ආසියාවේ හා නැගෙනහිර අප්‍රිකාවේ ජනතාව අතර පුවක් කෑම අතීතයේ සිටම ප්‍රචලිතව පැවතුණි. එළවළු හෝ පලතුරු ගණයට නොවැටෙන හැපීම සඳහා භාවිතා වන පුවක්, ආදී සිංහලයා භාවිතා කරන ලද්දේ කේවල ලෙස නොව තවත් අඩු වැඩියද සමඟය. මෙය කෑමක් ලෙස නොව හප හපා කෑමක් ලෙස ද හඳුන්වාදිය හැකිය. හපා කෙළගසා පසුව හපයද නොගිලා ඉවතලන මෙම කෑමට වසර හාරදහසක ඉතිහාසයක් තිබේ. තායිලන්තයෙන්, ඉන්දුනීසියාවෙන් හා පිලිපීනයෙන් මේ සඳහා පුරාවිද්‍යාත්මක සාක්‍ෂි ලැබී තිබේ.
පුවක් පමණක් හපන පුද්ගලයන්, ශ්‍රී ලංකාවේදී කලාතුරකින් දැකිය හැකි මුත් කලාපයේ අනිකුත් රටවල පුවක් නිතර දෙවේලේ හපන්නෝ බහුලව සිටිති.
දේශීය වෙදකමේදී ඖෂධීය වටිනාකමක් සහිත ඔසුවක් වන විට ජාත්‍යන්තර පිළිකා පර්යේෂණ කාර්යාංශය විසින් පුවක් හි පිළිකා කාරක අඩංගු බවට අනතුරු අඟවා තිබේ.
පුවක් එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන අතරම එය එදා ලක්‌දිව ප්‍රධාන අපනයන භෝගයක්‌ද වී තිබිණි. දාහත් වන සියවස වන විට ලක්‌දිවෙන් පුවක් අමුණු 90000 ක් පමණ වාර්ෂිකව භාරතයට ගෙන ගොස් ඇති බවට සඳහන් වේ. දේශීය ආර්ථිකයේ වැදගත් තැනක් සලකුණු කර ගත් පුවක් වෙළ¹ම 1658 වසර වන විට ලන්දේසීන් සතු විය. ගිල්ඩර් 19800,000 ක් වූ ලන්දේසීන්ගේ වාර්ෂික ආදායමෙන් ගිල්ඩර් 9000000 ක් ලබාගෙන තිබුණේ පුවක් අපනයනයෙනි.
අතීතයේ සිටම ලක්‌දිවෙන් භාරතයට පුවක් යෑවීම නිසා ඉන්දියාවේ කර්නාටක, කේරළ, ඇසැම්, තමිල්නාඩු, මහාරාෂ්ට්‍ර, අන්ද්‍ර, ත්‍රිපුර හා බෙංගාලය ආදී ප්‍රදේශවල ලංකාවේ වේලන ලද පුවක් හෙවත් කරුංකා ජනප්‍රිය වී තිබුණි.
2012 වර්ෂයේදී අමු පුවක් කිලෝ ග්‍රෑම් 10650 ක් ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට අපනයනය කර ඇත. එයින් රුපියල් දෙකෝටි විසිහතර ලක්‍ෂයකට වඩා ආදායමක් ශ්‍රී ලංකාව ලබාගෙන තිබේ. කරුංකා ලෙස පුවක් කිලෝ ග්‍රෑම් 208000 ක් ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවට අපනයනය කර ඇති අතර එයින් ලබාගෙන ඇති ආදායම රුපියල් හාරකෝටි අනූලක්‍ෂයකට අධිකය.
කරුංකා හි ටැනින් හා ගැලික් අම්ලය අඩංගුය. මේවා හම් පදම් කිරීම හා වර්ණකයක් ලෙස භාවිතාවේ. රෙදි සඳහා වර්ණකයක් ලෙස මෙන්ම ආහාර සඳහා වර්ණකයක් ලෙසද කරුංකා ඉන්දියාවේදී හා පාකිස්‌ථානයේදී භාවිතා වේ.
සෘජුවම කරුංකා හපනවාට අමතරව එයට වටිනාකම් එක්‌කර භාවිතයට ගැනීමද ඉන්දියාවේ ජනප්‍රියය. කරුංකා කැබලි දුංකොළ හා තවත් මත් කාරක සමග එකතු කිරීම, සීනි හා පැණි සමග එකතු කිරීම ආදියෙන් එයට වෙනස් කාර්යයක් හා අගයක් ලබාදීම ඉන්දියාවේ ජනප්‍රියය.
පෝෂණීය අගය අනුව ප්‍රොටීන් 4.9 ක්‌ද කාබෝහයිඩ්රේඩ් 47.2 ක්‌ද කැල්සියම් 50 ක්, පොස්‌පරස් 130 ක්, යකඩ 1.5 ක්, විටමින් බී 280.9 ක් හා විටමින් සී 416.2 ක් පුවක් ඒකක 1000 අඩංගු බව ඉන්දියානු පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත.
පුවක් පිළිබඳව මූලික වටපිටාව එසේ හඳුන්වා දුන්නේ, පුවක් ගැන විග්‍රහයක් කිරීම සඳහා නොවේ. මෑතකදී ශ්‍රී ලංකාව තුළ පුවක් ගැන කතා බහක් පැමිණියේ කරුංකා කන්ටේනර් හයක් ශ්‍රී ලංකාවට ගෙන්වා තිබියදී ඒවා නිදහස් කිරීම රේගුව විසින් අත්හිටුවීම හේතුවෙනි. මෙහි කරුංකා කිලෝ ග්‍රෑම් 91000 ක් තිබූ අතර ඒවා ආනයනය කර තිබුණේ, ඉන්දුනීසියාවෙනි. රේගුව විසින් මෙම කන්ටේනර් පහ නිදහස් නොකිරීමට හේතු ලෙස සඳහන් වූයේ ඒ සඳහා ශාක නිරෝධායතනයේ සහතිකය නොලැබීමය. එසේ නමුත් මීට කලින් වෙනත් ආනයනකරුවෙකු විසින් ගෙන්වන ලද කරුංකා කන්ටේනර් තොගයක් සඳහා නිරෝධායතන සහතිකය හිමි වූයේය.
මෙහිදී සිදුවී ඇත්තේ ශ්‍රී ලංකාව කරුංකා ආනයනය සඳහා වයඹ ටේ්‍රඩර්ස් ආයතනයට පමණක් ඒකාධිකාරය හිමිව තිබීමය. ශාක නිරෝධායතනයේ වැඩබලන අතිරේක අධ්‍යක්‍ෂක සුමිත් ජයකොඩිගෙන් මේ පිළිබඳව විමසන ලදුව ඔහු ප්‍රකාශ කළේ වයඹ ටේ්‍රඩර්ස් සඳහා ආනයන බලපත්‍රයක් හිමිවී ඇති බවත් ඒ සඳහා කැබිනට් පත්‍රිකාවකින් අවසර ලැබී ඇති හෙයින් තම ආයතනය නිරෝධා යන සහතික නිකුත් කෙරෙන්නේ ඒ අනුව බවය. එම කැබිනට් පත්‍රිකාවේ අංකය හා නිකුත් කළ දිනය පිළිබඳව විමසුමක් සිදුකළත් තමන් ඒ මොහොතේ වෙනත් කාර්යයක නිරත වන බැවින් පසුව කතා කළහොත් කැබිනට් පත්‍රිකා පිළිබඳ තොරතුරු දැනුම්දීමට හැකි යෑයිද ඔහු ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් පනත අනුව කරුංකා ගෙන්වීමට අවසරයක් නොමැති බවද හෙතෙම සඳහන් කළේය. ප්‍රශ්නයට බැසිය යුත්තේ එතැනිනි.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් ප්‍රශ්න කර සිටින ලද්දේ "රටේ නීති රීතිවලට පිටින් යමින් කරුංකා කන්ටේනර් පහළොවක් ආනයනය කර තිබෙනවා. ඉන්දුනීසියාවෙන් ගෙන්වා ඇති මේ කරුංකා ගෙනාවේ ඇමැතිවරයෙක්‌ලු. මේවා ගෙනත් තිබෙන්නේ බුලත්විට හදන්න නෙමෙයි. එසේනම් කරුංකා කන්ටේනර් පහළොවක් ගෙනාවේ බාබුල් හදන්නද...?" යනුවෙනි.
1999 අංක 35 දරන ශාක ආරක්‍ෂක පනත අනුව, කරුංකා පුවක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් කටයුත්තකි. මෙම තහනම ඉවත් කර ගැනීම සඳහා 2012 ජනවාරි විසිපස් වැනි දින අමාත්‍ය මණ්‌ඩල ප්‍රත්‍රිකා, අං12/0145/536/005 යටතේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන විසින් සංදේශයක් ඉදිරිපත් කරන ලදි. එම සංදේශය මෙසේය.
කරුංකා පුවක් සහ කරාබු ආනයනය හා අගය එකතුකර ප්‍රති අපනයනය කිරීම
පසුබිම
අංක 86, පීර් සාහිබ් වීදිය, කොළඹ 12 යන ලිපිනයේ ස්‌ථාපිත වයඹ ටේ්‍රඩර්ස් ආයතනය විසින් කරුංකා සහ කරාබු ආනයනය කර අගය එකතුකර නැවත අපනයනය කිරීම සඳහා (තාවකාලික පදනම මත ආනයනය කර ප්‍රති අපනයනය කිරීම (1998.11.11 දින දරණ ගැසට් අංක 1053/11 අනුව ඔශෑඡ Sජයෑපැ) සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ අංක 57008110 යටතේ හා ශ්‍රී ලංකා රේගුව යටතේ 5403 යටතේ ලියාපදිංචි කර අනුමැතිය ලබාගෙන ඇත.
විස්‌තරය
එම කාර්යය කිරීම සඳහා කරුංකා සහ කරාබු ආනයනය කිරීම සඳහා ආනයනික බලපත්‍රයක් ලබා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර ඇත. 1999 අංක 35 දරණ ශාක ආරක්‍ෂක පනත යටතේ වලංගු 1981.11.02 දිනැති අංක 165/2 දරන නියෝග මගින් කරුංකා පුවක් සහ කරාබු ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් කර හෝ සීමාකර ඇත.
යෝජනාව
මෙම ව්‍යාපෘතිය තුළින් විශාල වශයෙන් විදේශ විනිමය ද රැකියා අවස්‌ථා ද ලබාදෙන බැවින් අපනයන කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් විසින් සහ පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂක විසින් කර ඇති නිර්දේශවලට අනුකූලව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්ගේ අදාළ කොන්දේසි යටතේ මෙම කර්මාන්තය සඳහා ඉහත කී කෘෂි ද්‍රව්‍ය ආනයන බලපත්‍ර නිකුත් කිරීමට අමාත්‍ය මණ්‌ඩලයේ අනුමැතිය අපේක්‍ෂා කරමි.
මෙම සංදේශය සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බලා වාර්තා කරන ලෙස සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු, කෘෂිකර්ම, සුළු අපනයන භෝග ප්‍රවර්ධන, පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන යන අමාත්‍යාංශ භාර ඇමැතිවරු වෙත දැනුම් දෙන ලද්දේය.
අමාත්‍යවරුන් මෙහිදී වාර්තා කරන ලද්දේ "කරුංකා වැඩේ" සුබවාදී වන ලෙසය. ඒ අනුව කරුංකා ආනයනය කර ප්‍රති අපනයනය සඳහා වටිනාකමත් එකතු කිරීම සඳහා සුබවාදී පාර්ශ්වයක් නිර්මාණය විය. නමුත් මේ සම්බන්ධයෙන් මුදල් හා ක්‍රමසම්පාදන ඇමැතිවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිරීක්‍ෂණය තිබුණේ අනෙක් පැත්තටය.
එම නිරීක්‍ෂණය සටහන් වූයේ,
එකඟ නොවෙමි.
දේශීය නිෂ්පාදන දිරි ගැන්වීම රජයේ ප්‍රතිපත්තිය වන බැවින් පුවක් හා කරාබු ආනයනය කර ප්‍රති අපනයනය කිරීමට වඩා මෙරට තුළ එම භෝග නිෂ්පාදනය ඉහළ නංවා ඒවායෙන් සකස් කළ නිෂ්පාදන අතිරික්‌තය අපනයනය වඩාත් යෝග්‍ය වේ යනුවෙනි.
එසේනම් මුදල් හා ක්‍රම සම්පාදන ඇමැති තනතුර දරන ජනාධිපතිවරයාවත් කරුංකා ආනයනය සඳහා එකඟවී නැති බව පෙනේ. අනෙක් අතට තහනම ඉවත් කිරීම සඳහා කෘෂිකර්ම ඇමැතිවරයා යෝජනා කරන්නේ වයඹ ටේ්‍රඩර්ස්‌ලාට පමණය. අනිත් අයට තහනම වලංගු වන අතර අමාත්‍ය මණ්‌ඩල පත්‍රිකාව හේතුවෙන් වයඹ ටේ්‍රඩර්ස්‌ලාට පමණක් කරුංකා ගෙන්වා ප්‍රති අපනයනය කළ හැකිය. වයඹ ටේ්‍රඩර්ස්‌ට මෙම සුපිරි බලය ලබා දුන්නේ ඇයි?
ඇ.ඩොලර් එක් ලක්‍ෂ දාහත් දහසක් වටිනාකමෙන් යුත් කරුංකා කන්ටේනර් පහක් මෙරටට ආනයනය කළ කොළඹ 11 හි පිහිටි සමාගමට ඒවා යළිත් පැටවීමට රේගුව විසින් නියෝග කළ අතර රුපියල් ලක්‍ෂ පහක දඩයක්‌ද නියම කළේය. කොළඹ 11 පිහිටි සමාගමට එසේ වන අතර කොළඹ 12 පිහිටි වයඹ ටේ්‍රඩර්ස්‌ලාට තමන්ට හිතු හිතු ප්‍රමාණයෙන් කරුංකා ගෙනවිත් ප්‍රති අපනයනයද කළ හැකිය. ප්‍රශ්නය විසඳීම සඳහා කාට කාටත් කරුංකා ගෙන එන්නට ඉඩදීම කළ යුතු යෑයි මින් නොකියමු. ප්‍රශ්නය වන්නේ කරුංකා වැනි සමහර ද්‍රව්‍ය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව උසුලන කීර්තියයි.
සිලෝන් ටී සඳහා ශ්‍රී ලංකාව ලෝකයා ඉදිරියේ තබාගෙන ඇති කීර්තිනාමය ඩොලර් බිලියන ගාණක් දක්‌වා ඉහළය. යම් අයෙකු කෙන්යාවෙන් තේ ආනයනයකර, අගය එකතුකර එය සිලෝන් ටී ලෙස ප්‍රසිද්ධ කරයිනම්, එතැනදී සිදුවන්නේ පළමුවෙන්ම වංචාවකි. සිලෝන් ටී රස හුරු එතෙර පාරිභෝගිකයාට කෙන්යානු බාල තේ රසය දැනෙන්නේ සිලොන් ටී වල රස අඩුවීමක් ලෙස වුවහොත් එතැනින් හානිය වන්නේ ශ්‍රී ලංකාවටය. ඒ අතරට ශ්‍රී ලංකාවේ තේ වවන්නන්ගේ ඉරණමට ඉන් සිදුවන බලපෑම ද සුළු නැත. එවැනි තත්ත්වයක් ශ්‍රී ලංකාවේ කරුංකාවලද මෙම ප්‍රතිපත්තියෙන් ඇති විය හැකිය.
ලිපියේ මුලින් සඳහන් කළ පරිදි 2012 වර්ෂයේදී අමු පුවක් කිලෝ ග්‍රෑම් 10650 ක් ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ආනයනය කර ඇත. කරුංකා ලෙස කිලෝ ග්‍රෑම් 208000 ක් ආනයනය කර ඇත. මෙයින් ශ්‍රී ලංකාව ලබා ඇති මුදල රුපියල් කෝටි අටකට ආසන්නය. මේ සංසිද්ධිය වැඩපිළිවෙළක් අනුව වූවක් නොවේ. තවමත් ගම්වල ගස් යට පුවක් වැටී, නරක් වී යමින් පවතී. තොරණ සඳහා මැයි හා ජුනි මාසවලදී සීමාවකින් තොරව පුවක් ගස් කපමින් පවතී. මෙවැනි දේ පාලනය කර පුවක් අපනයනයට විධිමත් උපදේශකත්වයක් රජය ලබා දුනහොත් ඒ මුදල් කෙළින්ම යන්නේ ගමටය. පුවක් සඳහා පොහොර යොදන්නේ නැත. වල් නාශක, කෘෂි නාශක ඕනෑ නැත. රටේ ප්‍රධාන ආර්ථික ප්‍රවාහයක් නොවුණාට ගැමි ආර්ථිකයට මුදල් ගලා යැමක් පුවක් අපනයනයෙන් සිදුකළ හැකිය.
ඒ වෙනුවට එතෙරින් කරුංකා කන්ටේනර් ගණන් ගෙන්වීමෙන් හා ඒවා ප්‍රති අපනයනයෙන් ලංකාවේ පුවක් ගසට සිදුවන්නේ අවැඩක්‌මය. අපේ රටේද යම් ප්‍රමාණයක පුවක් පරිභෝජනයක් තිබේ. මෙසේ පුවක් ආනයනය කිරීම තුළින් අපේ බුලත් විට සඳහාද පුවක් රටින් ගෙන්වීමේ අවදානමක් පැන නඟිනවා ඇත.
රටේ කෘෂි කර්මයේ ප්‍රගතිය සඳහා අනෙක තීන්දු ගත යුතුව තිබියදී කෘෂිකර්ම ඇමැතිවරයාට අවශ්‍ය වී තිබෙන්නේ කොළඹ 12 වයඹ ටේ්‍රඩර්ස් සඳහා කරුංකා ගෙන්වීමට තනි අයිතියක් ලබාදීමටය. ලැබී ඇති ආරංචි අනුව දැනටමත් මහ සයුරේ සිට කොළඹ වරාය බලා ඉන්දුනීසියාවෙන් කරුංකා කන්ටේනර් 35 ක් පැමිණෙමින් තිබේ. තවත් කරුංකා කන්ටේනර් 20 ක් ඉන්දුනීසියානු වරායෙන් කොළඹ වරායට පටවමින් තිබේ. ඒ ඉන්දියාව සඳහා කැබළි කර අගය එකතු කර කරුංකා ප්‍රති අපනයනයටය. ඉන්දියාවේ ප්‍රධාන ප්‍රදේශ පහක පමණ වැඩි කැමැත්තක් ඇත්තේ ලංකා කරුංකාවලටය. ඒ කැමැත්ත ඉන්දුනීසියාවට දන් දෙනවද යන්න තීරණය කිරීම සඳහා වැඩි කාලයක් ඉතුරු වී නැත.
මනෝඡ් අබයදීර
http://www.divaina.com/2014/03/23/feature14.html

0 comments:
Post a Comment