Pages

Friday, March 14, 2014

ඩෙංගු මදුරුවන්ගේ රෝග බෝ කිරීමේ හැකියාව වැඩි වෙලා

වසර කිහිපයකට පෙර ඩෙංගු මදුරුවන් දස දෙනකු ගත් විට ඉන් ඩෙංගු රෝගය බෝ කිරීමේ හැකියාව තිබුණේ මදුරුවන් දෙදෙනකුට වුවද මේ වන විට ඩෙංගු මදුරුවන් දස දෙනකුගෙන් නව දෙනකුටම රෝගය බෝ කිරීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා කීට විද්‍යා සහකාර නිලධාරීන්ගේ සංගමයේ ලේකම් නජිත් සුමනසේන මහතා 'දිවයිනට' පැවැසීය.  

මේ අනුව වර්තමානයේ දිවයින පුරා ප්‍රදේශවල ඩෙංගු මදුරු කීට ඝනත්වය අඩු මට්‌ටමක පැවැතියද වැඩි වෙමින් පවතින පරිසර උෂ්ණත්වය හමුවේ සියයට 20 ක්‌ව පැවැති ඩෙංගු මදුරුවන්ගේ ක්‍රියාකාරිත්වය සියයට 90 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇති බව සුමනසේන මහතා කීවේය.

මෙම තත්ත්වය යටතේ ඩෙංගු මදුරු කීට ඝනත්වය අඩු වුවද වසර පුරාම ක්‍රියාත්මක වන අඛණ්‌ඩ ඩෙංගු මර්දන වැඩපිළිවෙළක්‌ දියත් කිරීමට ප්‍රජාව මෙන්ම බලධාරීන් කටයුතු කළ යුතු බව හෙතෙම අවධාරණය කළේය.

වසර කිහිපයකට පෙර ඩෙංගු මදුරු කීට ඝනත්වය ඉහළ මට්‌ටමක පැවැති සමයෙහි ඩෙංගු මදුරුවන් වැඩි පිරිසකට රෝගය බෝ කිරීමේ හැකියාව නොපැවැතුණු බවත් පැවැති අඩු පාරිසරික උෂ්ණත්වය එම තත්ත්වයට හේතු වූ බවත් සුමනසේන මහතා සඳහන් කළේය.

ඒමන්ති මාරඹේ
http://www.divaina.com/2014/03/11/news06.html

Pic Source

0 comments: