෝප් ජවනිකාවක් විය හැකිය. දෙමළ චිත්‍රපටවල හිරගත වූ මිනීමරුවන්, හොරුන්, දූෂකයන් බලහත්කාරයෙන් මුදා ගන්නා ජවනිකා ද සුලබව තිබේ.
කෙසේ වුවද තමිල්නාඩුව මේ ක්‍රියාව තුළින් රිදවීමට යන්නේ ඉන්දීය මධ්‍යම රජයට නොවේ. තමිල්නාඩුවේ දේශපාලන මුග්ධභාවය වටහා ගත් ඉන්දියාව ක්‍ෂණිකව එයට ප්‍රතිචාර නොදැක්‌වූයේ නම් මෙම එල්. ටී. ටී. ඊ. ඝාතකයෝ නිසැකයෙන්ම නිදහස් වෙති. බාග වේලාවට එයින් ප්‍රමුදිතව සිටින උතුරේ මහ ඇමැතිවරයාට ඒ වෙනුවෙන් පිළිගැනීමේ හා උපහාර පිදීමේ උළෙලක් සංවිධානය කිරීමටද ඉඩ තිබිණි.
ශ්‍රී ලංකාවට ප්‍රභාකරන් පරාජය කළ හැකි වුවත් මේ දෙමළ ඊළම්වාදය පරාජය කිරීම අසීරු වී තිබේ. එයට සහයෝගය දක්‌වන බටහිර හා දේශීය බලවේග අදත් සක්‍රීයව තිබේ. උතුරු පළාත් සභාවද අද මෙබඳු දුෂ්ට බලවේගවලට හසුවී තිබේ නම් එය බරපතළ තත්ත්වයකි.
සැබැවින්ම අද උතුරට වුවමනා ශ්‍රී ලංකාවේ රජයත් සමග අවුලක් හදා ගැනීමද? ඉන්දියාවේ මධ්‍යම රජයට කීචොක් දාන තමිල්නාඩු මහ ඇමැතිනිය මෙන් උතුරේ මහ ඇමැති විග්නේශ්වරන් මහතාටත් මේ ආණ්‌ඩුව සමග ගැටලු නිර්මාණය කර ගැනීමට අවශ්‍ය ද? දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසන පරිදිම උතුරේ ජාතිවාදීන්ට වුවමනා වී තිබෙන්නේ ආණ්‌ඩුව ලවා උතුරු පළාත් සභාව විසුරුවා ගැනීමද? ඉන්පසු ශ්‍රී ලංකා විරෝධී බටහිරයන්ට මෙන්ම ඊනියා ඩයස්‌පෝරාවට ද මේ යෝජනා අල්ලා ගෙන තවත් ජංජාලයක් නැටිය හැකිය.
අනෙක් අතට වරායක්, ගුවන් තොටුපළක් ඉදිකිරීම යනු බිලියන ගණනින් වැය කළ යුතු ව්‍යාපෘතියකි. එබඳු පිරිවැයක් දැරීමට උතුරු පළාත් සභාවට හැකිද? ආණ්‌ඩුව ද අද මේ වර්ගයේ දැවැන්ත ව්‍යාපෘති නිසා හෙම්බත් වී සිටියි. එසේනම් මේ කටයුත්තට ඉන්දියාවට හෝ චීනයට අතපෑමට සිදුවනු නිසැකය. එහෙත් චීනයේ මැදිහත්වීම් ඉන්දියාවට ඒ තරම් නොදිරවන බවද අපි දනිමු.
තතු මෙසේ හෙයින් උතුරු පළාත් සභාවේ මෙම යෝජනා දැඩිව, සුපරීක්‍ෂාකාරීව විමසා බැලිය යුතු බවත්, මෙම යෝජනා තුළින් ඉදිවන බෙදී වෙන්වීමේ මාර්ගයට ඉඩ නොදෙන ලෙසත් අපි ඉල්ලමු. එසේම උතුරේ ජන ජීවිතය සුත මුදිත කිරීමට හා උතුර සංවර්ධනය සඳහා ඉදිරිපත් කරන කිසිදු සාධනීය යෝජනාවකට අපි විරුද්ධ නොවෙමු. ඒ සඳහා කිසිවකුට විරුද්ධ වීමට ඉඩක් නොමැති බවද අපි අවධාරණය කරමු. එහෙත් මේ වර්ගයේ යෝජනා තුළ දිදුලන අනතුර හා විනාශය අපට සුපැහැදිලි බව ද සඳහන් කළ යුතුය.
ප්‍රභාකරන්ගේ µeසිස්‌ට්‌වාදී ග්‍රහණයෙන් මුදා ගත් උතුරේ ජනතාව තුළ අලුත් ජීවිත ආශාවන් දැල්වෙන බව අමුතුවෙන් කිව යුතු නැත. ඔවුන්ට වුවමනා ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනය, රැකියා යන සියල්ලම සපුරාලීමට උතුරේ ඔවුන්ගේ නායකයන්ගෙන්ම සමන්විත පළාත් සභාවට බාධාවක් නැත. ඒ වගකීම ඉටු කිරීමත්, මේ රට එකම රටක් ලෙස පවත්වා ගැනීමත් යන කරුණු පිළිබඳව ද උතුරු පළාත් සභාව සංවේදී විය යුතුය.
උතුරු පළාත් සභාවේ නායකත්වය හොබවන විද්වත් බුද්ධිමත් නායකයකු වන විග්නේශ්වරන් මහතා එහි සිටිය යුත්තේ ප්‍රභාකරන්ගේ ආරූඪයෙන් හෝ වර්ධරාජා පෙරුමාල්ගේ මානසිකත්වයෙන් නොවන බවද අපි ඒ මහතාට මතක් කරමු. සැබැවින්ම ඒ අපකීර්තිමත් ඉතිහාසය වළලා දමා උතුරට අලුත් මිනිසෙක් පැමිණ සිටින බව තහවුරු කළ හැක්‌කේ ඔබට පමණි.
මරණ තුනක්, දැක දැකත් පැණි කෑ මිනිසෙක් පිළිබඳ කතාවක් සිංහල ජනශ්‍රැතියේ එයි. එහෙත් බුද්ධිමත්හු එහි ආදීනව දකිති. ඒ නිසා උතුර සම්මත කළ මෙම යෝජනා තුනට ඉඩ දෙන්නේනම් එයද මරණ තුනක් දැක දැක පැණි කෑමක් වැන්න.
http://www.divaina.com/2014/02/23/editorial.html
Pic Source

0 comments:
Post a Comment