ආණ්‌ඩුවද අසරණ කරමින් ලංකා විදුලිබල මණ්‌ඩලය තුළ ක්‍රියාත්මක විදුලි ඉංජිනේරු ත්‍රස්‌වාදයේ (කමත්වා මීට අදාළ නොවන විදුලි ඉංජිනේරු මහත්වරු සිත් රිදවා නොගනු මැනවි) සැබෑ පැටිකිරිය පිළිබඳ ඉකුත් ජනවාරි මස 19 සහ පෙබරවාරි මස 02 යන දිනයන්හි "දිවයින ඉරිදා සංග්‍රහය" සිදු කළ හෙළිදරව්වත් සමග පසුගිය දිනවල විදුලිය යන්න රටේ කතාබහට ලක් වන මාතෘකාවක් බවට පත්වූ බව පැහැදිලි ලෙසම පෙනෙන්නට තිබුණකි.
එකී කතාබහ අතරේ විද්යුත් මාධ්‍ය නාලිකා තුළ විදුලිය පිළිබඳ සංවාද රාශියක් කෙරුණේය. මණ්‌ඩලයේ පමණක් නොව විදුලිබල අමාත්‍යංශයේද විවිධ ලොක්‌කෝ ඒවාට ආහ. නොයෙක් දේ ගෙන ඔවුහු කෙස් පැලෙන තර්කද ඉදිරිපත් කළහ. ඉන් ඇතැම් ඒවා "හොරාගේ අම්මා කියන කතාවට" සමාන වන අයුරුද අප දුටුවේය.
මේ අතරේ විදුලි ඉංජිනේරු ත්‍රස්‌තවාදයට මෙන්ම මණ්‌ඩලයටද අයත් සමහර ලොකු පුටුවල සිටිමින් බඩ වෙනුවෙන් රට අනුභව කරන ඇතැම් "මහ (ඌ) හූරන්" අප පළ කළ ලිපි දෙක දැක "දිවයින" ට ද කතා කරන්නට විය. එසේ කතා කළ දෙදෙනෙක් විදුලිබල මණ්‌ඩලයේ සියල්ල බදාගෙන පිස්‌සු කෙළින්නාක් මෙන් අපේ වැඩවලටද ඇඟිලි ගසමින් මේ ලියුම්කරුගේ භාෂා විලාසය ගැන තත්ත්ව සහතිකද දෙන්නට වූහ.
එසේම අප සටහන් කළ සියලු දේ අසත්‍ය කරුණු බව කිසිදු පදනමකින් තොරව ප්‍රකාශ කරන්නටද විය. එහිදී අප ලියූ දේ බොරුනම් ඇත්ත කියන ලෙස අපි ඔවුන්ට කීවෙමු. ඒ වැරදිලාවත් කවුරුන් හෝ ඇත්ත කියන්නට ආවේ නම් සාක්‍ෂි පමණක් නොව ලුණු ඇඹුල්ද සමග නම් ගම් පවා හෙළි කර සියල්ල කියා දීමේ සුදානමද ඇතිවය.
නමුත් අප ඇත්ත කියන්නැයි කී විට සිදු වූයේ වෙනකකි. එහිදී අපට කතා කළ එක් හූරෙක් "තමන්ගේම කුස්‌සියේ මුට්‌ටි බිඳින" න්‍යායෙන් දුරකථනය පොළොවේ ගසුනු අපට ඇසිණි. අනෙකා ඇඟට නොදැනීම ලිස්‌සා ගියේ එළොවටත් මෙළොවටත් දෙකටම නැති අකාරයෙනි.
ඒ අනුව මේ සියල්ලෙන් පැහැදිලි වන එක් දෙයක් විය. ඒ විදුලිබල මණ්‌ඩලය තුළ සිට රටත්, ජනතාවත් ආණ්‌ඩුවත් නන්නත්තාර කරමින් ක්‍රියාත්මක වන ඇතැම් විදුලි ඉංජිනේරු ත්‍රස්‌තයන්ගේ යථාර්ථය හෙළි කරමින් අප තැබූ සටහන නිශ්චිත ඉලක්‌කයටම එල්ලවී තිබෙන බවය. ඒ හමුවේ දැන් හොඳටම රිදී සිටින විදුලි ඉංජිනේරු ත්‍රස්‌තයෝ නන් දොඩවමින් සිටිති. එසේ දොඩවන අතරේ තර්ජනද කරති.
කෙසේ වෙතත් කාට අසත්‍යයක් වුවද කවුරු බොරු යෑයි කීවද අප සටහන් කළ සියල්ල මේ මොහොත වන විට රටම කතා කරන සත්‍යයක් බවට පත් වෙමින් තිබියදී මෙදා නොරොච්චෝලේ බලාගාරයේ බිඳවැටීමෙන් ඇරඹී විදුලිබල මණ්‌ඩලය හරහා අකුණක් මෙන් ඇදී ගිය රටේ විදුලි අර්බුදය පිළිබඳ කතාවේ තවත් භූ+මිකාවක් දැන් කරළියට පැමිණ තිබේ.
ඒ නොරොච්චෝලේ බලාගාරය චීන ඉංජිනේරු සමාගමට ලාබාදීමට යන්නේ යෑයි කියෑවෙමින් තිබෙන කතාවක් හා බැඳි සිද්ධි දාමයේ පෙළගැස්‌මය. ප්‍රභාකරන් පැරදූ යුද්ධයේදී පමණක් නොව ඈත දුර අතීතයක සිටම චීනය යනු අපට මිතුරු රාජයයකි. අප වෙනුවෙන් පෙනී සිටි රාජ්‍යයකි. අදටත් අප වෙනුවෙන් පෙනී සිටින රාජ්‍යයකි.
නමුත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාණනි, විදුලිබල ඇමැතිනී පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මියනි, වත්මන් රජයේ සියලුම බලධරයනි, චීනය හා අප අතර ඇති සබැඳියාවේ නියම ස්‌භාවය එසේ වෙද්දී මේ වන විට විදුලිබල මණ්‌ඩලයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් කියෑවෙන්නේ නොරොච්චෝලේ හරහා අපත් චීනයත් අතර වන මිතුදම බිඳ දැමීමේ දේශෙද්‍රහී කුමන්ත්‍රණයක්‌ද දියත් වී තිබෙන බවය.
එය අපට පසමිතුරු එන්ජීඕ උවමනාවක් මත සිදු වන්නක්‌ද? මේ කුමන්ත්‍රණය දියත් කරනුයේ නොරොච්චෝලේ පමණක් නොව සමස්‌ත විදුලිබල මණ්‌ඩලයේම බලය අතට ගෙන සිටින වත්මන් විදුලි ඉංජිනේරු ත්‍රස්‌තවාදයමද? ඒ පසුපස තිබෙන්නේ රට පාවා දී හෝ ආණ්‌ඩුව පෙරලා දැමීමේ පටු අරමුණද?
මේ කිසිත් අපි නොදන්නෙමු. නමුත් අද දවසේ විදුලිබල මණ්‌ඩලයෙන් ඇසෙන පරිදි සහ නොරොච්චෝලේ කතාව අග සිට මුල දක්‌වාත් යළි මුල සිට අග දක්‌වාත් ගෙන බැලීමේදී එවැන්නක් සිදු නොවන්නේ යෑයි ලෙසින් කිසිත් එකවර බැහැර කිරීමටද අපට නොහැකිය. එසේ වන්නේ නොරොච්චෝලේ පිළිබඳව අද අනාවරණය වෙමින් තිබෙන කතා නිසාය.
මෙරට විදුලි අර්බුදයට විසඳුමක් ලෙස නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයක් ලොඩනැගීමේ මූලික සැළසුම් සකස් වූයේ චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනිය සමයේය. ඒ ඇමැරිකානු ඩොලර් මිලියන 460 ක වියදමිනි. නමුත් එදා එය සැලසුම් කෙරුණද ක්‍රියාත්මක වීමක් සිදු නොවීය.
වැඩේ ක්‍රියාත්මක කෙරුණේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බලයට ඒමත් සමගිනි. එහිදී නොරොච්චෝලේ කටයුතු ක්‍රියාත්මක කිරීමට තීන්දු තීරණ ගැනීමේදී ඇති වූ ගිවිසුම්වලට අත්සන් කරනු ලැබුවෝ කවුරුන්දැයි අද දවසේ විදුලිබල මණ්‌ඩලයේ පූර්ණ බලධාරින් සේ කටයුතු කරන ඉංජිනේරු ත්‍රස්‌තවාදයේ සමාජිකයෝ පැහදිලිවම දනිති.
ඉතින් නොරොච්චෝලේ ඉදි කෙරුණි. එකී ඉදිකිරීම්වලදී මුලින්ම සැලසුම් වී තිබුණේ පළමු අදියර ලෙස බලාගාරයේ උත්පාදන කටයුතු මෙගාවොට් 150 ගණනේ වන කොටස් දෙකකින් යුතුව ක්‍රියාත්මක කිරීමටය. නමුත් ඒ ආරම්භයේදීම මණ්‌ඩලයේ බලය දැරූ විදුලි ඉංජිනේරු පණ්‌ඩිතයෝ ඒදණ්‌ඩට ගොඩවූහ. විෂයට අනුගත විය යුතු මණ්‌ඩලයේ යාන්ත්‍රික ඉංජිනේරුවන් පසෙකට විසි වී ගියේය.
එහි අවසන් ප්‍රතිඵලය වූයේ මෙගාවොට් 150 බැගින් වූ කොටස් දෙකකින් නිම වීමට තිබූ නොරොච්චෝලේ මුල් අධියර, වැඩේ දෙක වන ලෙස දෙක එකට එකතු කර මෙගාවොට් 300 ක් ලෙස ස්‌ථාපිත කිරීමය. එතැන් පටන් ටික කලක් නොරොච්චෝලේ දිව්වේය. නමුත් ඒ ටික කාලය ගෙවී යත්ම නොරොච්චෝලේ යනු නියම කැරට් අලයක් බව රටට පසක් කෙරෙමින් එය දිගින් දිගටම බිඳ වැටෙන්නට විය. දැන් එය 26 වැනි වතාවට බිඳ වැටී අවසන්ය.
නමුත් මෙහිදී මළ දාට යන අපායකට ගෙනි යන්නට මෙන් විදුලිබල මණ්‌ඩලයේ සමස්‌තය බදාගෙන අදටත් මණ්‌ඩලය විකුණාගෙන කමින් පොදි ගසන විදුලි ඉංජිනේරු ත්‍රස්‌තවාදයේa ඇතැම්හු නොරොච් චෝලේ පිළිබඳ විවිධ දේ කියන්නට වූහ. එහෙත් තමන් තුළ වන නොහැකියාව හා බලාගාරය ගොඩනගද්දී කළ අමනකම් පිළිබඳව නම් කිසිවක්‌ම නොකීහ.
මේ අතරේ විදුලිබල මණ්‌ඩලයේ කීර්තිමත් නමක් තබාගෙන සිටි යාන්ත්‍රික ඉංජිනේරු වකු වූ සාලිය පණ්‌ඩිතරත්න මහතාට නොරොච්චෝලේ බාර කෙරුණේ මෙසේ සියල්ල අල වෙමින් තිබියදීය. හේ නොරොච්චෝලේ යළි ක්‍රියාත්මක කළේය. එහි වූ දොෂ එකින් එක හඳුනා ගනිමින් පිළියම් යොදන අතරේ නොකඩවා ඉන් උත්පාදනය කරන විදුලි ධාරිතාව ජාතික පද්ධතියට එක් කිරීමේ වගකීමද ඉටු කළේය.
සාලිය පණ්‌ඩිතරත්න මහතාගේ කාලය තුළ නොරොච්චෝලේ මෙසේ නොකඩවා ක්‍රියාත්මක වෙද්දී දහසකට ආසන්න දොෂ ප්‍රමාණයක් එහි පවතින බවද පැහැදිලිවම හඳුනාගෙන තිබිණි. හෙතෙම බලාගාරය ක්‍රියාත්මක මට්‌ටමේ තබාගනිමින්ම ක්‍රමාණුකූලව කරන්නට වූයේ එකී දොස් නිදොස් කිරීමය.
එහෙත් යළිත් ශාපය ඉස්‌මතු වූයේ සියල්ල මෙසේ සිදු වෙමින් තිබියදීය. යාන්ත්‍රික ඉංජිනේරුවකු වූ සාලිය පණ්‌ඩිතරත්න මහතා සාර්ථක ලෙස නොරොච්චෝලේ කටයුතු මෙහෙය වනු දැකීම විදුලි ඉංජිනේරු ත්‍රස්‌තවාදයට ඉවසුම් නොදෙන්නට විය.
අවසානයේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක විය. එහි ප්‍රතිඵලය වූයේ සාලිය පණ්‌ඩිතරත්න මහතා නොරොච්චෝලේ පමණක් නොව රටද හැරදමා ස්‌විස්‌ට්‌සර්ලන්ත සමාගමක උපදේශක ඉංජිනේරුවකු ලෙස පිටත්ව යැමය. එතැන් පටන් නොරොච්චෝලේ යළි බිඳ වැටිණි. දිගින් දිගමට බිඳ වැටිණි. නොබෝදා 26 වැනි වතාවට එය බිඳ වැටුණේ මේ අන්දමිනි.
එසේ බිඳ වැටීමේදී කිසිත් කර කියා ගත නොහැකි වූ මණ්‌ඩලයේ සියල්ල බදාගෙන සිටින ඇතැම් විදුලි ඉංජිනේරු ත්‍රස්‌තවාදීන් නොරෙච්චෝලේ බලාගාරයට සවිකර ඇති උපකරණ ඉතා බාල වර්ගයේ ඒවා බැවින් බිඳ වැටීම් සිදුවන බව කියමින් උණ විකාරයෙන් දොඩන්නවුන් මෙන් රඟන්නටද විය.
මෙකී විකාර කතා හමුවේ එකී පොතේ ගුරුන්නාන්සේලාගෙන් අසන්නට එක් ප්‍රශ්නයක්‌ද අපට තිබේ. ඒ නොරොච්චෝලේ පිළිබඳ ගිවිසුම් ඇති කර ගැනීමේ සිට අවසානය දක්‌වා සියල්ල දැන සිටි අය ඉංජිනේරු උපාධිය අතේ තියාගෙන මණ්‌ඩලයේ සියල්ල බදා ගන්නා අතරේ මෙතෙක් කලක් විදුලිබල මණ්‌ඩලයට වී සිදු කළේ ජනාතාවගේ මුදලින් යෑපෙමින් පොල් ගෑමද යන්නය.
මේ අයුරින් නොරොච්චෝලේ බිඳ වැටීම මුල් කර ගනිමින් විදුලි ඉංජිනේරු ත්‍රස්‌තයන් ආණ්‌ඩුවද අසරණ කරමින් පිස්‌සු කෙළිද්දී ඉකුත් කාලයේ එහි බිඳවැටීම නිසා රටට සිදුවූ පාඩුවද සුළුපටු නැත. එක් අතකින් නොරොච්චෝලෙන් අහිමි වන විදුලි ධාරිතාව ජාතික පද්ධතියට ලබා ගැනීම සඳහා පුළුස්‌සා දමන්නට වූ ඩීසල් කන්දරාවය. එය තවමත් සිදු වන්නකි.
තවත් අතකින් රටේ විදුලි ඉල්ලුම පූර්ණය කර ගන්නට පෞද්ගලික බලාගාරවලින් එකට දෙකක් ගෙවා මිලදී ගනු ලබන විදුලියට ගෙවන ජාතික ධනස්‌කන්ධය ය. එසේ පෞද්ගලික අංශයෙන් විදුලිය ලබා ගැනීම සඳහා ඇති කර තිබෙන කැකිල්ලේ ගිවිසුම් සම්බන්ධයෙන්ද කියන්නට ඇති දේ බොහෝය.
මේ අතරේ කවුරුන් කුමක් කීවද නොරොච්චෝලේ බලාගාරයට යෙදීම සඳහා ගිවිසුම්ගත ආකාරයට ආනයනය කළද පසුගිය දිනවල නොරොච්චෝලේ කැඩී තිබූ නිසා නිසි භාවිතාවක් නොමැතිව ගොඩගසා ගත් ගල් අඟරු සඳහා දරන්නට වූ වියදම්ද තව පැත්තකින්a රටට විනයක් විය. නොරොච්චෝලේ බලාගාරය සඳහා ගල් අඟුරු ගෙන්වීමේ කතාවද ඉතා අපූරු එකකි.
විදුලිබල මණ්‌ඩලය මෙසේ ගල් අඟුරු ආනයනය සඳහා අවශ්‍ය මුදල් සපයා ගන්නේ සියයට 16.5 පොලියක් මත රාජ්‍ය බැංකුවකින් ගනු ලබන රුපියල් මිලියන 800 ත් 1450 අතර පරාසයක වීහිදී ඇති විශාල ණය අයිරාවක් මගිනි. එසේම නොරොච්චෝලේ සඳහා ගල් අඟුරු ගෙන්වීමේදී මෙරට මුහුදේ පවතින ස්‌වභාවයද අනුව එය සිදු කළ හැක්‌කේ දෙසැම්බර් සිට මැයි දක්‌වා වූ කාල සීමාව තුළ පමණි. මෙකී කරුණු අනුව ගල් අඟගුරු ගෙන්වීමේදී සැලසුම්සහගතව ගිවිසුම් ඇති කර ගැනීම කාලයක සිට සිදු වූවකි.
මෙසේ ගෙනෙනු ලබන ගල් අඟුරු යොදා බලාගාරය එක් දිනක් ක්‍රියාත්මක කිරීමට ගල් අඟරු මෙටි්‍රක් ටොන් 2736 ක් පමණ පුළුස්‌සා දැමිය යුතුය. නමුත් කරුණු එසේ වෙද්දී මෙවර නොරොච්චෝලේ බලාගාරය බිඳ වැටෙන්නේ අදාළ ගිවිසුම් අනුව බලාගාරය සඳහා භාවිත කිරීමට අවශ්‍ය ගල් අඟුරු තොග විශාල ලෙස මෙරටට ළඟාවන කාලයේදී විය. ගල් අඟරු තොග විශාල වශයෙන් ලංකාවට ආවේය. එහෙත් බලාගාරය නොදිව්වේය.
මෙහිදී රුපියල් මිලියන ගණනක ණය අයිරාවක් මත ගෙන්වූ ගල් අඟරු තොග යළි මුදල් කර ගත නොහැකි වීම හමුවේ ඊට අදාළ පොලිය බැංකුවට ගෙවනුයේ කාගේ බූදලයකින්දැයි යන්න විමසිය යුත්තේද අද සැලසුම් සහගතව විදුලිබල මණ්‌ඩලය වනසන ඇතැම් විදුලි ඉංජිනේරු ත්‍රස්‌තයන්ගෙන්මය.
මේ සියලු දේ දෙස විමසීමෙන් බැලීමේදී කිසිදා නොවූ අයුරින් ගල් අඟුරු රටට ළඟා වන කාලසීමාවේදීම මෙදා නොරොච්චෝලේ බලාගාරය කඩා වැටුණේ එහි වූ දොaෂ නිසාමද නැති නම් කිසියම් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් නිසාද යන ගැටලුවද තතු දන්නා ඕනෑම අයකුට නිරායාශයෙන් මතු වන්නකි.
සැකය එසේ වෙද්දී මෙවර නොරොච්චෝලේ බලාගාරය බිඳ වැටීමත් සමග ආණ්‌ඩුවට කරන්නට සිදු වූයේ කුමක්‌ද? රටේ විදුලි අර්බුදයක නිමිති පහල විය. සැබවින්ම පෙරනිමිති නොව විදුලි අර්බුදයක් ඇතිවිය. අවසානයේ ඊට මුහුණ දීම සඳහා නොරෙච්චෝලේ දෙස බලා චීන ඉංජිනේරු සමාගමේ සහාය ඉල්ලීමට ආණ්‌ඩුවට සිදු විය. එහෙත් මෙහිදී සැබෑවටම සිදුව ඇත්තේ චීන සමාගමේ සහාය පතන තැනට ආණ්‌ඩුව තල්ලු කිරීමක් බව ඉහත සිද්ධීන් දෙස බැලීමේදී පැහැදිලි වන්නේය.
කෙසේ වෙතත් දැන් චීන සමාගම පැමිණ නොරොච්චෝලේ හදා යළි විදුලිය නිපදවන තැනටද කටයුතු කර අවසන්ව ඇත. නමුත් මෙහිදීත් ඉතා සූක්‍ෂමව ක්‍රියාත්මක වී සිටින ඇතැම් විදුලි ඉංජිනේරු ත්‍රස්‌තයන් තවත් යටි අරමුණකට අනුව ඉදිරියේදී දිගින් දිගටම චීන සමාගමට නොරොච්චෝලේ නඩත්තු කටයුතු පවරා දී එහි මෙහෙයුම් කටයුතු තම අත තබා ගැනීමට සැරෙසෙන බවද අද විදුලිබල මණ්‌ඩලයේ සෝවකයෝම කියන්නාහ.
එම සේවකයන් වැඩිදුරටත් කියන පරිදි සහ අප මුලින්ම කී අන්දමින් නොරෙච්චෝලේ හරහා චීනයත් ආණ්‌ඩුවත් විරසක කිරිමේ කුමන්ත්‍රණයක් පවතින බවට වූ කතාව ඉස්‌මතු වන්නේද එතැනිනි. එම කතාව වූ කලී කුමක්‌ද?
නඩත්තු කටයුතු භාර ගත් චීන ඉංජිනේරු සමාගමට පින්සිදු වන්නට දැන් නොරොච්චෝලේ දුවන්නේය. නමුත් මේ මොහොතේත් එහි මෙහෙයුම් කටයුතු පවතින්නේ විදුලි ඉංජිනේරුවන් අතය. අපි නොබියව කියන්නෙමු. විෂයානුබද්ධ දැනුමැති යාන්ත්‍රික ඉංජිනේරුවෝ පසෙක සිටියදී විදුලි ඉංජිනේරුවෝ වැඩේ කරන්නාහ.
සියල්ල සිදු වෙමින් තිබෙන්නේ කණපිටටය. ලෝකයට අනුව නම් ගල් අඟුරු බලාගාරයක් පවත්වාගෙන යැමේ ප්‍රධාන කාර්යභාරය පැවරෙන්නේ යාන්ත්‍රික ඉංජිනේරුවන්ටය. එහිදී වැඩේ නිවැරදි වන්නට නම් රසායනික ඉංජිනේරු දැනුමද අවශ්‍යය. නමුත් ඒ කිසිත් නැත. චීන ඉංජිනේරුවන් නඩත්තු කරන්නේය. විදුලි ඉංජිනේරුවෝ නොරෙච්චෝලේ දුවවන්නාහ. ඉදින් මෙසේ "යකා නොදන්න කට්‌ටඬි තොවිලය නටද්දී" නොරොච්චෝලේ ආතුරයා නැවතත් ලෙඩවීමේ අවදානම බොහෝ ඉහළය.
මේ හමුවේ ඉදිරියේදී යළි නොරොච්චෝලේ ලෙඩ වුවහොත් එය නිසි ලෙස පවත්වාගෙන යැමට සඳහා තමන්ට මෙහෙයුම් කටයුතුත් භාර දෙන ලෙස චීන ඉංජිනේරු සමාගම රජයට කියනු ඒකාන්තය. එහිදී චීන සමාගමේ කීමට පිටුපෑමට ආණ්‌ඩුවටද නොහැකි වන්නේය.
ඒ අනුව චීන සමාගමට නොරොච්චෝලේ මෙහෙයුම් කටයුතුත් පවරන්නට රජය තීරණය කළහොත් එතෙක් තමන් අතවූ බලාගාරයේ මෙහෙයුම් ඒකාධිකාරය බිඳ වැටුණේ යෑයි කියන විදුලි ඉංජිනේරු ත්‍රස්‌තයන් දීර්ඝ කාලයක සිට විදුලිබල මණ්‌ඩලය තුළ ගොඩනගාගෙන සිටින අධිකාරි බලය පෙරට ගෙන "රටේ විදුලිය" යන්න ප්‍රාණ ඇපයේ තබා ඊනියා වෘත්තිය ක්‍රියාමාර්ගයක් වෙත යැමට බොහෝ දුරට ඉඩ ඇත.
මෙය ඊනියා වෘත්තිය ක්‍රියාමාර්ගයක් ලෙසින් අප හඳුන්වනුයේ හේතු ඇයි? නොරොච්චෝලේ නඩුත්තුවට චීන සමාගම කැඳවන තැනට ආණ්‌ඩුව තල්ලු කළේ විදුලි ඉංජිනේරු ත්‍රස්‌තවාදයය. අනතුරුව චීනයට නොරොච්චෝලේ දෙන තැනට ආණ්‌ඩුව ඇද දමමින් නොරොච්චෝලේ පවත්වාගෙන යැමේ කටයුතුවලට මුවා වී එය මුළුමනින්ම චීනයට පාවා දීමේ කුමන්ත්‍රණකාරී මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇත්තේද ඔවුන්මය. මෙහිදී චීන සමාගම සහ විදුලි ත්‍රස්‌තයන් අතර ඇතිවූ එකඟතාවක් මත මහා පරිමාණ රහස් ගනුදෙනුවක් සිදු වනවාද විය හැකිය.
එහෙත් එකී තත්ත්වය හමුවේ නොරොච්චෝලේ චීන සමාගමට දෙන තැනට ආණ්‌ඩුව තල්ලු වෙද්දී වෘත්තීය ක්‍රියාමාර්ග යන්න පෙරට දමා ආණ්‌ඩුවට එරෙහිව නැගී සිටින්නේද මෙකී පාවා දෙන්නෝම වන්නාහ. එහිදී "නොරොච්චෝලේ චීනයට වික්‌කා" යන දොaෂාභියෝගය ගෙන රජයට ඇඟලි දිගුකරන්නටද ත්‍රස්‌තයන් කටයුතු කරනු ඇත. එය විපක්‍ෂ දේශපාලනයේ ලොකු මාතෘකාවක්‌ද වනු ඇත. ඒ සමග නොරොච්චෝලේ පිළිබඳ ජනතා හඬක්‌ද මතුවන්නේය. බැලූ බැල්මට පෙනෙන්නට ඇති කරුණු හමුවේ එකී ජනතා හඬ සාධාරණ එකකි.
එහෙත් ආණ්‌ඩුවේ බලධරයනි, එසේ මතුවන ජනතා හඬ ආණ්‌ඩුවට එරෙහිව නැගෙන්නක් පමණක්‌මද? නැත. එය නොරොච්චෝලේ ඔස්‌සේ මතුවන චීන විරෝධී හඬක්‌ද වන්නේය. රට තුළ චීන විරෝධී හඬක් නැගෙන තැනට කටයුතු සිදුවීම චීනයත් අපත් අතර ඇති මිතුදම බිඳ වැටෙන හා රාජ්‍යතාන්ත්‍රික ගැටලු මතු කරන්නක් විය නොහැකිද?
පැහැදිලිවම සිදු වන්නේ ඒ ටිකය. මේ සමග තවත් දෙයක්‌ද සිදු වන්නේය. ඒ නොරොච්චෝලේ චීනයට දීම හමුවේ ලාභයට විදුලිය ලබා ගන්නට තනාගත් බලාගාරයක නියම ප්‍රතිලාභ රටට අහිමි වන අතරේ තවත් වටයකින් සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් අප ලෝකයට වැරදි පූර්වාදර්ශයක්‌ද ලබා දීමය. එය සිදු වෙමින් තිබෙන්නේ කෙසේද?
පසුගිය දිනවල අපේ විදුලි කෙරුමෝ ජපානයට ගොස් තවත් ගල් අඟරු බලාගාරයක් ඉදිකිරීමේ සාකච්ඡාවක් පැවත්වීය. එසේම සාම්පුර්හි ඉදි කෙරෙන බලාගාරයක් පිළිබඳවද මේ දිනවල කතා කෙරෙන්නේය. නමුත් අනාගතයේ දවසක ඉදි කෙරෙන මෙකී බලාගාරවලද යම් දොෂ ඇති වීමක් සිදු වුවහොත් ඒවායෙහි කටයුතුද ඒ ඒ රටවලට භාර දී නොරොච්චෝලේ මෙන් කටයුතු කරන්නට අපට සිදු වනු ඇත.
එසේ නම් අද දවසේ ක්‍රියාත්මක විදුලි ඉංජිනේරු ත්‍රස්‌තවාදය සහ නොරොච්චෝලේ හරහා මේ කියවෙමින් තිබෙන්නේ අනාගතයේ දවසක මෙරට බලශක්‌තියේ පාලනය විජාතිකකරණය වීමේ අවදානමක් මතුවී තිබෙන බව නොවේද?
සමන් ගමගේ
http://www.divaina.com/2014/03/02/feature19.html

0 comments:
Post a Comment