Pages

Monday, March 17, 2014

ඓතිහාසික ඔලගංගල ආරණ්‍ය සේනාසනය රැකගත යුතු පුද බිමක්‌

මහියංගන නගරයේ සිට බිබිල මාර්ගයේ කිලෝ මීටර් 17 ක්‌ පමණ දුරක්‌ ගොස්‌ එතැන් සිට තවත් කිලෝ මීටර් 2 ක්‌ අතුරු ගුරු පාරකින් ඓතිහාසික ඔලගංගල ආරණ්‍ය සේනාසනපුද බිමට ළඟාවිය හැකිය. එමෙන්ම මෙකී ස්‌ථානයට යා හැකි තවත් මාර්ගයක්‌ වන්නේ බදුල්ල සිට ආඳාඋල්පත මාර්ගයයි.

ඉතා මනරම් පරිසරයක පිහිටා ඇති මෙම ස්‌ථානයේ කටාරම් කොටා ඇති ගල්ලෙන් 6 ක්‌ද, ස්‌වාභාවික ගල්ලෙන් 2 ක්‌ ද සොයා ගැනීමට හැකිව තිබේ. මෙම ගල්ලෙන් වලට පිවිසීම සඳහා ස්‌වාභාවික ගල්තලාවේ කොටන ලද ගල්පඩි පේළියක්‌ද පෙර රජ දවසදී නිර්මාණය කර ඇත.

ඈත යුගයේ සිට මානවයාගේ වාසස්‌ථාන වූ ගල්ගුහා පසු කාලයේදී ආගමික පසුබිමක්‌ සමග ආරණ්‍ය සේනාසන භික්‍ෂූන් වහන්සේලාගේ වාසස්‌ථාන බවට පරිවර්තනය වී ඇත.


දුටුගැමුණු රජතුමා ඇතුළු යුද සේනාව මාගම්පුර සිට අනුරාධපුරය දක්‌වා යන අතරතුර අතර මග නැවතී සේනාව රැස්‌කළ ආරක්‍ෂිත බලකොටුවක්‌ දැයි අනුමාන කළ හැකි සාධක මෙම ස්‌ථානයේ තිබේ.


සමහර දිනවල මෙම ස්‌ථානය නැරඹීමට එන සංචාරකයන් නිතැතින්ම එහි ඇති කඳු ගැටය තරණය කරනු ලබයි. එම කඳු මුදුනට ගිය කල ඒ අවට ප්‍රදේශ ඉතා දර්ශනීය ආකාරයෙන් දකින්නට පිළිවන. තවද මහියංගන ස්‌ථූපයත්, සොරබොර වැවත් ඉමක්‌ නොපෙනෙන කුඹුරු යායත් ඈතින් දිස්‌වෙයි. දැන් මෙම ස්‌ථානයේ අධිපති පූජ්‍ය ශාස්‌ත්‍රපති පණ්‌ඩිත ආ¹උල්පත ධම්මජෝති හිමිපාණන් පරිපාලන කටයුතු ඉතා මැනවින් කරගෙන යති.

උන්වහන්සේගේ 30 ක්‌ පමණ වූ ශිෂ්‍ය සාමණේර භික්‍ෂූන් වහන්සේලා පිරිස පිරිවෙන් අධ්‍යාපනය හදාරමින් සිටිති. අවටින් පැමිණෙන ජනතාවගේ සහභාගීත්වයෙන් මේ වන විට අලුතින් සංඝාවාසයක්‌ද ඉදිකරමින් පවතී. කිරිබත්ගොඩ සේපාල ලියනගේ මහතා මෙම විහාරස්‌ථානය ගැන තොරතුරු අප වෙත ඒ පිළිබඳ අතර 071-6393375 වෙතින් ඔබට වැඩිදුර තොරතුරු දැනගත හැකිය.

http://www.divaina.com/2014/03/13/provin02.html

0 comments: