Pages

Saturday, March 1, 2014

වියළි කාලගුණය සමඟ පවතින විජලනයෙන් මිදෙන්න, මේ උපදෙස් පිළිපදින්න.

අපගේ ශරීර උෂ්ණත්වය µeරන්හයිට්‌ අංශක 98.4 කි. (98.4F) සෙල්සියස්‌ අංශක වලින් එය අංශක 37 කි. ශරීර උෂ්ණත්වය පරිසර උෂ්ණත්වය සමඟ වෙනස්‌ නොවන නිසා අප අචල තාපීන් ලෙස හඳුන්වයි. එනිසා මේ දිනවල පවතින වියළි කාලගුණයද අපට දැඩිව දැනෙන්නට පටන්ගෙන තිබේ. මේ වනවිට කොළඹ නගරයේ උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 31-33 ත් අතර පවතී. වැඩිම උෂ්ණත්වය වාර්තා වන්නේ රත්නපුරය සහ කුරුණෑගලිනි. එය සෙල්සියස්‌ අංශක 33 ත් 35 ත් අතරය.

පවතින මෙම පරිසර උෂ්ණත්වය දරාගැනීමට අපට ටිකක්‌ අපහසුය. සිරුරින් දහදිය පිටවීම වැඩිය. සිරුර උණුසුම්ව පවතී. එනිසා ඉක්‌මනින් විජලනයට පත්වේ.

එබැවින් පවතින මෙම අධික දාහයෙන් ඇතිවන අපහසුතා වනුයේ විජලනය ඇතිවීම, වකුගඩු, හෘදය සහ අක්‌මාව අධික උෂ්ණත්වයෙන් රත්වීම හෘදය වෙත රුධිරය රැගෙන යන නාළිකා රත්වීම, සම වියළීම, තොල් වියළීම, තොල් පැලීම ආදියයි. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ සම මත රත්පැහැ බිබිලි මතුවීම ඉක්‌මන් විජලනයට පත්වී ක්‌ලාන්තය ඇතිවීම ආදිය මතුවේ.

මෙම අපහසුතාවලින් මිදීමට නම් දිනපතා පිරිසිදු ජලය ලීටර් 2 1/2 ක්‌ පමණ පානය කළ යුතුය. මතුවන තිබහට පැණිබීම, කෝලා බීම පානය සුදුසු නැත. එහි ඇති සීනි නිසා මේවායේ තිබෙන ජලය දහදිය සහ මුත්‍රා මගින් ඉතා ඉක්‌මනින් සිරුරින් පිටවේ.

ශරීරය තුළ ජලය රඳවා තබාගැනීමට ටැංකියක්‌ නැත. එනිසා හැකිතාක්‌ ශරීරය තුළ වැඩි කාලයක්‌ ජලය රඳවා ගත හැකි ක්‍රම භාවිත කළ යුතුය. ඒ සඳහා හොඳම විසඳුම වනුයේ පිරිසිදු ජලය පානය කිරීමය.

පාසල් ක්‍රීඩා තරගද මේ දිනවල පවතින නිසා ඊට සහභාගිවන දරුවන් ක්‍රීඩා ඉසව් ආරම්භයට පැය භාගයකට පෙර වතුර ලීටර් භාගයක්‌වත් පානය කර සිටිය යුතුය. තරගය අවසානවී පැය භාගයක්‌ පමණ ගොස්‌ ශරීරය සිසිල් වූ විට නැවත පිරිසිදු ජලය ලීටර් භාගයක්‌ පමණ පානය කළ යුතුය.

ක්‍රීඩා තරග සඳහා සහභාගි වන දරුදැරියන් සුදු, කහ හෝ ළා පැහැති වර්ණයන්ගෙන් යුත් කපු රෙද්දෙන් නිම කළ හිරු එළිය පරාවර්තනය කරන ඇඳුම් භාවිත කළ යුතුය. කළු, රතු, නිල් වැනි තදපාට ඇඳුම් හෝ නයිලෝන් ඇඳුම් ඇඳීම සුදුසු නැත. ඊට හිරුඑළිය උරාගනී.

එවැනි වර්ණ සහිත ඇඳුම් ඇඳ ක්‍රීඩා තරගවලට සහභාගි වූ විට හෝ එළිමහනේ ගමන් කළ විට හිරු එළිය එම ඇඳුම්වලට උරාගැනීම නිසා දහදිය දැමීම, සම රත්වීම, ආදී අපහසුතා මතුවේ. එහි භයානක ප්‍රතිඵලය වන්නේ සිරුර විජලනයට පත්වී ක්‌ලාන්තය මතුවීමය. එසේම අධික උෂ්ණත්වය නිසා හෘදයා බාධ පවා මතුවිය හැකිය.

පවතින මෙම වියළි කාලගුණයෙන් මතුවන අපහසුතා මගහරවා ගැනීමට හැකිතාක්‌ පිරිසිදු ජලය පානය, සුදු හෝ කහ පැහැති ඇඳුම් ඇඳීම වැදගත්ය.

එංගලන්තයේ රාජකීය ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය අසංග විජයරත්න, සාකච්ඡා කළේ - උපාලි ද සේරම්
http://www.divaina.com/2014/02/23/feature13.html

Pic Source

0 comments: