
පාකිස්‌තානය මගින් ඇමරිකාවට එරෙහි මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලබන අවස්‌ථාවේදී ඇමරිකානු නියෝජිත කණ්‌ඩායම මානව හිමිකම් සමුළුවෙන් ඉවත්ව ගොස් තිබිණි.
ඇමරිකානු ගුවන් ප්‍රහාර හේතුවෙන් තම රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය මුළුමනින්ම උල්ලංඝනය කර ඇති බව පවසන පාකිස්‌තානය ප්‍රහාරයන්ගෙන් පාසල් සිසුන් 200 දෙනකු පමණ මරුමුවට පත්වූ බව කියා සිටී.
ඇමරිකාවට එරෙහි යෝජනාව සම්මත කරන්නැයි පාකිස්‌තානු රජය ජගත් මානව හිමිකම් සමුළුවෙන් ඉල්ලා ඇති අතර යෝජනාව සාකච්ඡාවට ගනු ලැබුවහොත් මානව හිමිකම් සමුළුව වර්ජනය කරන බවට ඇමරිකාව අනතුරු අඟවා ඇත.
කීර්ති වර්ණකුලසූරිය - ජිනීවා සිට
http://www.divaina.com/2014/03/22/news04.html
Pic Source
0 comments:
Post a Comment