Pages

Tuesday, March 18, 2014

මුසළු කපටි මොළයෙන් මෙහෙයවෙන, සිහළුන් බී නැසෙන, ලංකාවේ නම කුඩු කරන, කුඩු

කුඩු කතාවත් නොතිබෙන්න දැන් මිනිසුන්ට 'සික්‌' එක හැදෙන තරම්ය. ඒ තරමටම කුඩු කතාය. එක කුඩු කතාවක්‌ කරළියෙන් බැස යන විට තවත් කතාවක්‌ කරළියේ රඟ දෙන්නේය. මුළු රටම කුඩු ගොඩක්‌ වෙලාය. මේ දිනවල රඟ දැක්‌වෙන අලුත්ම කුඩු කතාව බෝල්ට්‌ ඇණ මුවාවෙන් ගෙන ආ කුඩු තොගයයි. එනම් පසුගියදා රේගු බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගත් කුඩු කිලෝ තිස්‌ හයේ කතාවය.

හෙරොයින් යනු පසුගිය කාලය පුරාවට මෙන්ම මේ දිනවලත් රටේ ආන්දෝලනයකට තුඩු දී ඇති මාතෘකාවකි. කතා කර ඉවරයක්‌ කළ නොහැකි තරමට කුඩු කතාය. එහෙයින් අපි බෝල්ට්‌ ඇණ මුවාවෙන් පාකිස්‌ථානයේ සිට මෙරටට ගෙන ආ කුඩු තොගය අත්අඩංගුවට ගැනීමට රේගු බුද්ධි අංශය කළ මෙහෙයුම ගැන ප්‍රථමයෙන් කතා කරමු. මෙහෙයුම සිදු වූයේ මෙසේය.

මාස දෙකකට ඉහතදී එංගලන්තයේ අපරාධ මර්දන ඒජන්සියක්‌ විසින් මෙරට රේගු බුද්ධි අංශයට තොරතුරක්‌ ලබා දුන්නේය. එම රහස්‌ තොරතුර වූයේ පාකිස්‌ථානයේ සිට මෙරටට එන නැවක කුඩු තොගයක්‌ ගෙන එන බවය. රේගු බුද්ධි අංශය සහ රේගු ආදායම් අධීක්‍ෂණ අංශය එක්‌ව ලැබුණු තොරතුර මත පරීක්‍ෂණ කටයුතු ආරම්භ කෙරිණි. ලැබුණු තොරතුරු මත පාකිස්‌ථානයේ කරච්චි නුවරින් පිටත් වූ අදාළ නැව පසුගිය මස 27 වැනිදා වන විට ශ්‍රී ලංකා වරායට සේන්දු විය. රේගු බුද්ධි අංශය සීරුවෙන් සිටියේය. ආයතන මෙන්ම පුද්ගලයන් අට දෙනකුගේ නම් අටකට එම නැවේ බඩු භාණ්‌ඩ ගෙනැවිත් තිබිණි. කන්ටේනර් පෙට්‌ටි අටකි. මෙරට ප්‍රසිද්ධ ඇඟලුම් ආයතනයකට ගෙන එන ලද ඇඟලුම් අමුද්‍රව්‍ය තොගයක්‌ද එම නැවේ තිබිණි. සැක සහිත කිසිදු භාණ්‌ඩයක්‌ එම කන්ටේනර් පෙට්‌ටි තුළ පෙනෙන්නට නොතිබිණි. රේගු බුද්ධි අංශ නිලධාරීහු එකින් එක කන්ටේනර් පෙට්‌ටි පරීක්‍ෂා කළහ. සැක කටයුතු කිසිවක්‌ නැත. එහෙත් රේගු බුද්ධි අංශ නිලධාරීන්ගේ උකුසු ඇස්‌ කන්ටේනර් පෙට්‌ටි පිරෙන්න තිබුණු බඩු භාණ්‌ඩ අතර එහේ මෙහේ දිවූහ. ඒ සමගම එක්‌ කන්ටේනර් පෙට්‌ටියක්‌ තුළ තිබුණු පෙට්‌ටි දෙකක්‌ තුළ රේගුවේ උකුසු ඇස්‌ නතර වූහ.

පෙට්‌ටි දෙක වර්ග මීටර් අටකින් විශාල විය. කිලෝ අටසීයක බරින් යුක්‌ත විය. රේගු නිලධාරීහු එම පෙට්‌ටි දෙක විවෘත කළහ. පෙට්‌ටි තුළ යකඩ බඩුය. බෑග් දොළහක ඉතාම ආරක්‍ෂිතව ග්‍රීස්‌ තවරමින් පිළිවෙළට ඇසූරු බෝල්ට්‌ ඇණ මෙන්ම වතුර මෝටර් සහ හැට්‌ ෂෝ යන්ත්‍රයක්‌ ද (ඇණ මුරිච්චි හදන යන්ත්‍රයක්‌) එහි තිබිණි. ඒ හැර නීති විරෝධී කිසිදු භාණ්‌ඩයක්‌ එම පෙට්‌ටි තුළ පෙනෙන්නට නොතිබිණි. පරීක්‍ෂණ කටයුතු අත්නොහළ රේගු නිලධාරීහු බෝල්ට්‌ ඇණ බෑග් විවෘත කර හොඳින් අවුස්‌සමින් පරීක්‍ෂා කළහ. ඒ අතර එක්‌ රේගු නිලධාරියකුගේ ඇස අමුතු බෝල්ට්‌ ඇණයක්‌ මත නතර විණි. ඇණය අතට ගෙන හොඳින් පරීක්‍ෂා කළ ඔහු කණ්‌ඩායමේ සෙසු නිලධාරීන්ට ද පෙන්නුවේය. එම බෝල්ට්‌ ඇණය දෙපැත්තෙන්ම විවෘත කළ හැකි පරිදි කෘත්‍රිමව නිර්මාණය කළ ඇණයක්‌ බව ඔවුහු හඳුනා ගත්හ. රේගු නිලධාරීහු බෝල්ට්‌ ඇණය විවෘත කර බැලූහ. ඔවුන්ගේ ප්‍රයත්නය සාර්ථකය. ජාත්‍යන්තර බුද්ධි අංශ තොරතුර ද නිවැරැදිය. එම බෝල්ට්‌ ඇණය තුළ ඉතාම සූක්‍ෂමව පොලිතින් කවරයක බහාලු හෙරොයින් පැකට්‌ එකකි. රේගු නිලධාරීහු තවදුරටත් ඇණ බෑග් දොළහ පරීක්‍ෂා කළහ. එම බෑග් තුළ තිබී එකම ප්‍රමාණයේ ව්‍යාජ ඇණ තුන්සිය හතරක්‌ සොයා ගත්හ. ඒ සෑම ව්‍යාජ ඇණයක්‌ තුළම කුඩු ග්‍රෑම් 120 බැගින් අසුරා තිබිණි. ඇණ තොගය තුළ තිබූ සම්පූර්ණ කුඩු තොගය කිලෝ තිස්‌ හයකි.

කුඩු තොගය අතටම හසු වුවද රේගු නිලධාරීහු කලබල නොවූහ. කිසිවක්‌ නොවූ ගාණට සිටියහ. නැවේ ගෙන ආ කන්ටේනර් පෙට්‌ටිවල අයිතිකාරයන් අනන්‍යතාවය තහවුරු කර තම තමන්ගේ බඩු පෙට්‌ටි රේගුවෙන් නිදහස්‌ කර ගත්හ. හාඩ්වෙයාර් බඩු පෙට්‌ටි දෙක නිදහස්‌ කරගැනීමට කිසිවකු ඉදිරිපත් නොවීය. එහෙත් එම බඩු පෙට්‌ටි දෙක රේගුවෙන් නිදහස්‌ කර ගැනීමට පාකිස්‌ථාන ජාතිකයෙක්‌ රේගුව ඉදිරියට නොයා හැංගිමුත්තන් උත්සාහ දරමින් සිටියේය.

එම පෙට්‌ටි දෙක මෙරටට ගෙන්වා තිබුණේ කොල්ලුපිටිය ප්‍රදේශයේ ආයතනයක ලිපිනයකට කොළඹ හෝටලයක නවාතැන් ගෙන සිටින පාකිස්‌ථාන ජාතිකයකුගේ නමටය. රේගුවෙන් එම පෙට්‌ටි දෙක නිදහස්‌ කරගැනීමට උත්සාහ කර ඇත්තේ ද එම පාකිස්‌ථාන ජාතිකයාමය. එම පාකිස්‌ථාන කුඩු ඒජන්තකරුවා මෙරටට පැමිණ ඇත්තේද අවලංගු වූ ගුවන් ගමන් බලපත්‍රයකිනි. එමෙන්ම මීට වසර දෙකකට පෙරදී ද මේ පාකිස්‌තාන ජාතිකයා කිහිප වතාවක්‌ මෙරටට කුඩු තොග ගෙන්වා ඇති බවත් පසුව කරන ලද පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබිණි. අත්අඩංගුවට පත් කුඩු සහිත පෙට්‌ටි දෙක ගෙන්වූ ෂිපිං ආයතනයෙන් සහ වාප්පු කළමනාකරුවකුගෙන් රේගු බුද්ධි අංශ නිලධාරීහු ප්‍රශ්න කළහ. එහෙත් එම පෙට්‌ටිවල සැබෑ හිමිකරුවකු ගැන තොරතුරක්‌ දැන ගැනීමට නොහැකි විය.

ජාත්‍යන්තරයෙන් ලැබුණු බුද්ධි තොරතුරු මත මෙරට රේගු නිලධාරීන්ගේ නොපසුබට වීර්යෙන් කරගෙන ගිය කුඩු මෙහෙයුම නිසා රට තුළට ගෙන ඒමට උත්සාහ කළ මෙම කුඩු තොගය ද කොටු විය. පසුගිය කාලය පුරාවට කිහිප වතාවක්‌ම මෙරටට ගෙනඒමට තැත් කළ කුඩු තොග ශ්‍රී ලංකා රේගුව විසින් කොටු කරගත් ගත්තේය. එහි ගෞරවය අවංක කාර්යසූර රේගු නිලධාරීන්ට හිමි විය යුතුය. කුඩු ඒජන්තකරුවන්ගේ මුදලට ගිජු නොවී තම රාජකාරිය දේවකාරියක්‌ ලෙස කරගෙන යන රේගු නිලධාරීන් රේගුවේ සිටීම රටේ වාසනාවකි. එසේ නොවන්න මේ රට කුඩුවලින් පිරී යනු නිසැකය. ඒ තරමටම පිටරටවලින් කුඩු තොග ගේන්නේය. අමතක නොකළ යුතුය. නීතිගරුක අවංක නිලධාරීන් අතර මුදලට යට වී කුඩු තොග නොව නැවක්‌ වුණත් එළියට දෙන්න සූදානම් රේගු නිලධාරීන්ද රේගුවේ නොසිටින්නට බැරිය. ඉඳහිට හරි කුඩු රේගුවෙන් රිංගන්නෙත්, කුඩු ජාවාරම්කරුවන් රේගුව හරහා මෙපමණ කුඩු රටට ගෙන ඒමට උත්සාහ දරන්නෙත් රේගුව තුළත් හොරු සිටින නිසාය. හොඳ මිනිසුන් සේම නරක මිනිසුන් සමාජයේ සිටිති. එසේ නොවෙන්න මේක පුදුම රටකි. ඒක වෙනත් කතාවකි. 

රේගුව කළ ඒ කුඩු මෙහෙයුමත් සාර්ථක අවසානයකට ළඟා විය. එහෙත් පුංචි පරහක්‌ ඇත්තේය. දැනගන්නට ඇති පරිදි මෙම කුඩු තොගය ගෙන්වා ඇතැයි කියන පාකිස්‌ථාන ජාතිකයා කොළඹ තරු හෝටලයක නවාතැන් ගෙන සිටියදි වගකිවයුතු ආරක්‍ෂක නිලධාරියකු පැමිණ මේ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන හෝටලයේ ඉහළ මහළේ සිට පහළට ගෙනැවිත් වාහනයට නංවාගැනීමට සූදානම් වූ මොහොතේදී ආරක්‍ෂක නිලධාරියාගේ අත ගසා දමා ජාවාරම්කරු පලා ගොස්‌ ඇත. සිද්ධිය හරිම අපූරුය. මේ කුඩු ජාවාරම්කරු පිටකොටුවේ කුඩ්ඩෙක්‌ නොවේ. ජාත්‍යන්තර කුඩු රජෙකි. රටකින් රටකට පැමිණ කුඩු ඩීල් කරන සුපිරි වැඩ්ඩෙකි. එවැනි පුද්ගලයකුව කොටු කරගැනීමට එක්‌ ආරක්‍ෂක නිලධාරියකු පැමිණ ප්‍රමාණවත්ද? සිදු වූ වරදින් අතට ගත්ත දේ කටට දාගැනීමට නොහැකි විය. කෙසේ හෝ අත්අඩංගුවට ගත් කුඩු තොගය වැඩිදුර පරීක්‍ෂණ සඳහා පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත. එහෙත් කුඩු සම්බන්ධයෙන් රට ඉදිරියේ ශේෂව ඇත්තේ තවමත් ගැටලුවකි. එනම් පසුගිය කාලය පුරාවටම අත්අඩංගුවට ගත් කුඩු තොගවලට සිදු වූයේ කුමක්‌ද...? මෙලෙස විශාල කුඩු තොග ගෙන්වන්නේ කාගේ අනුදැනුම පිටද...? තවමත් නොවිසඳුණු ගැටලුව එයයි.

රේගුව විසින් අත්අඩංගුවට ගත් කුඩු තොග, එතනෝල් ඇතුළු බොහෝමයක්‌ නීතිවිරෝධී භාණ්‌ඩ මෙරටට ගෙන්වා තිබුණේ දේශපාලන අනුදැනුම පිටය. ඒ සම්බන්ධයෙන් අතීතය ද සාක්‍ෂි දරන්නේය. දකුණු ආසියාවේදී අත්අඩංගුවට පත් විශාලතම හෙරොයින් තොගය පසුගියදා මෙරටට ආනයනය කර රේගු ගුදමක තිබියදී රේගු නිලධාරීහු අත්අඅඩංගුවට ගත්හ. ග්‍රීස්‌ ටින් ගෙන්වන මුවාවෙන් ගෙන්වා තිබූ කුඩු තොගයේ වටිනාකම රුපියල් මිලියන දෙසීය හැටකි. එම කුඩු තොගය නිදහස්‌ කර ගැනීමට රේගුවට මෙරට අගමැති ලේකම්වරයකුගේ අත්සනින් ලිපියක්‌ ද එවා තිබිණි. කිහිප වතාවක්‌ම රේගු අත්අඩංගුවට ගත් එතනෝල් බැරල් නිදහස්‌ කරගැනීමට දේශපාලන අරක්‌කු තැබෑරුම්කාරයෝ වලි කෑහ. පසුගිය දිනවල නීතිවිරෝධීව ගෙන්වන ලද කරුංකා පුවක්‌ තොගය නිදහස්‌ කරගැනීමට ද දේශපාලනඥයකු විශාල ප්‍රයත්නයක්‌ දැරුවේය. ඒ අනුව පසක්‌ වන්නේ මෙරටට ගෙන්වන ලද බොහෝමයක්‌ නීතිවිරෝධී දැ ගෙන්වන්නේ දේශපාලන 'හයිය' ශක්‌තියක්‌ කරගෙන බවය. එමෙන්ම මෑත කාලයේදී ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගත් බොහෝ කුඩු තොග ගෙන්වා තිබුණේ පාකිස්‌ථානයෙනි. එහෙයින් පාකිස්‌ථානයෙන් මෙරටට එන පුද්ගලයන් සහ බඩු භාණ්‌ඩ ගැන අදාළ බලධාරීන් මීටත් වඩා අවධානයෙන් සිටිය යුතුය. එහෙම නොවෙන්න හෙට දිනයේදී තව මොකක්‌ ඇතුළේ කුඩු ගෙනෙයිද කියා කිව නොහැකිය.

කුඩු බෝල්ට්‌ ඇණ තොගයේ හිමිකරු වන පාකිස්‌ථාන ජාතිකයා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම තවමත් ක්‍රියාත්මකය. ඔහුව අත්අඩංගුවට පත් වුවහොත් මේ කුඩු තොගය යට තිබෙන නිරුවතද හෙළි වන්නේය. එදාට ඒ පාකිස්‌ථාන මහා කුඩ්ඩාව නිදහස්‌ කරගැනීමට මෙරට දේශපාලන අඹරේ දිලෙන කිනම් තරුව ලියුම් ලියයිද ද අපි නොදනිමු. එහෙත් මේ ටික අපි දැන සිටිමු. ලෝකයටම ත්‍රස්‌තවාදයක්‌ වූ කොටි ත්‍රස්‌තවාදය මෙරටින් විනාශ කර දැමීමට හැකි රජයට මේ කුඩු ත්‍රස්‌තවාදය නැති කිරීමට නොහැකියාවක්‌ නැත. පෙනෙන හැටියට නම් රටින් කුඩු අතුගෑමේ මෙහෙයුම ක්‍රියාත්මක ඇති සේය. දකුණේ ප්‍රබල පාතාල නායකයකු මෙන්ම මෙරටට කුඩු ගෙන්වන ප්‍රබල කුඩු රජකු වූ තමිල් අජිත් කුමාර නොහොත් 'දෙවුන්දර චමිල්' සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි මොහොතේදීම පසුගියදා කටුනායක ගුවන් තොටේදී රහස්‌ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. එමෙන්ම ගල්කිස්‌ස රත්මලාන ප්‍රදේශවලට කුඩු බෙදූ කුඩු රැජිනක්‌ ඇතුළු සිව් දෙනකු ලක්‍ෂ දහයක කුඩු සමග ගල්කිස්‌ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. හෙට අනිද්දා වෙනකොට එවැනි ලොකු කුඩ්ඩෝ තව තවත් අත්අඩංගුවට ගන්නට ඉඩ තිබේ. එහෙත් ගැටලුවක්‌ වී ඇත්තේ කුඩු යට සිටින දේශපාලන හස්‌තය විනාශ නොකර කුඩු ත්‍රස්‌තවාදය නැත්තටම නැති කිරීමට නොහැකි බවය.

මෙරට කුඩු සහ දේශපාලනය ගැන කතා කර ඉවරයක්‌ කළ නොහැකි තරම්ය. කුඩු සහ කුඩු ජාවාරම්කරුවන් ඉවරයක්‌ නොකරන්න මේ රට ජාත්‍යන්තරය ඉදිරියේ කුඩු නිසා කුඩු වෙන්නට ඉඩ තිබෙන්නේය.

තරංග රත්නවීර, ප්‍රභාත් විතාන | ඡායාරූප නිශාන් එස්‌. ප්‍රියන්ත
http://www.divaina.com/2014/03/16/feature14.html

Pic Source

සබැඳි ලිපි -
[
ස්‌නායු පද්ධතිය අක්‍රීය කරමින්, සිහළ තරුණ පරපුර ගිලගන්නා, මුසලුවන් බෙදාහරින මත 'ටැබා'http://denethharinna.blogspot.com/2013/10/blog-post_9711.html
මුසලුවන් ගෙන්වන, සිහලුන් බී නැසෙන, ආසියාවම පරාජය කළ මුසලු කුඩු ජාවාරම
http://denethharinna.blogspot.com/2013/09/blog-post_6535.html

කුඩු කන්ටේනරයට පාකිස්‌තාන් අයිතිකරුවෝ තිදෙනෙක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_4466.htmlලක්‍ෂ දෙකක කුඩු සමග කොටුවූ තිදෙනා තොරතුරු වමාරති. මාලිගාවත්තේ කුඩු ප්‍රබලයෙක්‌ සොයා මෙහෙයුමක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_1825.htmlමුසලුවන් ගෙනා අල කන්ටේනර් දෙකේ කුඩු ඇත්දැයි සැක! වරායෙන් පිට කිරීම වහා අත්හිටුවයි...http://denethharinna.blogspot.com/2013/09/blog-post_3391.htmlපාකිස්‌තානුවාගේ 'සෙල් ෆෝනය' කුඩු කන්ටේනරය ගැන වමාරයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8.htmlකුඩු කිලෝ 200 පසුපස ලෝක කුඩු කප්පිත්තෙක්‌http://denethharinna.blogspot.com/2013/09/200.htmlජාත්‍යන්තර මාෆියා කල්ලි ශ්‍රී ලංකාව කුඩු හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ කරගෙනhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1445.html
මේ වැනසෙන්නේ සිහළ බොදු තාරුණ්‍යයයි. වසරකදී රු. කෝටි 2670 ක කුඩු බොති.http://denethharinna.blogspot.com/2013/10/2670.html
]

0 comments: