Pages

Wednesday, March 5, 2014

ඇමරිකාව ලිබියාවේදී, ඇෆ්ගනිස්ථානයේදී කල දේ අප යුක්රේනයේදී කරන්නේ නෑ – පුටින්

යුක්රේන ජනතාව සමග යුද්ධයකට යාමේ කිසිදු අපේක්ෂාවක් රුසියාවට නැතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ.

යුක්රේනයේ සිවිල් ජනතාව ආරක්ෂා කිරීම සඳහා මිලිටරි බලය යෙදවීමට රුසියානු ඉහළ මන්ත‍්‍රී මණ්ඩලය විසින් යෝජනා සම්මත කර ඇති නමුත් තවමත් එවැන්නකට අවශ්‍යතාවයක් නැති බව ඔහුගේ අදහසයි.  රැුඩිකල් සටන්කාමීන් ඉදිරියේ ජනතාව ආරක්ෂා කිරීම තම එකම අවශ්‍යතාවය බව පුටින් පවසා තිබේ.

මේ අතර ඇමරිකාව සහ බටහිර බලවතුන් විසින් පවසන පරිදි ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය වීමක් කිසිසේත් සිදු නොවන බවත් යුක්රේනය තුළ බලය යෙදවුවද නීති කඩවීමක් සිදු නොවන බවත් ඔහු පවසා ඇත.

රුසියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ඇමරිකාව ලිබියාව, ඇෆ්ගනිස්ථානය ආදී රටවල සිදුකළ මැදිහත්වීම මෙන් තමන්ගේ භූ දේශපාලනික අරමුණු සාධනය සඳහා  ඕනෑම දෙයක් කිරීම රුසියාවේ ක‍්‍රමය නොවන බවයි.

එවැනි තත්වයකදී සම්බාධක හෝ ජාත්‍යන්තර හුදකලා කිරීම් ආදිය එම පාර්ශවයන්ටද හානිකර බව පුටින් පවසා තිබේ.

මේ අතර ඔහු පවසා ඇත්තේ යානුකොවිච්ගේ පාලනයට එරෙහිව ජනතාව නැගිටීම නිවැරදි බවයි.  නමුත් බලය අත්පත් කරගත් ආකාරය යුක්රේනයේ හෝ අන්  ඕනෑම පැරණි සෝවියට් රටක සිදුනොවිය යුතු බව ඔහු පවසා තිබේ.

http://lankacnews.com/sinhala/foreign-news/111420/

Pic Source

0 comments: