Pages

Wednesday, March 12, 2014

පාකිස්‌තානයෙන් බෝල්ට්‌ ඇණ පෙට්‌ටි දෙකක කෝටි 36ක කුඩු

රේගු අත්අඩංගුවට පත් බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ නිලධාරීන් විසින් පරීක්‍ෂා කරන අයුරු. ඡායාරූපය - නිශාන් එස්‌. ප්‍රියන්ත

පාකිස්‌තානයේ සිට මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි 36 ක්‌ වටිනා බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් කිලෝ 36 ක්‌ රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ නිලධාරීන් විසින් ඊයේ (07දා) පෙරවරුවේ ඔරුගොඩවත්ත රේගු අංගනයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

පාකිස්‌තානයේ කරච්චි නුවර සිට හාඩ්වෙයාර් භාණ්‌ඩ ගෙන්වන ලද කන්ටේනරයක්‌ තුළ බෝල්ට්‌ ඇණ පෙට්‌ටි දෙකක තිබී මෙම හොරොයින් තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

ව්‍යාජ ලෙස සැකසූ බෝල්ට්‌ ඇණ 304 ක්‌ තුළ ඉතා සූක්‍ෂම ආකාරයට මෙම හෙරොයින් අසුරා තිබුණු බව රේගු මාධ්‍ය ප්‍රකාශක හා රේගු නීති අංශයේ අධ්‍යක්‍ෂ ලෙස්‌ලි ගාමිණී මහතා පැවසීය.

මෙම කන්ටේනරය ගෙන්වූ නැව් ඒජන්තවරුන් දෙදෙනකු සහ වාප්පු කළමනාකරුවකුගෙන් මේ පිළිබඳව රේගුව ප්‍රශ්න කරගෙන යයි.

කොළඹ හෝටලයක නැවතී සිටින පාකිස්‌තානු ජාතිකයකුගේ නමට, කොල්ලුපිටිය ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයකට මේවා ගෙන්වා තිබිණි. පාකිස්‌තානු ජාතිකයා අත්අඩංගුවට ගැනීමට නියමිත බවද ලෙස්‌ලි ගාමිණී මහතා කියා සිටියේය.

ඔහු මීට වසර දෙකකට පමණ පෙරදී මේ ආකාරයට භාණ්‌ඩ ගෙන්වා ඇතැයි රේගුව සිදු කරන පරීක්‍ෂණවලදී අනාවරණයවී ඇත.

එක්‌සත් රාජධානියේ ජාතික අපරාධ ඒජන්සිය විසින් ලබාදුන් තොරතුරු මත මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවද ලෙස්‌ලි ගාමිණී මහතා කීය.

රේගු බුද්ධි අංශය, මත්ද්‍රව්‍ය වැටලීම් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය, යුද හමුදාව, රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය හා පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය යන ආයතන ඒකාබද්ධව මේ පිළිබඳ විමර්ශන කටයුතු සිදු කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් පී. විඡේවීර, රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ අධ්‍යක්‍ෂ කේ. ඩී, නිකලස්‌, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සිරිපාල එදිරිමාන්න යන මහත්වරුන්ගේ උපදෙස්‌ පරිදි රේගු අධිකාරීවරුන් වන පරාක්‍රම බස්‌නායක, වසන්ත රන්දෙණිය, ඒ. ඒ. එස්‌. ජයකොඩි, ජී. බී. ඥානරාඡ්, ටිකසන් සහ නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන උපුල් ඉන්ද්‍රජිත්, යූ. එන්. දුෂාන්ත, එච්. එම්. එන්. එස්‌. රාජගුරු, මැක්‌සි ප්‍රනාන්දු, සරත් තෙන්නකෝන්, සුරේෂ් ජයලත්, අජිත් කරුණාරත්න, මල්විට, වයි. එම්. එස්‌. කුමාර, ඩී. අජිත් යන නිලධාරීහු හා රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වති.

මේ සම්බන්ධ වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සඳහා හෙරොයින් තොගය පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාරදීමට නියමිතය.

ප්‍රභාත් විතාන, අනුර බාලසූරිය
http://www.divaina.com/2014/03/08/news03.html

සබැඳි ලිපි -
[
මෙරට පකිස්ථානු මුසලුවෙකුගේ නමට පකිස්ථානයෙන් තවත් කිලෝ 36ක කුඩු තොගයක්
http://denethharinna.blogspot.com/2014/03/36.html
ස්‌නායු පද්ධතිය අක්‍රීය කරමින්, සිහළ තරුණ පරපුර ගිලගන්නා, මුසලුවන් බෙදාහරින මත 'ටැබා'http://denethharinna.blogspot.com/2013/10/blog-post_9711.html
මුසලුවන් ගෙන්වන, සිහලුන් බී නැසෙන, ආසියාවම පරාජය කළ මුසලු කුඩු ජාවාරම
http://denethharinna.blogspot.com/2013/09/blog-post_6535.html

කුඩු කන්ටේනරයට පාකිස්‌තාන් අයිතිකරුවෝ තිදෙනෙක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_4466.htmlලක්‍ෂ දෙකක කුඩු සමග කොටුවූ තිදෙනා තොරතුරු වමාරති. මාලිගාවත්තේ කුඩු ප්‍රබලයෙක්‌ සොයා මෙහෙයුමක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_1825.htmlමුසලුවන් ගෙනා අල කන්ටේනර් දෙකේ කුඩු ඇත්දැයි සැක! වරායෙන් පිට කිරීම වහා අත්හිටුවයි...http://denethharinna.blogspot.com/2013/09/blog-post_3391.htmlපාකිස්‌තානුවාගේ 'සෙල් ෆෝනය' කුඩු කන්ටේනරය ගැන වමාරයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8.htmlකුඩු කිලෝ 200 පසුපස ලෝක කුඩු කප්පිත්තෙක්‌http://denethharinna.blogspot.com/2013/09/200.htmlජාත්‍යන්තර මාෆියා කල්ලි ශ්‍රී ලංකාව කුඩු හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ කරගෙනhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1445.html
මේ වැනසෙන්නේ සිහළ බොදු තාරුණ්‍යයයි. වසරකදී රු. කෝටි 2670 ක කුඩු බොති.http://denethharinna.blogspot.com/2013/10/2670.html
]

0 comments: